Breaking
25 Feb 2025, Tue

සිරාගේ සහෝදරයා සතොස ගිල ගනී

තුන් වෙලම බත් කන ජාතියට බත සපයනේ වී ගොවියාය. නමුත් ලක්බිමේ ඔහු තරම් අසරන මිනිසෙකු තවත් නොමැත. මරණ මංචකයේ ඔහුගේ අවසන් ප්‍රාර්ථනය පවා වී ගොවියෙකුගේ දරුවෙකු වී යලි නොඉපදීමය. අත පය වාරු ඇති තෙක් ඔහු පොර බදින්නේ මහ පොලව සමග පමනක් නොවේ. විටෙක ගොවිතැනට වතුර ටික ඉල්ලා අරගල කල යුතුය. තවත් විටෙක අස්වැන්න විකුනා ගැනීමට මහ පාරේ උපවාස කල යුතුය. සිත් පිත් නැති නියං සායෙන්, ගං වතුරින් , වන සතුන්ගෙන් ගොවියා අසරන වන්නේ නොසිතූ මොහොතකය.

ඒ අල්ල පනල්ලේ සිරිසේනගේ මාෆියා සහෝදරයා වන ඩඞ්ලි සිරිසේන ගහන අලුත්ම ගේමක් ගැන වාර්තා වෙමින් තිබේ.ඒ ලංකා සතොස වෙළදසැල් වල වෙනත් දේශිය සහල් අලෙවි කිරිම තහනමි කර ඇති අතර එම අලෙවි සැල්වල අලෙවි කල හැකි එකම හාල් වර්ගය වන්නේ ඩඞ්ලි සිරිසේනගේ අරලිය සහල් පමණි.

ඒ අනුව වෙළඳ පොලේ වෙනත් සහල් කිලෝවකට වඩා ඉතා ඉහල මිලකට සිරිසේනගේ අරලිය සහල් විකිණිමට සතොසට සිදුව ඇති බවද වාර්තා වේ.

පුරාදශක තුනක් තිස්සේ ගොවි අඹුඩයට මුවාවී පොලොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන කලේ ජනතාවත් , පක්ෂයත්, පාලකයිනුත් ‍රැවටීමය. හිගුරග්ගොඩ බිත්තර වී ගබඩාව ගලවා අබිලි ද්‍රව්‍ය වලට විකිනුවේ කවුද? වී අලෙවි මන්ඩලයේ ගබඩා යකඩ වලට විකිනුවේ කවුද? කුඩා මෝල් හිමියන්ට යන එන මං නැති කලේ කවුද? ගොවියාත් පාරීබෝගිකයාත් අසරන කරන සහල් මා‍ෆියාවේ හිමිකරු කවුද ? යන්න දැන් අප අමුතුවෙන් කියා දියයුතු නැත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.