Breaking
24 Feb 2025, Mon

සිංහල මාධ්‍යය ගුරුවරුන්ගේ පුටු මත අසූචි හා මුත්‍රා දමන හමීඞ් අල් හුසේනියා විදුහල්පති පන්නමු

කොළඹ 12 හමීඩ් අල් හුසේන් පිරිමි විද්‍යාලයේ විදුහල්පති පාසල තුල විවිධ කණ්ඩයම් ලවා ISIS අන්තවාදී මතවාද පතුරුවා හැරිමට කටයුතු කරමින් සිටින බව පාසලේ සිංහල, මුස්ලිම් දරුවනේගේ හා ගුරුවරුන් සාක්ෂි සහිතව අනාවරණය කලද යහපාලන මෛත්‍රී බත් බැලයා වන එළ (ඉස්සර )පවුසි ,කැලෑ පාලුවා වන  බදියුදීන් යටත් ගනන්කරකම් පෙන්වමින් පොලීසිය අධ්‍යාපණ අමාත්යංශය පාසැල සමිතිය නිහඩ කර තම කටයුතු දිගටම සිදුකරමින් සිටින අතර  මේ පිලිබදව කතාකළ ගුරුවරු ද පසුගියදා පාසලෙන්  මාරුකරනු ලැබ තිබේන බව වාර්තා වේ.

හමීඞ් අල් හුසේනියා විදුහල යනු මැද කොළඹ තිබෙන සිංහල සහ ද්‍රවිඩ මාධ්‍යයන්හි සිසුන් අධ්‍යාපනය ලබන මුස්ලිම් බාලක පාසලකි. මෙම පාසල තුල සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ ක‍්‍රිස්තියානි යන සියළු ජාතීන් නියෝජනය කරමින් ඉතා දක්‍ෂ ගුරු මණ්ඩලයක් නියෝජනය කරති. මෙම පාසලට අවුරුදු 131 ක් වේ. මෙතෙක් මෙම පාසල තුල සියලූ ගුරුවරුන් සහජීවනයෙන් කටයුතු කර ඇත. නමුත් මෑතක සිට පාසල තුළ අන්තවාදය පැතිරවීමට අක්කරෙයිපත්තු සිට පැමිණි එන්.ටී. නසුමුදීන් නැමැති නව විදුහල්පති ක‍්‍රියා කළ ඇත. මොහු මධ්‍යම පළාතේ පාසලක සේවය කරමින් සිටින කාලයේ එම පාසලේ සිසුන් සමලිංගික කටයුතු වලට පෙළඹවීමට ගොස් ඔහුව එම ප‍්‍රදේශයෙන් පන්නා දමා ඇත. වැරදි කළ මොහුට හිමි වූ තැන අධ්‍යාපන අමාත්‍යාංශයයි. මොහුට රාජ්‍ය පරිපාලන සේවයේ උසස් වීමක් ලබා ගැනීමට පාසලක විදුහල්පති ලෙස සේවය කළ අත්දැකීම් අවශ්‍ය විය. එම නිසා මොහු මෙම පාසලේ විදුහල්පති ලෙස පත් වී ඇත.

මොහුගේ අරමුණ පාසල දියුණු කිරීමවත්, ළමුන්ගේ අධ්‍යාපන ප‍්‍රගතියක් ඇති කිරීමවත් නොව ඔහුගේ උසස්වීම ලබා ගැනීමයි. එන්.ටී. නස්මුදීන් ට පාසලක පරිපාලනය පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති බව ඔහුගේ මෝඩ ක‍්‍රියාවලින් පෙනී යයි. මොහු විදුහල්පති වූ දා සිට වේල්ල වීදිය (Dam Street) පොලීසියේ මෙම පාසලේ නමින් පැමිණිලි රාශියක් ඇත. මෙහි සත්‍ය අසත්‍යතාවය වේල්ලවීදිය පොලීසියෙන් දැනගත හැකිය. පාසල තුළ මොහුගේ පැවැත්ම තහවුරු කර ගැනීමට පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුට ඔහු විශේෂ වරප‍්‍රසාද ලබා දී ඇත. එනම්, ඔවුන් ඉගැන්වීම් කටයුතු වලින් නිදහස් කොට අනෙකුත් ගුරුවරුන්ට අණ කිරීම ඔවුන්ගේ රාජකාරියයි. මෙසේ දවසට කිසිඳු ඉගැන්වීමක් නොකර මොවුන් වැටුපක් ලබා ගනී. මෙය රාජ්‍ය මුදල් නාස්තියක් නොවේද ?

