Featured

සිරිසේනගේ සභාපති කමෙන් වැඩක් නෑ…චන්ද්‍රිකා මුණටම කියයි….ශ්‍රිලනිපය චන්ද්‍රිකා අතට!

මහින්ද රාජපක්ෂ සමග රහසේම සාකච්ඡා කරන කණ්ඩායම් මෙන්ම ජනපතිගේ දැනුවත් භාවයෙන් සාකච්ඡා කරන කණ්ඩායම් වහාම නතර කිරිමට කටයුතු කිරිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයාගේ වගකිමක් බවත් එය කිරිමට සභාපති අසමත් නම් මින් ඉදිරියට තමන් එම වගකිම් භාර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක් වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති මෛත්‍රීපාල සිරිසේනට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් බැනවැදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා පළාත් මහා ඇමතිවරුන් මහින්ද රාජපක්ෂ හමුවිමත්,ඇතැම් මන්ත්‍රීවරුන් මෛත්‍රී-මහින්ද එක්ව ගමනක් යැමට සුදානම් බවට විවිධ අවස්ථාවල අදහස් දැක්විම චන්ද්‍රිකාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේන අතර “ශ්‍රී ලංකා එකේ අය බලගන්න සභාපතිට බැරිනම් ඒ සභාපති කමෙන් වැඩක් නැති බව පවසමින් ” හිටපු ජනාධිපතිනිය සිරිසේන ජනාධිපතිවරයාට බැනවැදි තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරනායකට පොරොන්දු වි ඇත්තේ මින් ඉදිරියට මධ්‍යම කාරක සභාවේ අනුදැනුමකින් තොරව කිසිවෙකුත් සමග සාකච්ඡා කිරිමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.

මේ අතර 2020 පැවැත්විමට යෝජිත ජනාධිපතිවරණයට යළිත්වරක් මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බවට ශි‍්‍රලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ප‍්‍රකාශ කිරිම සම්බන්ධයෙන් හිටපු ජණාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජණාධිපතිවරයාට දෝෂාරෝපණය කර තිබේ.

පක්ෂයේ මහලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති එස් බී දිසානායක, ඇමති දයාසිරි ජයසේකර යන මහතුන් පවසුවේ යළිත් නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවට මිට සති දෙකකට පමණ් පෙර ශ්‍රීලනීප මධ්‍යම කාරක සභා රැස්විමකදි තිරණය කර තිබේන අතර එදින රැස්විමට හිටපු ජනපතීය සහභාගි වි නැති බවද අනාවරණය වි තිබේ.

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් මහින්ද සමග හෝ වෙනත් අයෙකු සමග් සාකච්ඡා පැවැත්විමට නොහැකි බවත් එය පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත් චන්ද්‍රිකා මතක් කර දි තිබේ.ඒ අනුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැදවන ලෙසත් එහිදි පක්ෂ සමාජිකයන් තින්දු ගතයුතු ආකාරය පිළිබඳව තමන් උපදෙස් ලබාදිමට කටයුතු කරන බවද හිටපු ජනපතිනිය පවසා තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පෙරේදා අභයාරාම විහාරස්ථානයේ පැවැති රැස්විමක්දි හාමුදුරුවන්ගේ ප්‍රකාශයන් වලින් චුන් වු සිරිසේන ජනපති අගමැතිවරයා ඉලක්ක කර කල ප්‍රකාශය චන්ද්‍රිකා කුමාරතුංගගේ හිත් රිදිමට දැඩි ලෙස බලපෑම් කර ඇති බවයි.

Top