Breaking
24 Feb 2025, Mon

සිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අතහරින්නේ නෑ

ඒකාබද්ධ විපක්‍ෂයේ නම ඇසෙන විටත් වෙව්ලූම්කන යහපාලන ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සිරගත කර මතු වෙමින් පවතින ජනතා විරෝධය යටපත් කිරීම ස`දහා කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ සිර ගෙවල් දහසක දැම්මද යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අත් නොහරින බවයි.

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී ඊයේ (21) එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ස්පර් සංවිධානයේ ක‍්‍රියාකාරීන් අමතමින් රණතුංග මහතා මේ බව ස`දහන් කලේය. ආණ්ඩුව කිසි`දු විළි ලැජ්ජාවකින් තොරව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු දිනා දුන් නිදහස පාවා දෙමින් සිටින බවත්, ජාතික ආරක්‍ෂාව බිංදුවට වට්ටවා රට අණතුරේ හෙලා ඇති බවත්, මන්ත‍්‍රී වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ස මහතා සමග ජපානයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව රණතුංග මහතා පෙරේදා (20) ඕස්ටේ‍්‍රලියාවට ගියේය. ඒ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරාධනාවකට අනුවය. එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් වර්ථමාන දේශපාලන තත්වය පිළිබදව දැණුවත් කිරීම සංචාරයේ අරමුණයි.

සිඞ්නි නුවර ස්පර් ප‍්‍රධාන කාර්යාලයේ පැවති රැුස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

“මේ ආණ්ඩුව බලයට පත් උනේ බොරුවෙන් සහ ප්‍රෝඩාවෙන් යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා දැන් අවුරුද්දු එකහමාරකටත් කිට්ටුයි. රාජපක්‍ෂ ආණ්ඩුවට බනින එක හැර යහපාලන ආණ්ඩුව රටට කරපු කෙන්ගෙඩියක් නෑ. බලයට පත් වෙන්න ඉස්සෙල්ලත් මේ අය කප්පරක් බොරු කිව්වා. බලයට පත් වෙලත් කප්පරක් බොරු කියනවා. හැමදේම රාජපක්‍ෂලාට බැනලා වහගන්නයි බලන්නේ. රාජපක්‍ෂ ආණ්ඩුවට වත් ඒකාබද්ධ විපක්‍සයේ අපිටවත් බැනලා මේ රටේ ජනතා ප‍්‍රශ්ණ යටපත් කල නොහැකි බව යහපාලකයන් වටහා ගත යුතුයි.

“මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ අපේ රට සංවර්ධනය වුණා. දශක තුනක් පැවති යුද්ධය අවසන් උනාට පස්සේ ආණ්ඩුව සංවර්ධන සංග‍්‍රාමයක් ආරම්භ කලා අද ඒ සියල්ල නතරවෙලා. යහපාලන ආණ්ඩුව බලයට පත් උනේනම් රට සුරපුරයක් කරන බවට දහ අතේ පොරොන්දු දෙමිණි. නමුත් අද රට යහපාලන ආණ්ඩුුව යටතේ දිනෙන් දින අපායක් බවට පත් වෙමින් යනවා. යහපාලන ආණ්ඩුවේ ඉන්නේ ආර්ථික ඔස්තාර්ලා යැයි කෑ ගැහුවාට අද අපේ රටේ අහින්සක ජනතාව කබලෙන් ලිපට වැටිලා අද ජනතාව හුස්ම ගන්නවටත් වැට් ගහනවා. මේක වැට් බද්ධක් නෙවෙයි. මංකොල්ලයක්. මුදල් ඇමතිවරයා මේ වෙනකොට රටට බොරු කියමින් ජනතාව මුලා කරනවා. ඒ නිසයි ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඔහුට එරෙහිව විශ්වාස බංග යෝජනාවක් ගෙන ආවේ. මෙම යෝජනාව පිළිබ`ද ඡුන්ද විමසීමේදී අපේ හිටපු ජනාධිපති තුමා ඡුන්දය නොදුන්නු එක ගැන ඒකාලේ අපේ ආණ්ඩුවේ ඇමතිකම් දරපු සමහර අය විවිධ කතතා කියලා තියනවා මම දැක්කා. මේ අය මේ යූ. එන්. පී. ආණ්ඩුවට කඬේ යන්නේ ඇදි වතත් නැතිවයි. ආණ්ඩුවත් එක්ක ඞීල් ගහන අය අපිට චෝදනා කරනවා අපි පක්‍ෂය කඩන්න යු. එන්. පී. කොන්ත‍්‍රාත් ඉටු කරනවයි කියලා. ඇත්තටම යු. එන්. පී. කොන්ත‍්‍රාත් කරන්නේ කවුදැයි කණනාඩියක් ඉදිරිපිටට ගියෝත් මේ අයට දැනගන්න පු`ඵවන්. අපි ඞීල් කරන්නේ ජනතාවත් එක්කයි. ඒ අයයි ජනතාවගේ ඡන්දයට පයින් ගහලා රනිල්ගේ තුරුලට ගියේ.”

“ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ව ආණ්ඩුව දැන් දඩයම් කිරීම ආරම්භ කරලා. උයද ගම්මන්පිල මන්තී‍්‍රවරයාව අත්අඩංගුවට ගෙන සිරගතකිරීමෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මුසාමිල් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් පැහැදිලි වෙන්නේ මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට කෙතරම් බයද කියන එකයි. ගම්මන්පිලවත්, මුසාමිල්වත්, අත්අඩංගුවට ගෙන සිරගත කිරීම තනිකරම දේශපාලන පලිගැනීමක් . අද රට පුරාම මේ ආණ්ඩුවට විරුද්ධව පු`ඵල් ජනතා විරෝධයක් මතුවෙමින් තිබෙනවා. ගම්මන්පිලලව, මුසාමිල්ලව, අත්අඩංගුවට අරන් ඒ මතුවෙන ජනතා විරෝධය යටපත් කරන්නයි යහපාලන ආණ්ඩුව උත්සහ සරමින් තිබෙන්නේ. හිරගෙවල්පිට හිර ගෙවල්වල දැම්මත් අපි මේ ආණ්ඩුව ගෙදර යවන සටන නතර කරන්නේ නෑ.”

“රාජපක්‍ෂ ආණ්ඩුව අපේ රටේ යුද්ධය අවසන් කලා. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛතාවය දුන්නා. ඒත් මේ ආණ්ඩුව අප දිනාදුන් ඒ නිදහස කිසිදු විලි ලැජ්ජාවකින් තොරව පාවා දෙමින් තිබෙනවා. ජාතික ආරක්‍ෂාව අද තරජනයට ලක්වෙලා. ජාතික ආරක්‍ෂාව අද බිංදුවටම වැටිලා. කොටින්ගේ උවමනාව අද ඉටුවෙමින් තිබෙනවා. ඒ සදහා යහපාලන ආණ්ඩුවේද ආශිර්වාදය හිමිවෙලා. මේ විදියට ගියොත් අපේ රට නැවත විනාශ වෙන එක වලක්වන්න බෑ. මේ තත්වය වැලැක්වීමට රටට ආදරය කරන ලොවපුරා සිටින ශී‍්‍ර ලාංකිකයන් එක්විය යුතුයි.”

(ප‍්‍රදීප් අනුර කුමාර)
ගරු ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්තී‍්‍රතුමාගේ
මාධ්‍ය ලේකම්

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.