Featured

“සිංහලේ” නිසා යුරෝපා තානාපති කාර්යාල වල “ලේ” සෙලවේ

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීඝ්‍ර ලෙස පහළ ගොස් “සිංහලේ” ඉස්මතුවීම ඉදිරි මැතිවරණවලදී රජයට විශාල අවාසියක් විය හැකි බව ශ්‍රී ලංකාවේ දේශපාලන, ආරක්ෂක තත්වය ඇතුළු විශේෂ කාරණා සම්බන්ධව විදේශ රටවල් කිහිපයක තානාපති කාර්යාල නිලධාරීන් රැස්වී පැවැත්ත්වු විශේෂ සාකච්ඡාවකදි අනාවරණය කර තිබේන බව අප විශේෂ වාර්තාකරු පවසයි.

වසර ගණනාවක් ලංකාවේ සුළු ජාතින් බලාපොරොත්තු තබාගෙන සිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වැනි සංවිධාන බිහිවිම හරහා සිතැඟි පරිදි ඉටුකර ගැනිමට නොහැකි විය හැකි බවට මුස්ලිම් හා ද්‍රවිධ පක්ෂ රැසක් යුරෝපා තානාපති කාර්යාල රැසකට ලිඛිතව තොරතුරුද ඇතුලත් කර යවා තිබේ.

ඒ අනුව අදාල යුරෝපා තානාපති කාර්යාල රැස්ව එම තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඔහුන් විසින් ගත් නිර්දේශ රැසක් ශ්‍රි ලංකා රජයට ඉදිරි දින කිහිපය තුලදි ඉදිරිපත් කිරිමටද නියමිතව තිබේ.

ඒ අනුව “සිංහලේ” සංවිධානය බිහිවිම නතර කර දැමිමට සහ එය විනාශ කිරිමට බෞද්ධ සංවිධාන සහ ඇතැම් කඩ්ප්පුලි දේශපාලකයන් මෙන්ම විවිධ චරිත ඉදිරිපත් විම පසුපස තානාපති කාර්යාල හරහා ජිවත් වන රාජ්‍ය නොවන සංවිධාන සිටින බව දැන් තහවුරු වි තිබේ.

Top