Breaking
25 Feb 2025, Tue

සිරිසේනගේ අනාගමික ව්‍යවස්ථාවට විරුද්ධ වු කාදිනල් ඉලක්ක කර පහරදිම අරඹයි

අනාගමික සහ මානව හිමිකම් රකින රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදිනල්වරයා පලකරන විරෝධය දිවයිනේ උතුරේත් දකුණේත් මුල් පෙලේ කතෝලික පිරිසකගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

ව්‍යවස්ථාවේ බුද්ධාගමට ‘හිමිවිය යුතු ස්ථානය’ රැක දීම වෙනුවෙන් ද, මානව හිමිකම් ‘බටහිර අදහසක්’ සේ ප්‍රතික්ෂේප කරමින්ද කාදිනල්වරයා විසින් බෞද්ධ උත්සවයකදී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය හෙලා දකිමින් සියයකට ආසන්න කතෝලික ගිහි පැවිදි පිරිසක් 3 බදාදා නිවේදනයක් නිකුත් කොට ඇත.

නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම සඳහා දැරෙන උත්සාහය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධ බලවේගවල විරෝධයට මේ වනවිටත් ලක් වී ඇත්තේ බුද්ධාගමට වර්තමාන ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛස්තානයත්, රටේ ඒකීය භාවයත් අනතුරේ හෙලන්නක් ලෙසිනි.

බටහිරට රට යටකිරීම

“ආගම ව්‍යවස්ථානුකුලව පැත්තකට කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒ අනුව බුද්ධාගමට හිමිවිය යුතු ස්ථානය අපි ලබා දිය යුතුයි,” යනුවෙන් කාදිනල් රංජිත් හිමිපාණන් 25 සඳුදා ප්‍රකාශ කොට සිටියේ අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් පිළිගැනිම වෙනුවෙන් කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු උත්සවයකට එක්වෙමිනි.

මානව හිමිකම් පිලිබඳ සංකල්පය බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ‘යටකරන්නට’ සහ ‘පැත්තකට දාන්න’ දරන උත්සාහයක් ලෙසින් ද කාදිනල්වරයාගේ හෙලා දැකීමට ලක්විය.

“ඒ නිසා බටහිර රටවල් වලට් ඕනෑ විදියට මානව හිමිකම් මෙහාට ගෙනත් අපිට කවන්නට දෙන්නත් අපිට ඉඩකඩක් නෑ,” යි උන්වහන්සේ පවසා තිබුනි.

එම ප්‍රකාශ හෙලා දකින කතෝලික ගිහි පැවිදි නිවේදනය සඳහන් කොට තිබුනේ කොළඹ අගරද ගුරු ද වන මැල්කම් රංජිත් හිමියන් දිවයිනේ අනිකුත් රදගුරු වරුන් එකොලොස් දෙනා හෝ ප්‍රාදේශීය සාමයික සභා හෝ නොවිමසා කරන ලද එම ප්‍රකාශ ‘කොළඹ කතෝලිකයන්ගේ මතය හෝ නියෝජනය නොකරන’ පුද්ගලික මතයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව මානව හිමිකම් තහවුරු කරන, ජනතාවගේ වෙනස්කම් පදනම් කොටගෙන අගතියට පත් නොකරන එකක් සේ සංශෝධනය විය යුතු බවට කතෝලික රදගුරු සම්මේලනය 2013 දී ප්‍රකාශයට පත්කළ එඬේරික අනුශාසනා පත්‍රයද නිවේදනය මගින් කාදිනල් වරයාට සිහිපත් කර දී තිබේ.

“ජනතාවට එරෙහි විවිධාකාරයේ වෙනස්කම් කිරීම් සාධාරණිකරණය කරනාකාරයෙන් අර්ථකථනය කළ හැකි හෝ කියැවිය හැකි නම්, ව්‍යවස්ථාවේ අඩංගු වගන්ති හෝ කොන්දේසි සියල්ල ශ්‍රී ලංකාව අතහැර දැමිය යුතුය යන්න අපගේ දැඩි විශ්වාසයයි,” යනුවෙන් සඳහන් වන අනුශාසනා පත්‍රයට ඉහලින්ම අත්සන් තබා ඇත්තේ අද මෙන් එදාත් අගරදගුරු සමුළුවේ සභාපති ධුරය ඉසිලූ මැල්කම් රංජිත් හිමිපාණන්ය.

අධිනීතිඥ ලාල් විජේනායකගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථා සම්පාදනය සඳහා මත විමසූ කමිටුවට කතෝලික රදගුරු සමුළුව වෙනුවෙන් හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් සහ යාපනය දියෝකීසිය වෙනුවෙන් එස් වී බී මංගලරාජාද යෝජනා කොට ඇති සංශෝධන මේ වනවිට පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

සිරිසේනගේ තරවටුව 

“ඔය ඔක්කොම මගේ විරුද්ධ වාදින්” කාදිනල් තුමාට සිරිසේන දුරකතනයෙන් තරවටු කරලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනය ඔස්සේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට කල ප්‍රකාශයක් හේතුවෙන් උන්වහන්සේ දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අගරදගුරු නිළ නිවසේ විශේෂ ප්‍රකාශකයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.(අදාළ සම්පුර්ණ පුවත පහතින් බලන්න )

Secularism-and-Human-Rights-statement-by-Catholics-03Aug2016-1-1 Secularism-and-Human-Rights-statement-by-Catholics-03Aug2016-1-2

http://www.lankanewsweb.today/archives/12207

http://www.lankanewsweb.today/archives/12247

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.