Breaking
24 Feb 2025, Mon

සිරගෙවල් දහසක දැම්මත් මේ රටේ ජනතාව වෙනුවෙන් එක්වූ මෙම එකමුතුව බිඳ දැමීමට කාටවත් බෑ

“මට ඇහෙනවා නාළිකාවක කියනවා තාම මහින්ද රාජපක්ෂ මහත්තයා කිරුලපන රැලියට තාම ඇවිත් නෑ කියලා මට කෝල් එනවා තාම නිදිද යන්නේ නැද්ද යන්න යන්න දැන්ම යන්න කියනවා. මෙහෙ අය නෙවෙයි. දුර පළාත්වල අය. ඉතින් මම දඩිබිඩි ගාලා ආවා. අපේ මන්ත්‍රීවරුන් කියනවා මට මුලින් කතාකරන්නලු. මම කිව්වා අන්තිමට කතා කරනවා කියලා. එපා මට කතාකරන්නලු. මම කිව්වා හැමෝම කතා කරලා ඉවර වෙනකම් මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ කියලා.

මේ දවස්වල ශ්‍රීලනිප නියෝජනය කරමින් තමයි මම මේ වේදිකාවට ආවේ. හැමෝම එක එක පක්ෂ නියෝජනය කරනවනේ. වෘත්තීය සමිති. මම ශ්‍රීලනිප කණ්ඩායම වෙනුවෙන් ආවේ. අපේ රැස්වීමක් ගාල්ලෙත් තියෙනවා. නෑ නෑ ඒ ගිය අය මට සමහරු කිව්වා අපි සර් එතනට ගිහින් එන්නම් කියලා. එහේ වැහැලා හේදිලා ගිය නිසා අපි හදලා දුන්නු හයිවේ එකෙන් විනාඩි 55න් මෙතන. මෙතන ඉඳන් තමයි එන්න බැරිවෙන්නේ. මමත් මේ අස්සකින් දාලා ආවේ. කොහෙන් ආවද කියලා මමවත් දන්නේ නෑ. මේ අය මග එනවා. ඒකයි මම කිව්වේ ඒකත් අපේ කියලා.

අපිට ඉන්නවා ප්‍රධාන හතුරෙක්. මේ ආණ්ඩුව. එජාපය හැදුව බණ්ඩාරනායක මහත්තයා එජාපයෙන් අස්වුණේ කෙනෙහිලිකම් නිසා එතුමාට විතරක් නෙවෙයි ගොවි කම්කරු සඟ වෙද ගුරු අයට කළ කෙනෙහිලිකම් නිසා. අද මම දුක්වෙන්නේ එදා එජාපයේ කෙනෙහිලිකම්වලින් ඇවිත් හදාගත් නිදහස් පක්ෂය අද අලියට තුරුල් වෙච්ච එක ගැනයි. මේක මොන ජාතික ආණ්ඩුවක් ද? පක්ෂ දෙකක් එකතු වීමක්. උදව් කරන අය ඉන්නවා විපක්ෂයේ වාඩිවෙලා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ අය මේ ආණ්ඩුවට එකතු වෙලා නෑ. හැබැයි ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. රනිල් මහත්තයා කියලා තියෙනවා මට නඩු දානවා කියලා. එයා මට නඩු දානවලු යුද්ධය හරියට කරලා නෑ කියලා. මම යුද්ධයක් නෙවෙයි කළේ. ත්‍රස්තවාදය පරාජය කරලා රට නිදහස් කරපු එකයි. බෙදුණු රටක් කැඩුණු රටක් අපි එක්සේසත් කළා. ඒක ආපහු කඩන්න තමුන්නාන්සේලා ඉඩදෙනවාද කියන එක තීරණය කරන්න. අද කැබිනට්ටුව පොඩියිනේ. ඒ නිසා ඒ අය නඩත්තු කරන්නත් වෙලා තියෙන්නේ හෙට ඉඳලා ජනතාවට. කවදාවත් නැතුව හෙට ඉඳලා වැට් බද්දක් එනවා. විදුලි, අධ්‍යාපන, සෞඛ්‍ය ක්ෂේත්‍රවලට රට ගොඩනැගීමේ ටැක්ස් එක වැදෙනවා. 2016 ගෙනාවේ අයවැයක් නෙවෙයි ණයවැයක්. ඒ අයවයෙන් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 295ක් හැටියට පැවතෙනවා. එතකොට ලංකාව බොන කිරිපිටි ටොන් එකක මිල රුපියල් හත්ලක්ෂ තිස්හත්දහස් පන්සියයි. නමුත් ලෝක වෙළෙඳපොළේ කිරිපිටි ටොන් එකක මිල රුපියල් දෙලක්ෂ අනූදාහයි. කොහොමද ගැහිල්ල. ඒ සල්ලි කාටද යන්නේ. එක පැත්තකින් කොම්පැනිකාරයාට. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට. මගේ කැබිනට්ටුව ලොකුයිනේ. දැන් හරි පොඩියිනේ. නඩත්තු කරන්න. නඩත්තු කරන්න. කොල්ලන්ට කෙල්ලන්ට වයිෆයි දෙනවා කියලා දැන් රුපියල් 100ක් ගෙවලා රිලෝඞ් එකක් ගත්තම කතාකරන්න වෙන්නේ රුපියල් 53කයි. අනේ මල්ලියේ, කොල්ලනේ, කෙල්ලනේ… උඹලා ආදරේ කරලත් ඉවරයි. ඒක හොඳද?

