Featured

‘‘සිංහ ලේ ’’ට අධිකරණයෙන් වාරණයක්

‘‘සිංහ ලේ ’’ ජාතික බලමුළුව සංවිධාන කරන විරෝධතා රිය පෙලපාලියකට සහ රැස්වීමකට එරෙහිව පොලිසිය වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.බණ්ඩාරවෙල සිට බදුල්ලට රථ පෙලපාලියකින් පැමිණ අද (07) පස්වරුවේ මුතියංගණ රජමහා විහාරස්ථානයේ රැස්වීමක් පැවැත්වීමට ‘‘සිංහ ලේ ’’ ජාතික බලමුළුව සූදානම් වන බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති බවත් ඒ අනුව පොලිසියේ ඉල්ලිම මත මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ බදුල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.එම්.පී.සී රත්නායක මහතා විසින්.

බණ්ඩාරවෙල සිට බදුල්ලට රථ පෙලපාලියකින් පැමිණ අද (07) පස්වරුවේ මුතියංගණ රජමහා විහාරස්ථානයේ රැස්වීමක් පැවැත්වීමට ‘‘සිංහ ලේ ’’ ජාතික බලමුළුව වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබුනු අතර එය ‘‘සිංහ ලේ ’’ ජාතික බලමුළුවේ බුද්ධි අංශයේ තිරණයකට අනුව දින නියමයක් නොමැතිව කල් දමනු ලැබුවා.

කෙසේවෙතත් ඉදිරි දිනකදි අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ‘‘සිංහ ලේ ’’ ජාතික බලමුළුවේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

Top