Featured

සිංහල බෞද්ධ ඡන්ද වලින් මහින්ද දිනනවා-ජාත්‍යන්තර මැතිවරණ විශ්ලේෂකයන්

මිළග මහා මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය බහුතර සිංහල බෞද්ධ ඡන්ද හරහා තහවුරු වන බව ජාත්‍යන්තර මැතිවරණ විශ්ලේෂකයන් අනාවරණය කර තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.

බහුතර සිංහල බෞද්ධ ජනතාව ආකර්ෂණය කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශේෂ හැකියාක් පවතින බවත් පසුගිය ජනවාරි 8 වැනිදා උතුරේ බෙදුම්වාදීන් ලෙස හදුන්වන කණ්ඩායම් වල ඡන්දයෙන් නව ජනපති සහ අගමැති පත්විමත් ඔහුන්ට සිංහල බෞද්ධ ආකර්ෂණය අහිමි විම මෙම මැතිවරණයේ  ආණ්ඩුව කරන කණ්ඩායම්වලට ඇති බරපතල අවාසිදායක තත්ත්වයක් බවද ඔහුන් පෙන්වා දි තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතැම් අන්තවාදී බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂ සමග සිටින බවට එවකට විපක්ෂය ලෙස කටයුතු කල වත්මන් ආණ්ඩුවේ කණ්ඩායම් ගත් උත්සහයන් ජනාධිපතිවරණයේදි සාර්ථක වුවද ඉන්පසුව සිදුවු දේශපාලන විපර්යාසයන් හා හැසිරිම් අනුව එය සමාජගත කිරිමට අසමත් විමද වත්මන් ආණ්ඩුවට ඇති විශාලම අවාසි දායක තත්ත්වයක් බවද ඔහුන් අවධාරණය කර තිබේ.

Top