Featured

“සිංහ ලේ “තහනමකට මෛත්‍රී සුදානම්! කාදිනල්ටත් සිංහලේ ඇලජික්!

“සිංහ ලේ ” සංවිධානයේ අයිතිය සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය කර ඉදිරි දින කිහිපය තුල එම සංවිධානය ඇතුලු තවත් ආණ්ඩු විරෝධී සංවිධාන කිහිපයක් තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුදානමින් සිටින බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. ඇතැම් අන්තවාදී පක්ෂ නායකයන් මෙම ව්‍යාපාරයට භියවි සිටින බවත් ඔහුන් මෙම සංවිධානය තහනම් කිරිමට කටයුතු කරන ලෙසට බලපෑම් එල්ල කරමින් සිටින බවද අනාවරණය වි  තිබේ.

පසුගිය සතියේ මුස්ලිම් නිවෙස් කීපයක තාප්පවල “සිංහලේ” යනුවෙන් තින්ත භාවිතා කරමින් ලිවිමට කටයුතු කිරිමත් “සිංහලේ” සංවිධානය තහනම් කිරිමට කටයුතු කරන මුස්ලිම් සහ දෙමල දේශපාලන පක්ෂ අගමැතිවරයා සහ ජනාධිපතිවරයාට බලපෑම් කල අතර පසුව වර්තමානයේ ඇතිවී තිබෙන සිංහලේ රැල්ල පිටුපස සිටින පුද්ගලයන් හදුනාගෙන තමා වෙත වාර්තාකරණ මෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරු කිහිපදෙනෙකුට බාරදී තිබුනා.

මේ අතර “සිංහ ලේ” සංවිධානයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක් ඇති කිරිම සදහා පසුගියදා ‘සිංහ ලේ’ නාමයේ හිමිකරුවන් නිර්මාණය කරමින් කතා කල සෞඛ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ වරප්‍රසාද ලබාදෙමින් කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

චාමර නැමත්තෙකු පසුගියදා රාජිතගේ කොළඹ නිවසට ගෙන්වාගෙන ඇති අතර ඔහුට අමාත්‍යංශයේ සම්බන්ධීකරණ තනතුරක් ලබාදිමට එකඟතාව මත ‘සිංහ ලේ’ නාමයේ හිමිකරුවා තමන් බවට පවසමින් ඉදිරි දිනකදි මාධ්‍ය හමුවක් කැදවිමටත් පසුව තමන්ගේ අයිතිය ඉල්ලා නඩුවක් පැවරිමත් කටයුතු යොදවා තිබේන බවද අනාවරණය වී තිබේ.

මේ අතර අද උත්සවයකට සහභාගි වෙමින් අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන්ද සිංහලේ සංවිධානය තහනම් කර යුතු බව පවසා සිටියා.

RAJITHA_LE

සිංහලේ අයිතිකරුවා තමන් බව කියන්නට සුදානම් වන රාජිතගේ ගෝලයා

Top