Breaking
4 Mar 2025, Tue

සිරිසේනලා මාධ්‍යවේදීන්ට අල්ලස් දෙයි…. වතුර දෙනවා කියා චතුරීකා ඉල්ලන් කෑ හැටි

දිනෙන් දින සිදුවන සිරිසේන හැතිකරයේ ගසාකැම් මාධ්‍ය හරහා වාර්තා කිරිම නතර කිරිම සදහා සිරිසේනගේ පච දියණිය වන චතුරිකා සිරිසේන පොලොන්නරුව දිස්ති‍්‍රකයේ ප‍්‍රාදේශිය මාධ්‍යවේදීන් 7 දෙනෙකු ආණ්ඩුවේ මුදල් වලින් තායිලන්තයේ ආතල් සවාරියක් රැගෙන ගොස් ඇති බව අනාවරණය වි තිබේ.

මෙම සංචාරය රැගෙන යෑමේ ප්‍රධාන අරමුණ වි ඇත්තේ ප්‍රාදේශිය වශයෙන් සිරිසේන පවුලේ සමාජිකයන් කරන විවිධ දෑ වසන් කිරිමට සහ ලබාදුන් විවිධ පොරොන්දු තවමත් පොරොන්දු පමණක් බවට ගමෙන් එල්ල වන් අප්‍රසාදය වසා ගැනිම මෙන්ම ගමේ එකෙක්වත් සිරිසේනලා සමග නැති බවට කරන ඇතැම් ප්‍රකාශයන් මාධ්‍ය හරහා යෑම නතර කිරිම වේ.

ආසියානු සහයෝගිතා සමුළුවට සහභාගිවීම සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ විශේෂ කණ්ඩායමක් ලෙස මෙම පිරිස එකතු කර ඇති අතර එම් පිරිස අතර ප‍්‍රාදේශිය මාධ්‍යෙවිදීන් වන ජාතික රූපවාහිනියේ උපුල් ශාන්ත, ස්වාධීන රූපවාහිනියේ ගාමිණි උබේසේකර , ස්වර්ණවාහිණියේ තූසාර,සිරස අසේල රුපවාහිණියේ ,දිණමිණ පුවත්පතේ එමි පී සරත් ඇතුලු තවත් කිහිප දෙනෙකු ඇතුලත්ව සිටි.

මෙම පිරිසගේ සියලුම වියදම් ජනාධිපතිවරයාගේ සංචාරයට බැර වන අතර ඊට අමතරව වියදම් සදහා එක් අයකුට ඩොලර් 500 බැගින් ලබාදිමටද කටයුතු කර තිබේ.

…………………….

මේ අතර පසුගිය වසරේ සැප්තැම්බර් හතර වෙනි දින ජනපති දියණිය චතුරිකා සිරිසේන රාජ්‍ය නිළධාරීන් සමග සංචාරය කරමින් පොළොන්නරුව ජනතාවට පොරොන්දු වූයේ නියගයට විසදුම් හැකි ඉක්මනින් ලබා දෙන බවයි.. ඇය “ඔබේ ජනාධිපතිතුමා” ලෙස ජනතාවට තම පියා හඳුන්වා දුන් අතර, ඔවුන්ගේ මූලිකම ගැටළුව වන පානීය ජල ප්‍රශ්ණය ඇය සදහන් කල “ඔබේ ජනාධිපතිතුමා” විසින් කඩිනමින් විසදා දේවි යැයි කියා සිටියාය.

නමුත් මේ වසරේදීත් නියගය පොළොන්නරුවට බලපාන කල, ජනපති විසින් ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොතිබිණ. රජයෙන්ද ඒ හා කිසිදු වැඩ පිළිවෙලක් නොතිබුනු බවට ගම්මුන් චොදනා කරයි.. කෙසේ වුවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රොෂාන් රණසිංහ විසින් පොළොන්නරු ජනතාවට ජලය බෙදා හැරීම තම පෞද්ගලික වියදමින් ඉටු කර දීම දක්නට ලැබිණ.

අවස්ථා දෙකම සදහන්, වීඩියෝව (අදාළ පුවත slnewslanka හී පලවුවකි )

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.