Breaking
25 Feb 2025, Tue

සිරා මාව හමුවන්න මංගල කියන හාදයා එවන්න එපා…. එවන්න විජේදාස…. අන්න නියම බඩුව

ප්‍රිය ජනපති සිරිසේන,

යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ ඇමෙරිකවේ ශ්‍රේෂඨත්වය. මං බලයට පත් වුණේ ඔබේ ලංකාව ශ්‍රේෂ්ඨ කිරීමට නොව මගේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කිරීමට බව මුලින්ම කියන්න කැමැතියි.

මං කෙලින්ම කියන දේ කියන මිනිහෙක්. ඔබ අහන්න ඇතිනේ මගේ ජනප්‍රිය කතාව ගැහැණියක් සමඟ නිදිවදින්නට අල්ලා ගත යුතු තැන ගැන‍ කියන. මං අල්ලා ගන්න ඕන තැනින් අල්ලා ගන්න මිනිහෙක්. එහෙම බැලුවහම ඔබේ ශ්‍රී ලංකාව අල්ල ගන්න තරම් දෙයක් නොවෙයි නේද?

අනෙක මා ඔබ වගේ රටේ සුලුතර ජනයා අල්ල ගත්තේ නෑ, මං ඔවුන්ට ‘ස්ත්‍රී දූෂකයොයි, මං පහරන්නොයි කියළ කෙලින්ම කිව්වා. මං බලයට ආවේ අපේ රට අයිති (මුල් පදිංචිකාර රතු ඉන්දියානුවන් හෙම නොවෙයි) නියම සුද්දන්ගේ ජන්ද වලින්. කල්ලොන්ගෙයි මෙක්සිකොවන්ගෙයි අනෙක් ලැටිනෝවන්ගෙ ජන්ද පසසේ මං ගියෙ නෑ,

ඔ වුනාට ඔබ බලයට ආවේ දෙමළ හා මුස්ලිම් සුලුතර ජනයාගේ ජන්ද ලැබුණ නිසා නේද? ඔන්න අපේ මුල්ම වෙනස. මෙහේ එහෙම හිතාගෙන ජන්ද කරපු හිලරි තාම පොතක් තුරුල් කරගෙන බුදි! පව්! දැන්වත් උන් අල්ල දාන්න,

ඊටත් වඩා මට හිනා ගියේ පිදෙල් කස්ත්‍රෝට සහෝදරයා කියළ අවමඟුල් පණිවිඩයක් යවපු ඔබ කියුබාවේ රාහුල් කස්ත්‍රෝට නොලියශ්‍රී ලංකව බේර ගන්න කියළ මට ලියපු එකටයි. දැක්කේ නැද්ද මං ඔය කස්ත්‍රෝට දුන්න දිවිල්ල. මං කියන්නේ උෟ ජරා ඒකාධිපතියෙක් කියළයි. මොකද කියන්නේ? අපෙන් උදව් ඕන නම් ඔය සමාජවාදී ඒකාධිපතියන්ට විරුද්ධව අපේ පැත්ත ගන්න‍. හරිද? මාත් එක්ක දෙකක් බෑ.

ඔබ කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙදි ශ්‍රී ලංකාවට විරුද්ධ යුද අපරාධ ඉල්ලල අස්කර ගන්න කියල නේද? මං ඔය එක්සත් ජාතීන් පයිසෙකටවත් ගනන් ගන්නේ නෑනෙ. ඒකයි ප්‍රශ්නෙ, ඇමෙරිකාව ඔය කවුන්සිලේට දෙන සල්ලි මං කපනවා. එතකොට යුද අපරාධත් කැපිලම යයි. හැබැයි රජෝ මං මුස්ලිම් රටවලට බැටේ දෙන කොට අපේ පැත්තේ ඉන්න ඕන. අවශ්‍ය වුණොත් මං පරමාණු බෝම්බයක් හරි දානවා. එතකොට යුද අපරාධ ගැන කතා කරන්න එන්න එපා! මං පලස්තීනය නැති කරනවා දඟලන්න ආවොත්.

ඇත්තටම ඔහේටත් බැරිද අර පිලිපීනයේ දුතාතේ වගේ වැඩේ දීලම ඉවරයක් කරන්න අන්න නියම ජනනායකයො. අත්අඩංඟුවට ගන්න උන්ට වධහිංසා පැමිණවීම සාධාරණ බව මං ප්‍රසිද්ධයේම කියළයි තියෙන්නේ්‍. මෙහේ ඉන්න මුස්ලිම්වරුන්ට මං වැඩේ දෙනවා. ඔබත් එහෙමම කරන්න.