උදාහරණ

(1)කන්නන්ගර ගුරුමහත්මිය නිතරම විදුහල්පති කාර්්‍යාලයේ සහ විදුහල්පති නිල නිවසේ නිදාගෙන සිට පිංපඩි ලබා ගනී. මැය වැටුප් ලබා ගන්නේ විදුහල්පතිගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර දෙමිනි.

(2)එස්. ජනගන් නම් ගුරුවරයා නීති විද්‍යාලයේ සිසුවකු වනු බැවින් මොහුද පාසල් රාජකාරී කටයුතු වලින් නිදහස් කොට ඇත. මොහුට පාසල් කාලය තුල ඔහුගේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩ සලසා දිය යුතු බව විදුහල්පතිගේ නියෝගයකි. අධ්‍යාපන කටයුතු වල නිරත වන ගුරුවරුන්ට මෙසේ පාසල් කාලය තුළ නිකන් සිට පිංපඩි ලබා දීමට පෙන්වා දී තිබෙන්නේ කුමන චක‍්‍රලේඛනයෙන් ද ? බියවී හදිසියේම එස්. ජනගන් ගුරු මහතාට ගුරු ස්ථාන මාරුවූ ගුරුවරියකගේ කාල සටහනක් ලබා දී අධ්‍යාපන අමාත්‍යාංශය රැවටීමට ක‍්‍රියා මාර්ග ගෙන ඇත.

(3)ප‍්‍රාථමික අංශයේ නිසායා කරීම් සහ නූර්ජාන් යන ගුරු මහත්මියන් ද පාසල තුළ විදුහල්පතිට සේවය කර පිංපඩි ලබා ගනී. (විදුහල්පතිගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කිරීම)

මෙසේ පිංපඩි ලබා ගන්නා බෙහොමයක් ගුරුවරුන් සිටින්නේ පාසල් කළමනාකරණ මණ්ඩලයේය (School Management Team) . විදුහල්පති ඔහුගේ වාසියට සාදාගත් මෙම පාසල් කළමනාකරණ මණ්ඩලය නිසා පාසල තුළ නිතරම ගැටළු මතුවේ. පාසලේ සිංහල මාධ්‍යයේ සේවය කරන මුස්ලිම් තරුණ ගුරුවරියකටද විදුහල්පති නිතරම හිංසා කරනු දක්නට ලැබේ. මෙම ගුරුවරිය බෞද්ධ පාසලක උගත් නිසාද නැත්නම් සිංහල ගුරුවරියන් සමඟ නිතර සිටීම නිසාද එන්.ටී. නසුමුදීන් නැමැති මෙම විදුහල්පති තරුණ මුස්ලිම් ගුරුවරියට ඉතා පහත් ලෙස සලකණු ලබන්නේ. විදුහල්පති නියම මුස්ලිම් ජාතිකයෙකු නම් කාන්තාවන්ට ගරු කිරීමට දැන සිටිය යුතුය. පාසල තුළ තරුණ මුසලිම් ගුරුවරියකටම ආරක්‍ෂාවක් නොමැති නම් සිංහල ගුරුවරියන්ගේ ආරක්‍ෂාව ගැන කුමන කතා ද? එම ගුරුවරිය පාසලට පැමිණ අවුරුදු 3 ක් ගත වීමට පෙරම විදුහල්පති විසින් එම ගුරුවරියට ස්ථාන මාරුවක් ලබා දී ඇත. පාසල තුල අවුරුදු 10කට වඩා සේවය කරන ගුරුවරුන් සිටියදී මෙම ගුරුවරියට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ කෙසේද? මෙහි සාධාරණත්වයක් තිබේද ? එම් ස්ථාන මාරුවේ යටි අරමුණ කුමක් ද? එම ගුරුවරිය සිංහල මාධ්‍ය ගුරුවරියන් සමඟ සිටීමද මෙයට හේතුව.

