Featured

සිංහල බෞද්ධයන්ට කෙලවන්න හදන කුමන්ත්‍රණ මෙන්න-ආරක්ෂක අංශත් මහින්ද,ගොඨා ඉල්ලයි(Video)

සිංහල බෞද්ධයන් පරිස්සමින් -යලිත් අන්තවාදි “නයා” හිස ඔසවයි යනුවෙන් අද උදැසන අප කල අනාවරණයෙන් පසුව පකිස්ථාන ශ්‍රී ලංකා තරගය නැරබිමට ගිය ලාංකිය තරුණයෙකු ඊයේ සිද්ධියට අදාළව විඩියෝ පටයක් අප වෙත එවා තිබේ.

ආර්.ප්‍රේමදාස පිටියේ ඊ‍යේ පැවති ශ්‍රී ලංකාව හා පාකිස්තාන තරගය අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රේක්ෂක පිරිසක් පාකිස්තාන කණ්ඩායම ‍වෙත සහය දැක්වීයැයි පවසමින් පාකිස්තාන කණ්ඩායමට සහය දැක්වු ශ්‍රි ලාංකික මුස්ලිම් තරුණයන් ඇතුලු කණ්ඩායමකට පහරදිම පසුපසු අන්තවාදි බොදුබල සේනා සහ මේ දිනවල අනාතව සිටින මුස්ලිම් අන්තවාදි නායකයෙකු සිටින බවට  LNW  ඔත්තුකරුවන් අද අනාවරණය කළා.මෙම පොලිස් නිළධාරින් සියලු දෙනා එක හඩින් අවධාරණය කලේ රටට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා වැනි කොන්දක් සහිත නායකයෙකු බවයි.

යහපාලනය රට බෙදුම්වාදීන්ගේ ගොදුරක් බවට පත්කර තිබේන බව රටේ ආරක්ෂක අංශ පවා කණගාටුවෙන් යුතුව විදිමින් සිටින බව මේ විඩියෝ පටය හරහා අවධාරණය වේ. මේ අතර සිංහල බෞද්ධ පදනම කඩා බිඳදැමිම සදහා නිරන්තර අවදියෙන් සිටින බෙදුම්වාදී කණ්ඩායම් මේ පසුපස සිට කරන කුමන්ත්‍රණය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

සිංහල බෞද්ධයන් ලෙස පෙනී සිටින සංවිධාන දැන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම මැතිවරණයේ අන්තවාදි මුස්ලිම් කණ්ඩායම් සමග එක්ව සුක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට මේ වනවිට තොරතුරු අනාවරණය වි තිබේ මේ ඒ සම්බන්ධයෙන් විමල් විරවංශ කළ හෙළිදරවු කල අයුරු .

මෙ අතර බෙදුම්වාදී ජාත්‍යන්තර සංවිධානයක් රටේ ඉහලම තනතුරු දරණ සිංහල බෞද්ධ ස්වාමින් වහන්සෙලා විවිධ උපක්‍රම හරහා සිය අණසකට යටත් කරගනිමින් සිටින බවටද තොරතුරු අනාවරණය වි තිබේ. අපි ඒ ගැන කතා කිරිමට කලබල විය යුතු නැත  නමුත් එක දෙයක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමුකිරිමට කැමැත්තේමි.

රනිල් මුහුණ දෙන අභියෝග පහක් යනුවෙන් බීබීසී වාර්තාකරු අසාම් අමීන් තබා ඇති සටහනක කොටසක් කෙරෙහි ඔබගේ අවධානය යොමුකල යුතුය.(සැ:යු- රතු පැහැති කොටස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන්න) 

බහුතර සිංහල බෞද්ධ බලවේගය

බහුතර සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබුණේ විශේෂ හැකියාවකි.
නමුත් බහුතර සිංහල ජනතාව සහ රනිල් වික්‍රමසිංහ සමග පවතින සම්බන්ධතාව මහින්ද රාජපක්ෂට සාපේක්ෂව අඩුය.

සුළු ජාතික පක්ෂ බහුතරයක් රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම නිසා විපක්ෂය සිංහල බහුතර බලවේගය වෙනම ආමන්ත්‍රණය කිරීමට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ මහානායක හිමිවරුන් හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය ගැන ඉලක්ක කර ගනිමින් කළ ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට යම් වාසිදායක තත්වයක් ද ඇති කළ හැකියි.

 

Top