Breaking
25 Feb 2025, Tue

සිරිසේන,රනිල්ලා වගේ හිකනලුන් ඔබාමාගේ කරේ නැග්ගත් මේ අභිමානය ලැබෙන්නේ නෑ

ජනවාරි 8 වැනිදා අපේ මවුබිම ලැබු පරාජය හමුවේ රටට ආදරය කල අපි….මොනතරම් කම්පාවට පත්වුයේද යන්න ඔබත් රටට ආදරය කල අයෙකුනම් අලුතෙන් අලුතෙන් කියාදිය යුතු නොවේ.එදා රණවිරුවන් නිදහස් කරගත් රට …..එදා රණවීර කියා කට ඇරලා කියමින් අප ආදරය කල මේ රට බේරාගත් සෑබෑ මිනිසුන් එකා දෙන්නා හිරේ වැටෙනකොට…එකා දෙන්නා මරණ දඩුවමට ලක්වන විට….. එදා රණවිරුවන් අද හමුදාකාරයන් වනවිට…..අපහිත් තුල නැගුනු වේදනාව කියා ගන්නට කෙනෙකු අප අතර සිටියේ නෑ….සමහර දවසට අපි තනියම ඇඩුවේ අම්මා දමලා ගිය පොඩි දරුවෙකු වගේ….සමහරවිට මම මේ ලියන දේ ඔබ පලකරාවිද මම දන්නේ නෑ….

අද අපි පැරදිලා නෑ….ඔව් අපි පැරදිලා නෑ කියලා…..ආපහු අපේ ඇගට ලොකු ජවයක් ආවා……ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිය අවස්ථාවේ….. මවුබිම පාවානොදුන් සැබෑ විරයෙකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා රචනා කළ රණමග ඔස්සේ නන්දිකඩාල් කෘතිය මිලයට ගැනීමට සංයමයකින් යුතුව ඉදිරියට ඇදෙන ජනතා පොලිම දිහා මම පැත්තකට වෙලා බලගෙන හිටියා…..

අපේ රටේ මිනිසුන්ට කලගුණ අමතක නෑ…..ඔව් මොනතරම් රට පාවාදෙන අමනයන් බිහිවුනත් අපේ රට හරි වෙනස් රටක්……ඒ පොලිමේ ගිය දැවැන්ත මිනිස්සු  මේජර් ජෙනරාල්වරයා ඉදිරියේ හිට ගත්තේ දැවැන්ත අභිමානයකි…ඒ අභිමනය සිරිසේන,රනිල්ලා වගේ හිකනලුන්ට ඔබාමාගේ කරේ නැග්ගත් කවදාවත් ගන්න බෑ…..පෝලිමට ඉවසිමෙන් ගිය දැවැන්ත මිනිස්සු….මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රණවිරුවාගෙන් අත්සන අරගෙන ඔහුට දේ අත් ලංකර වැන්දේ මවුබිමට ණය නැති සැබෑ පුත්‍රයේකුට දිය හැකි දැවැන්තම අභිමානය ඔහුට ලබාදෙමින්…..

ඔබත් බලන්න…. මේ දර්ශණ ඔබගේ ජිවිතය යලී ජිවත් කරවනව සත්තයි…..

මිට මවුබිමට ආදරය කරන පුරවැසියෙක්

http://www.lankanewsweb.today/archives/13082

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.