Featured

සිංහලේ හෙට හෝමාගමට-පෙලපාලිය මහරගමින්

ජාතියේ මුර දේවතාවන් අනතුරේ …නාමික නිදහසේ වහලුන් නොවී සැබෑ නිදහසක් වෙනුවෙන් සිංහලේ පෙලගැසෙමු යන තේමාව මුල් කරගනිමින් සිංහලේ ජාතික බලමුලුව දැවැන්ත පෙලපාලියක් සහ රැස්විමක් හෙට සවස 3.00ට හෝමාගමදි පැවැත්විමට සියලු කටයුතු සුදානම් කර තිබේන බව එම සංවිධානයේ නියෝජිතයෙකු සදහන් කළා.

සිංහලේ ජාතික බලමුලුවේ රථ පෙලපාලිය සවස 2.00ට මහරගම නගරයෙන් ආරම්භ කිරිමටද කටයුතු යොදා ගෙන තිබේ. කවර බාධක මධ්‍යයේ වුවද රට වෙනුවෙන් ඉදිරියට තැබු පය ආපසු පසුපසට නොගන්නා බවද එම සමාජිකයා අවධාරණය කළා.

අදාළ රැස්විම මහරගම නගරයේ පැවැත්විමට කලින් කටයුතු යොදා තිබු අතර යහපාලන බත්බැලයෙකු වන බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රියගේ පදයට නටන සභාවේ ලේකම්වරිය වන තරංගා ගම්ලත් මහත්මිය කටයුතු කල අතර පසුව අදාළ රැස්විම හෝමාගම දි පැවැත්විමට කටයුතු යොදා තිබේ.

SINHA

Top