මට හරිම සතුටු ජනාධිපතිවෙන්නත් කලින් මගෙන් උදව් ඉල්ල බැගෑපත් වුන එක ගැනයි. ඔං දැන් පළාත් තුනක ජන්ද ආපහු ගණන් කරන්න යනවලු. වැරදිලාවත් හිලරි දිනුවොත් මං වගේම ඔයත් කපෝති වේවිද? ඔබාමා පස්සෙන් නේද ඔහේ කාලයක්ම ගියේ ඇත්තට‍?

මං ඇත්තටම ඔබේ ලියුම් කරදහිය මගේ ආරක්ෂක උපදේශකයින්ට පෙන්නුවා. ඔවුන් කියන්නේ අල්ල දාන්න කියළයි. යුද අපරාධ විතරක් නොවෙයි, ප්‍රිය සිරිසේන අල්ල දාන්න ඔක්කොම මානව හිමිකම් කියන දේවල්. ඕවා වැඩකට නැති දේවල්. බොරු කතා එපා. අල්ල දාන්න සුලුතර ජන අයිතිවාසිකම්. අන්න එතකොට යුද අපරාධත් අල්ල දාන්න පුලුවන්. අල්ල දාන්න ස්ත්‍රී අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, එතකොට මානව හිමිකම් අල්ල දාන්නත් පුලුවන්. අන්න අපට එතකොට රයිගමයයි ගම්පලයයි වගේ වෙන්න පුළුවන්!

මා චුට්ටක් සොයා බැලුවා ඔබේ රට ගැන. එකම දෙයක් කියන්න ඕන. මාත් එක්ක වැඩ කරන්න නම් ඔය මානව හිමිකම් ගැන කතා කරන මංගල සමරවීර කියන හාදයා එවන්න එපා. එවන්න විජේදාස රාජපක්ෂ. අන්න නියම බඩුව. අපටත් පුලුවන් එයාගෙන් මාධ්‍ය මර්දනයයි ත්‍රස්තවාදී මර්දනයයි ගැන ඉගෙන ගන්න. ඇත්තටම කියනව නම් රනිල් වික්‍රමසිංහ උනත් ඒ තරම් වරදක් නෑ! හමත් සුදුනේ!

ඇමෙරිකාව ශ්‍රේෂ්ඨයි. රජ්පුරාවෝ උඩයි! ගූ බල්ලෝ බිමයි! බිමයි!!

මීට

තවමත් ජනාධිපති නොවූ ඩොනල්ඩ් ට්‍රම්ප්.

පසුව ලියමි.

සිරා,

මට පස්සේ හිතුනා මේ ලියුම එවල තියෙන්නේ මට වුණත් එක ලංකාවේ දේශපාලනනේට ගහපු ගැටයක්ද කියළා. අන්න එහෙම එන්න. මොකද මං කොහොමද එක්සත් ජාතීන්ගේ සම්මත කරපු යෝජනාවක් ඉවත් කරන්නේ? අනෙක ඔහේගේ ආණ්ඩුවත් ඒ යෝජනාවට එකඟ වුණා නේද? රැවටිල්ල නැති තැන දේශපාලනයක් නෑ! අපි සමානයි. හැබැයි් ඒ අතින් විතරයි. සුද්දො එක්ක කල්ලොයි දුඹුරොයි, කහයොයි කවදාවත් සමාන වෙන්නේ නෑ,

හොඳ ආරංචියක් කියන්නද? මං ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න අපේ තානාපතිය පන්නනවා. එතැනට දාන්නම් නියම බඩුවක්. අර මට සහය දීපු නව නට්සිවාදී වගේම කලු විරෝධී කූ කැල්ක්ස් කෑන් නායකයෙක්. උන්ට කලු දුඹරු මිනිස්සු පේන්න බෑ,මමානව හිමිකම් පේන්ත බෑ. රතු ඉන්දියානුවො පේන්නත් බෑ, ඔහේගේ ආණ්ඩුවෙනුත් සුදු හම තියෙන කවුරුහරි, අර ඥාණසාර සෙට් එකෙන් කෙනෙක් ජිනීවා වලට එවන්න බලන්න. අපි සුදු හම රජ කරමු!

ඩොනා

(සිතළුවකි)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.