Breaking
23 Feb 2025, Sun

සිරිසේන එකක් කියයි…මලික් තව එකක් කියයි….රවී,මලික් මාධ්‍යයෙන් පැනයයි…

නියමිත පරිදි ජනවාරි 07 වැනිදා හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුමට අත්සන් නොතැබෙන බවත් ඊට හේතුව ඒ සම්බන්ධයෙන් තවමත් අදාළ චීන සමාගම සමඟ අවසන් එකඟතාවකට පත් නොවීම බවත් උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා ඊයේ (05 දා) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කල අතර එදිනම යහපාලන පච මන්දිරය වු ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ දී රනිල්ගේ ගෝල ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය විකිණීමට කිසිම ගිවිසුමක් සකස් කර නැති බවත්, ඒ සඳහා කමිටුවක් පත්කොට ඇති අතර තවම එහි වාර්තාව තමන්ට තවම ලැබි නැති බවයි.

හත්වැනිදා ගිවිසුමක් අත්සන් කරනවා යැයි ප්‍රචාරය වුවද, එවැනි ගිවිසුමක් මේ දක්වා සකස් කර නොමැති බවත්, එවැනි එකඟතා රටට ගැළපෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැළපෙන අයුරින් අපේ මාතෘ භූමියට ගැළපෙන ලෙස රටේ ආරක්ෂාව භාරකාරිත්වය සුරැකෙන අයුරින් අත්සන් කිරීමට තමා කැපවී සිටින බවත් ජනාධිපතිවරයා කේප්ප සුමනේ පරදවන කෙප්පයක් කියා තිබේ.

ඒ අනුව ජනතාවගේ ඉඩම් කොල්ලය කල්මැරිම හරහා ජනතාව තුල ඇති නොසන්සුන්තාවය සමනය වනතෙක් සිට හොර රහසේම වැඩේ දෙන්නට බව අමුතුවෙන් කිවයුතු නැත.වැඩේ මොහොතකට හෝ පස්සට අදින්නට රනිල්-සිරිසේන කටයුතු කලේ හම්බන්තොට වරාය ඇතුළු ඉඩම් විජාතිකකරණය කිරීමට එරෙහිව ගිවිසුම අත්සන් කිරීම ලබන 07 වනදා සිදු කිරිමට එරෙහිව රුහුණු රට භික්‍ෂූන් වහන්සේ එක්‌ව රටේ පාලකයන්ට සංඝ ආඥවක්‌ නිකුත් කිරීමට කටයුතු කරමින් සිටි නිසාය.යහපාලන ආණ්ඩුවේ සුපුරුදු ගෝනී සේල්ලම එය බව මේ රටේ අපටත් වඩා 8 වැනිදා වෙනසක් කිරිමට ගොස් මරාලය කරේ දමාගත් සියලුම දෙනා හොදින්ම දනී.


සිරිසේන එකක් කියයි…මලික් තව එකක් කියයි…… by lnwtoday

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.