2016 පෙබරවාරි 02 දින පාසල තුල සිදුවී ඇති මෙම ක‍්‍රියාවද විදුහල්පති එන්.ටී. නස්මුදීන් සහ කන්නන්ගරු ගුරුමහත්මියගේ ඉතා පහත් ක‍්‍රියාවකි. ඔවුන්ගේ සත්‍ය තොරතුරු සමාජයට වාර්ථා කළ නිසා ඔවුන් පාසලේ ගුරු විවේකාගාරය තුළ ඉටි කොළයක් (ලන් ෂීට්) දමා එහි අසූචි ගොඩක් දමා තිබුණි. මෙයද දමා තිබුණේ සිංහල මාධ්‍යය ගුරුවරුන්ගේ මේසය අසලය. එසේම සිංහල මාධ්‍ය ගුරුවරියන්ගේ පුටුවල මුත‍්‍රා ද දමා තිබුණි. මෙම ක‍්‍රියා වලින් පැහැදිලි වන්නේ විදුහල්පතිගේ සහ ඔහුගේ චක් ගෝලයන්ගේ පහත් මානසික මට්ටමය. එදින පාසල තුළ සිටියේ විදුහල්පති පමණක්ය. පාසලේ යතුරු ද තිබෙන්නේ ඔහු ළඟය. මෙසේ දිගින් දිගටම පාසල තුළ මෙවැනි ක‍්‍රියා සිදුවෙද්දී පාසල තුළ ගුරු මණ්ඩලයේ සහ සිසුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ගැටළුවක් මතුවේ. පාසලේ ගුරුවරයන්ට ඉතා පහත් ලෙස විදුහල්පති කතා කරනු ලබන්නේ පාසලේ සිසුන් ද ඉදිරිපිටය. පාසලේ සිංහල මාධ්‍ය ගුරුවරුන්ට පමණක් නොව සිංහල මාධ්‍යයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ද සලකනු ලබන්නේ ඉතා පහත් ලෙසය. පාසලේ ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරුන්ට විශේෂ සැලකිලි ලබා දීමට හේතුව කුමක් ද? සිංහල මාධ්‍යයයේ ගුරුවරුන්ට පමණක් මෙසේ නින්දිත ලෙස සැලකීමෙන් විදුහල්පතිගේ අන්තවාදී ක‍්‍රියා කලාපය පැහැදිලි වේ. විදුහල්පතිගේ මේ සියළු කි‍්‍රයා වලින් පැහැදිලි වන්නේ ඔහු අන්තවාදියෙකු සහ මානසික රෝගියෙකු ලෙසය. මොහුට එල්ල වී ඇති චෝදනා අසත්‍ය බව ප‍්‍රකාශ කිරීමට ලිපියක් සකස් කර මෙයට සියළු ගුරුවරුන්ගේ අත්සන් බලහත්කාරයෙන් ලබා ගැනීමට මොහු ක‍්‍රියාකරයි. මොහු නිවැරදි පුද්ගලයෙකු නම් ගුරුවරු සහ ගුරුවරියන්ගේ චරිත සහතික කුමටද?

අප කලින් කල අනාවරණය –හමීඩ් අල් හුසේන් විදුහල්පති ISIS මෙහෙයුමක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.