Featured

සිංහලේට රැස්විම්වලට ඉඩ නෑ -මහ ඇමති පරල වෙයි

සිංහලේ ජාතික බලමුලුවට රැස්විම් පැවැත්විම සදහා පොදු ස්ථාන ලබානොදේන ලෙසට මෛත්‍රීගේ බත් බැලයෙකු වන මෛත්‍රී පිහිටෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බවට පත්වු ඉසුරු දේවප්‍රිය බස්නාහිර පළාතේ සියලුම පළාත් පාලන ආයතන වලට නියෝගයක් නිකුත් කර ඇති බව මේ වන විට අප විශේෂ වාර්තාකරුවන් තහවුරු කළා.

නිදහස් දිනය පාදක කරගනිමින් රටේම ජනතාවගේ සහභාගිත්වයෙන් මහරගම පොදු වෙළද භුමියේ විශේෂ දේශනයක් පැවැත්විමට සිංහලේ ජාතික බලමුලුව කටයුතු සුදානම් කර තිබු අතර අදාළ ස්ථානය වෙන්කර ගැනිම සදහා සිංහලේ ජාතික බලමුලුව විසින් ලිඛිතව මහරගම නාගර සභාවේන් ඉල්ලිමක් කර ඇති අතර දින කිහිපයක් තිස්සේ වෙන්කර දිමේ පොරොන්දුව මත සංවිධානයේ සාමාජිකයන් රස්තියාදු කල සභාවේ ලේකම්වරිය වන තරංගා ගම්ලත් මහත්මිය අවසානයේ දේශපාලන අධිකාරියෙන් එල්ල වන බලපෑම් හමුවේ සිංහලේ ජාතික බලමුලුවට පොදු ස්ථානය ලබාදිමට නොහැකි බව පවසා තිබේ.

පසුගියදා සිංහලේ සංවිධානය විවේචනය කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අදහස් පලකිරිමත් සමග LNW ඔත්තුකරුවන් නිරන්තර අවධියෙන් සිටි අතර පොදු ස්ථානයක් ඉල්ලා සිංහලේ ජාතික බලමුලුව විසින් කල ලිඛිත ඉල්ලිමද අත ඇතිව මහා ඇමතිවරයාගෙන් උපදෙස් පතන ආකාරය ඡායාරූප ගත කිරිමට අප
ඔත්තුකරුවන් සමත් වුනා.

මහරගම නගරයේ රැස්විම පැවැත්විමට මහා ඇමතිගේ උපදෙස් මත ඉඩ ලබා නොදිමට ලේකම්වරිය ගත් තින්දුව සම්බන්ධයෙන් මහරග නගර සභාවේ නිළධාරින් කණස්සල්ලට පත්ව ඇති අතර අදාල අදාළ පොදු ස්ථානය වෙන්කර දෙන ලෙස ඉල්ලා පසුගිය 27 වැනිදා නගර සභාවට ලැබුනු ලිපියේ පිටපතක්ද අප විශේෂ වාර්තාකරුට නගර සභාවෙන් ලැබි තිබේ.

LTTER

Top