Breaking
1 Feb 2025, Sat

සිරිසේන කිරි පොවන ජාතිවාදයේ පිංපියා නානසාර, “මහින්දව” හදිසියේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට කැදවයි……

Published on: May 5, 2018- “රනිල් පරාජය වන සෑම මොහොතකම ඔහු වෙනුවෙන් ඉදිරියට ගෙනෙන ඤානසාර නම් චීවරධාරියා දුටු තැන පලවා හරිමු.” යනුවෙන් facebook හි තබා තිබු සටහනක් සම්බන්ධයෙන් බොදු බල සේනා ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සමාජ ජාලා හරහා ජාතිවාදයට එරෙහිව ප්‍රබල හඩක් නගන,ප්‍රවීන දේශපාලන විචාරකයෙකු වන සබරගමුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට කැදවා පැය ගණනක් ප්‍රශ්ණ කර තිබේන බව වාර්තා වේ.

ජාතිවාදයට එරෙහිව මහින්ද පතිරණ තම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පිලිබදව අද දින(05) මිහිදු මාවත අංක 9 යන ස්ථානයේ 2017 වර්ෂයේදී යහපාලන ආණ්ඩුව විසින් පිහිටවනු ලැබූ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයට කැදවා මෙම ප්‍රශ්ණ කිරිම කර තිබේ.

බොදු බල සේනා ක්‍රියාකාරිත්වයේ අපූරුව නම් ඔවුන් ආගමික ව සිංහල බෞද්ධයාගේ ම කරමතින් ගොස් දේශපාලනික ව සිංහල බෞද්ධයාට ම පහර දීමට තරම් උපායශීලී වීමයි ” මහින්ද පතිරණ දිගින් දිගටම ඔවුන්ගේ ක්‍රියා කලාපයන් විවෘතව විවේචනය කල සුලතරය අතර වූ ඔහුගේ මුලික මිනිස් අයිතිවසිකමක් වන නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා උල්ලංඝනය කරමින් දැන් යහපාලන කරමතින් යන ඥානසාර නම් චීවරධාරියාට එරෙහි වන්නන් දඩයම අරඹා තිබේ.

මුස්ලිම් ජනතාව රවටා ඔහුන්ගේ ඡන්දය කොල්ල කන් වත්මන් සිරිසේන- රනිල් ආණ්ඩුව ජාතිවාදය වපුරණ් බව පවසමින් සමාජ ජාලා පාවා අවහිර කිරිමට කැසකවමින් සිටින අතරතුර ජාතිවාදයෙන් සිංහල බෞද්ධයාගේ ඡන්දය කොල්ල කෑමට ඥානසාර ජාතිවාදී බේබදු මැර සිවුරුකරුවා යොදවා ගන්නා අයුරු පසුගිය කාලසිමාව තුල දිගින් දිගටම අනාවරණය විය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුර පෝ දා ජනාධිපතිවරයා,ප්‍රධානත්වයෙන් කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවිධානය කර තිබූ පුන්‍යෝත්සවයට ගලගොඩ අත්තේ ඥානසාර කැදවා බණ දෙසන්නට අවස්ථාව දුන්නා පමණක් නොව වත්මන් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ට ජාතිවාදය අවුස්සා ඡන්දය ගන්නා අකාරය පිළිබඳව මේ වනවිට පාඨමාලාවන්ද නානසාර විසින් පවත්වමින් සිටි.

ගලගොඩඅත්තේ ඥානසාර යනු මේ වන විටත් අධිකරණයේ විභාග වන නඩු 7-8 ක චුදිතයෙකි. ඒ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ද වේ. මොහු බීමත්ව බලපත්‍ර නොමැතිව ලොරියක් පදවා අනතුරක් සිදුකොට පලා යද්දී අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පැවරූ කල එහිදී වරද පිළිගෙන රුපියල් 15000 ක දඩ ගැසුම්ද කා සිටින අශ්ලීල කමින් අගතැන්පත් නරුම සිවුරුකාරයෙකි. බේරුවල මහා මුස්ලිම් ප්‍රහාරයේ ප්‍රධාන වගඋත්තර කරුවාද වන මොහු පසුගියදා මහනුවර ගැටුම් වලටද මුල් වූවෙකි. එවැනි ගන්ඳස්සාර ජාතිවාදියෙකු ජනාධිපතිවරයා විසින් ජපානයට කැටිව යෑම ගැනද බරපතල චෝදනා එල්ල විය. ජනාධිපතිවරයාගෙන් ලන්ඩනයේ දී ඒ ගැන ප්‍රශ්න කළ විට ප්‍රශ්නයට උත්තර නොදුන් ජනාධිපති කෝප වී සාකච්ඡාවෙන් ඉවත්ව යන බවට තර්ජනය ද කෙළේය.

අවසාන වශයෙන් රනිල්ට සහ මෛත්‍රීට එකක් පමණක් කියා තබන්නේමු.ජාතිවාදය වපුරන ඒ හරහා සිංහලයා  මොඩයා කර තමන්ගේ බඩ වඩා ගන්නා ජාතිවාදි නානසාර වැනි එවුන් සමග ලැගිම, බල්ලෝ එක්ක බුදිය ගත් විට මැක්කෝ සමග නැගිටින්නට වන බව කියවෙන් පැරණි කියමන මතකයේ තබා ගන්නා ලෙස පමණී.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.