ඒ වගේ තමයි අනික් දේවලුත්. අධ්‍යාපනය, ටියුෂන් ඔය හැමදේම එකවගෙයි. ඒ විතරක් නෙවෙයි, මගේ යාළුවෙක් කියලා තියෙනවා අසනීපයක් තියෙනවා පොඩි ඔපරේෂන් එකක් කරගන්න තියෙනවා කියලා. ඒ යාළුවට කිව්වලු මැයි 02 වැනිදාට කලින් කරගන්න කියලා. ඒ එදායින් පස්සේ ගාන ඩබල් වෙන හින්දා කියලා කිව්වලු. ඉදිරියේ දී ඉස්පිරිතාලෙකට ගියාම මේ හැමදේකින් බේරෙන්න වෙනවා. ඉදිරියේ ලයිට් බිල වැඩිවෙනවා.

තමුන්නාන්සේලා තෙමෙනවා නම් මමත් තෙමෙනවා. මට ගොඩත් එකයි මඩත් එකයි. සිල්ලර කඬේ කෑමත් වැඩියි. සිල්ලර කඬේ තියෙන ඔක්කොමත් වැඩිවෙනවා. මම බලයේ හිටියා අවුරුදු 10ක්. මම විදේශ ණය අරන් තියෙන්නේ ඩොලර් බිලියන 12යි. ඒකෙන් මිලියන 4කට වැඩිය 2009 වෙද්දී යුද්ධෙට වියදම් කළා. අනෙක් බිලියන 8න් තමයි. අද ඇහැට පේන රටේ සංවර්ධනය කළේ. එතකොට මට යුද්දේ දිනන්නයි, රට සංවර්ධනය කරන්නයි, මත්තල ගුවන්තොටුපළ, දැන් වී ගබඩාව ඒ ඔක්කෝටම ගියේ 12යි. තමුන්නාන්සේලාගේ ගමේ කොන්ක්‍රීට් පාර, ඉස්පිරිතාලේ, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ හැමදේම සංවර්ධනය කරන්න, පහසුකම් දෙන්න තමයි ඒ මුදල් වියදම් කළේ. යුද්ධෙ දිනන්න, රට සංවර්ධනය කරන්න අනෙකුත් හැමදේටමත් මට ගියේ බිලියන 12යි. මේ ආණ්ඩුව අද වෙනකොට බිලියන 7.4ක ණය අරන්. එදා හයිඞ්පාක් රැලිය මතක ද? එදා වෙද්දී අරගෙන තිබුණේ ඩොලර් මිලියන 6361ක් විතරයි. මේ සති කීපයට බිලියනයක් වැඩිවෙලා. එහෙම වුණේ කොහොමද? අපි ඉන්නකොට තෙල් මිල වැඩියි. අද අඩුයි. අද වැට් ගහන්නෙ බොරුවට. ලස්සනම දේ.. ශ්‍රීලන්කන් එකත් දැන් හවුලක්. කෝටි 900ක් 2014දී. 2015 දී කෝටි 3360යි. එතකොට මේ එජාප ආණ්ඩුව තමයි ණය අරගෙන තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ කරන්නේ අමු බොරුවක්. මේක තමයි ඇත්ත. මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මේවා නොකියත් බෑ. දැන් මම දන්නවා. මේ සෙනග දැක්කට පස්සේ මේ හිතවතුන්ට නඩු වැටෙනවා. නාමල්වත් ගන්න හදනවා. අපේ බැසිල්වත් ගාවගෙන තියෙන්නේ. දැන් ගෝඨාවත් ගාගෙන එයාවත් ගන්න හදනවා. ලෑස්තිවෙන්න. කට්ටියත් එක්කම යන්න පුළුවන්. හැබැයි මම තමුන්නාන්සේලාට කියනවා හිරගෙවල් දාහක දැම්මත් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ එකමුතුව කඩන්න දෙන්නේ නෑ. අද බොරු ප්‍රචාර කරනවා එජාපය එක්ක ඩීල් දානව කියලා. උන් එක්ක ඩීල් දානවද අපි. අවුරුදු හතළිස් ගාණක් එජාප විරෝධී ගොඬේ හිටිය මම එජාපයත් එක්ක ඩීල් ගහයිද? කවුරු කිව්වත් අපි ඩීල් ගහන්න සූදානම් නෑ. මේ සන්ධානය කඩන්න සූදානම් වුණේ නෑ. මේ ආණ්ඩුවට විරුද්ධව කරන ව්‍යාපාරය අපි දිගටම කරගෙන යනවා. අපි නතර වෙන්නේ නෑ. ජනතාවගේ අවශ්‍යතාව කොතනද? මේ රටේ ජනතාව කොතනද? මහින්ද රාජපක්ෂ ඇතුළු අපි හැමෝම එතන ඉන්නවා. සියලු වැඩකරන ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා. ඔබ සියලු දෙනාටම ජයවේවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.