Breaking
9 Apr 2025, Wed

සිරිසේනගේ ආරක්ෂාවට ඉන්දිය බුද්ධි අංශ නියෝජිතයන් 10ක් – රියදුරන් දෙදෙනෙක් ඒ අතර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂාව සදහා ඉන්දිය යුධ හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයන් දස දෙනෙකු පත් කර ගැනිමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.එම කණ්ඩායමට රියදුරන් දෙදෙනෙකුද ඇතුලත් වන බවද ඔහු අනාවරණය කර සිටි.තමන්ගේ ප්‍රධාන ආරක්ෂකයන් ලෙස මෙම පිරිස එක්කර ගැනිමට නියමිත බවයි ඔහු අනාවරණය කළේ.

අවස්ථා ගණනාවකදි  තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය හේතුවෙන් සිය ආරක්ෂාවට සිටි ආරක්ෂක කණ්ඩායම් වෙනස් කිරිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළා.

මේ අතර මෙම ආරක්ෂාව වෙනස් කිරිමට මුලිකව බලපෑ හේතුවක් ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ඇමරිකානු යෝජනාවට එකගවිම මත ඉදිරියේදි රණවිරුවන්ට එල්ල විය හැකි පීධනයේදි එය මෛත්‍රීපාල සිරිසේනට අනතුරු දායක තත්වයක් විය හැකි බව මෛත්‍රී සිය සමිපත්මයන් සමග පවසා තිබේ.

මේ අතර පසුගිය මහා මැතිවරණ සමයේ අවසන් දින කිහිපය තුල සිදුවු සිදුවිමක් මිට මුලිකව බලපා තිබේන බවද ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.මහමැතිවරණ සමයේ හමුදා බුද්ධි අංශ වලින් කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ සමීක්ෂණ වාර්තා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ජනාධිපතිතුමන් වෙත ලබාදුන් අවස්ථාවේ මහින්ද පරාජය කලයුතු බවත් ඔහු බහුතරයක් ලබාගත හොත් මර්දණයක් දියත් කරන ලෙසට මෛත්‍රී කල ඉල්ලිමට මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගෙන් ලැබුන පිළිතුර වුයේ “යුද්දෙ දිනන්න බෑ කියමින් සමහරු හමුදාවට මඩ ගහද්දී , මහින්දගෙ මිනිස්සු විතරයි යුද්දෙ කාලෙ අපේ කොල්ලන්ට ලේ දන් දුන්නේ. ඔවුන්ගේ ලේ අපේ ඇඟේ තාමත් තියෙනවා. අපිට ලේ දන් දුන්න මහින්දගෙ මිනිස්සුන් අපිට ලේ සහෝදරයො වගේ. ඔවුන්ට වෙඩි තියන්න අපිට බෑ.” එම ප්‍රකාශය කල දිනයේ සිටම අවස්ථා ගණනාවකදි මෛත්‍රී සිය අරක්ෂකයන් වෙනස් කිරිමට කටයුතු කර තිබුනා.

එම සම්පූර්ණ අනාවරණය කියවන්න –මහින්දගෙ මිනිස්සු විතරයි අපට ලේ දුන්නේ-ඔවුන්ට වෙඩි තියන්න අපිට බෑ

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.