Featured

සිරිසේන,මැක්රේටත් දෙකට නැමේ…’No Fire Zone’ ලගදිම ජාතික නාලිකාවෙන්

සිරිසේන රට පාවාදෙයි-No Fire Zone’ ජාතික නාලිකාවෙන් පෙන්විමට සුදානමක්! යනුවෙන් අප පසුගිය මාර්තු 11 වැනිදා කල අනාවරණය සත්‍යක් කරමින් චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කළ ‘No Fire Zone’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවල විකාශය කරන ලෙස මාධ්‍යවේදී කැලම් මැක්‌රේ ඉල්ලීමක්‌ කර තිබේ.

අපකල අනාවරණය – සිරිසේන රට පාවාදෙයි-No Fire Zone’ ජාතික නාලිකාවෙන් පෙන්විමට සුදානමක්!

ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ‘No Fire Zone’ වාර්තා චිත්‍රපටයට සිංහල හඩ කවා ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට අවසරය ලබාදෙන මෙන් කැල්ලම් මැක්රේ (Callum Macrae) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමට කැමැත්ත පලකර තිබෙන බව ලන්ඩන් සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

“සිංහල භාෂාවට හඩකවා ඇති මෙම චිත්‍රපටය 2015.03.10 වන දින බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේදි තිරගත කර කර ඇති බවත් ශ්‍රී ලංකාවේ රූපවාහිණි නාලිකාවක් මෙම චිත්‍රපටය තිරගත කරන මෙන් කැල්ලම් මැක්රේගෙන් එම අවස්ථාවේදි ඉල්ලීමක් කර ඇති අතර එයට ජාතික නාළිකාව හරහා අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

මෙම චිත්‍රපටය විකාශය කිරීම හරහා සියලු ජාතීන්ට යහපතක්‌ වන බවත්, ශ්‍රී ලංකා රජය මෙම වාර්තා චිත්‍රපටය පිළිගෙන ඇති බැවින් එය ලංකාවේ නාලිකා හරහා ප්‍රදර්ශණය කිරිමට කටයුතු කලයුතු බවයි කැල්ලම් මැක්රේ සදහන් කර ඇත්තේ.

Top