Featured

සිරිකොත විශේෂ මඩ එකකයක්! ඉලක්කය සන්ධාන බත් බැලයන්

සන්ධානයේ මෛත්‍රීපිළ නියෝජනය කරමින් ජාතික ආණ්ඩුව තුල කටයුතු කරන අමාත්‍යවරුන් සහ මහින්ද පිළේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු විරෝධී සංවිධාන නියෝජිතයන් සම්බන්ධයෙන් අසත්‍ය මඩ ප්‍රහාරයන් දියත් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මුලස්ථානය වන සිරිකොත විශේෂ මඩ එකකයක් හදිසියේම ස්ථාපනය කර තිබේන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

පසුගිය රාජපක්ෂ සමයේ බොරු පැහැරගැනිමේ බියක් පෙන්වමින් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා ගැනිම සදහා උත්සහ කරමින් බංගලිදේශයේ රැදිසිටි වෙබ් මාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු මෙම මෙහෙයුමට ප්‍රධානනියෙකු ලෙස සම්බන්ධ වි ඇති අතර මීට අමතරව මේ වනවිට වැසියමින් තිබේන පත්තර කඩමලු කිහිපයක රස්සා නැතුව අනාථ වෙමින් සිටින කිහිප දෙනෙකුද සම්බන්ධ වි ඇති බව අනාවරණය වි තිබේ.

අදාළ මෙහෙයුම සම්පුර්ණයෙන් රනිල් පිළ විසින් මෙහෙයවනු ලබන අතර අග්‍රාමාත්‍ය කාර්‍යාලය හරහා ලැප්ටොප් පරිගණක 30ක් එම මෙහෙයුමට මේ වනවිටත් ලබාදි තිබේන අතර මිට අමතරව පසුගියදා අප අනාවරණය කල මුදල් විශුද්ධිකරන වරදට හසුව සිටින ව්‍යාපාරිකයන් හරහා මෙම මෙහෙයුමට මුදල් ලබාගෙන තිබේ.

Top