LNN SPY

සිරිසේනගේ කුමන්ත්‍රණයට අපි අහු වුනා…. මෛත්‍රී සහ තනතුරු අතහරිනු! ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මහින්දට බලපෑම්

Published on: Nov 14, 2018- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ප්‍රධාන පක්ෂයට බවට පත්වෙමින් තිබු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ ඇතුලු ප්‍රගතිශීලි ජනතා කදවුර විනාශ කිරිමට කුමන්ත්‍රණය කල බැවින් වහාම අගමැතිධුරයෙන් සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවත් විමට කටයුතු කලයුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බලකරමින් සිටි.

පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාව පිලිගැනිමත් සමග ඊට අතිශය බහුතරයක් ලැබිමත් ඇතැම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරුන් පවා පාර්ලිමේන්තු සබා ගර්භයේ මහින්දට සහය නොදැක්විම පිළිබදව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන් දැඩි කලකිරිමෙන් යුතුව පවසා තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේන් පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ කියා සිටියේ තම කණ්ඩායම කුමන්ත්‍රණයකට හසුව ඇති බවයි. ලංකා නිවුස් වෙබ් ඩොට් ටුඩේ අවස්ථා ගණනාවකදි මේම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අනාවරනය කල අතර මහින්ද පිළේ ඇතැම් අය එය නිර්දය ලෙස විවේචනය කර තිබුනා.

Loading…

Top