Breaking
18 Apr 2025, Fri

සිරිසේනගේ කටවුට් පෝස්ටර් දකින විට ඔබේ වකුඩඩුව දියවෙන්නේය..

2015 ජනවාරි 08 රුපියල් 10/= බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කොට ජනාධිපති පදවිය බාර ගනිද්දී බලපල්ලා මේ මිනිහගේ සරළ කම යැයි හඩ නැගූවෝ අද සිරිසේනයන් අපමණ අගයක් දෙන එක කෙසේ වෙතත් අපමණ සැකයක් රටට දෙන විට ඔවුනුත් නොදන්න ගැඹුරු තුෂ්නිම්භූතයක වෙලී සිටී. ජනාධිපති වෙන්නට පෙර මේ මිනිසා රට තුළ වැපූරූ අපමණ මුසාවාද අද එකින් එක කඩමින් රංගනයක යෙදෙන විට එදත් ඔහුට විරුද්ධව හිටගත් අප තුෂ්නිම්භූත වන්නේ රට වෙනුවෙනි.

ඔහු කටවුට් පෝස්ටර් නොමැති ඒ මුදල් වකුගඩු අරමුදල් ගතවෙන සංස්කෘතියක් ගැන කීහ. එහෙත් අද ඔබ කුරුනෑගලට ගියහොත් වපුරා ඇති කටවුට් පෝස්ටර් දකින විට ඔබේ වකුඩඩුව දියවෙන්නේය..

පට්ට විහිළුව මහින්ද ජනාධිපති වරණයේ රජයේ මුදලින් රූපවාහිනී ප්‍රජාරක වැඩසටහන් ක්‍රියාත්මක කළා යැයි ඔහු FCID වෙත කැදවන මේ මිනිසා…. ශ්‍රි ල නි ප යේ 65 සමුළුවට එන ලෙස විද්‍යත් මාධ්‍ය පුරා ඔහුගේ පක්ෂයේ ප්‍රචාරක වැඩසටහන් මිනිත්තු 10 න් 10 ට ප්‍රදර්ශනය කරන්නේයේ විළි ලැජ්ජය.

භයානකම එය නොවේ…. ඔහු පුන පුනා පහුගිය දවස් ටිකේ ජාතික ආරක්ෂාව ඔහු යටතේ ආරක්ෂිත බව කිවේ ඇයිදැයි තේරෙන්නේ දැන්ය.

” ලංකාවට පැමිණි බෑන්කී මූන් හරිම ලස්සනට ව්‍යසථාපිත වෙනස් කම් මගින් ශ්‍රී ලංකාවට සංහිදියාව වෙනුවෙන් තව බොහෝ දුර යන්න තිබෙන බව රාජ්‍ය ත්‍රාන්ත්‍රික භාෂාවෙන් යාපනයේ සංචාරයට පෙර ප්‍රකාශ කළේය.. කොටින්ම ඒ වචන වල හරය තොපි අවසානයට අපේ අදහසට අනුව ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිහිටවිය යුතු බව රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව ප්‍රකාශ කලේය.. ඉන් නොනැවතී ඔහු උතුරේ හමුදා කදවුරු අවම වීම සිදුවිය යුතු බව කියන්නේය.

හිනා යන්නේ එ ජාතීන්ගේ මහ ලේකම් වරයා කඩිනමින් උතුරේ ඉඩම් අයිතිය ස්ථාපිත කළ යුතු බවත් එහි සිවිල් සේවා උතුරේ ජන අභිප්‍රායන්ට අනුව සිදුවිය යුතුයි කියන්නේය. එහෙත් ඔහු දකුණේ සබරගමුවේ මධ්‍යම පලතේ එසේ ජන අභිප්‍රායන්ට අනුව පාලනය වෙන වාද නොවිමසන්නේය. මේ රටේ ජන අභිප්‍රායන්ට අනුව පාලනය නොවන එකම පළාත උතුර බව බෑන් කී මූන් තිරණය කරන විට අපේ සරළ රට බෙදන්න ඉඩ නොතබන රු 10 බෝල් පොයින්ට් පෑන් පහරින් රට බාර ගත් සරළ මනුස්සයා අපට කොකා පෙන්වන්න සූදානම් බව හරි අපූරුවට පෙන්නුම් කරන්නේය.

උතුරේ දේශපාලන අධිකාරිය සමග බෑන්කී මූන් කළ සාකච්චාව මාධ්‍යට ආවරණය නොවීය. එමනිසා පත්තරයකින් බලා වත් අපට කෙලියාදැයි සිරිසේනට දැන ගන්න විදිහක්ද නැත.

රට හතර වටින් වටකොට බෙදුම්වාදීන් සහ ඔහුගේ සුදු ඒජන්තයන් ක්‍රියාකරන විට අද දවසේ මේ රටේ ප්‍රධාන පුරවැසියාට තිබෙන ලොකුම ප්‍රශ්ණය ඔහුගේ පක්ෂයේ බලය තහවුරු කර ගැනීමය.

ඔහු බලයට ගෙනා ජනතා විමුක්ති පෙරමුණ , සරත් විජේසූරිය ප්‍රමුක සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අය, අසද් සාලි වැනි කොටස් නිර්මාල් රන්ජිත් වැන්නවුන් විවේචන ඉදිරිපත් කරද්දී….

අප බය වෙන්නේ රට ගැනය. මක් නිසාද ආපසු හැරවිය නොහැකි සිදුවීම් රට තුළ සිරිසේනයන්ගේ පාලනයකින් තොරව සිදුවන විට ඔහු රූකඩ විධායක බලය දරා සිටීම අද දවසේ අවිශ්වාසයට හා විහිළුවට ලක් වෙමින් තිබේ.

බෑන්කී මූන්ගේ සංචාරය හරහා මේ රටේ පළමු පුරවැසියාගේ වදන් ගැන රටේ විශ්වාසය පළුදු වීම අප දකින්නේ රට ඉදිරියේ ඇති වසර 2500ක් ඒකීයව පැවත ආ අවිච්චින්න තාවය තීරණාත්මකව අබියෝගයට ලක්වන අවස්ථාවක් ලෙසය.

————— නුවන් මොණරවිළ————–

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.