Featured

සිරිසේන කෙකර ගෑවේ….බිත්තරය දාලා ඉවර වෙලා….සමාජ ජාල වෙබ් අඩවි තහනමට පාර්ලිමේන්තු පනතක්

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නව නීති ගෙන එන්නේ යැයි පවසමින් වත්මන ආණ්ඩුව වෙබ් අඩවි වාරණයකට අවශය පිඹුරුපත් සකස්කර අවසන් බව අනාවරණය වේ.

සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති රීති මෙතෙක් මෙරට තුළ නොතිබි හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තු පනකත් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇති අතර ඒ අකාරයේ පනතක් අන්තවාදි මුස්ලිම් රාජ්‍යන් කිහිපයක හැර සිරිසේන- රනිල් ප්‍රජාතන්ත්‍රවාදී යැයි මහා උජාරුවෙන් කෙප්ප කියන යහපාලනය නැමති රටක ඉදිරිපත් වන පලමු අවස්ථාව් මෙය වේ.

එම පනත අනුව සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගැනෙන්නේ ඊට අන්තර්ජාල පහසුකම් සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහා වන අතර

රටට අහිත කර යැයි ආණ්ඩුව තින්දු කරන සමාජ වෙබ් අඩවි සඳහා අන්තර්ජාල පහසුකම් නිකුත් කර ඇති දුරකථන සමාගම් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු වන බවත් ඒ සමාගම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අංගසම්පූර්ණ නීති පද්ධතියක් ගෙන ඒමටකටයුතු කරමින් සිටි.

අන්තර්ජාල වෙබ් අඩවි හරහා සිදුකරන අශීලාචාර අවිනීත අපහාස කිරීම්වලට එරෙහිව නීතිමය පියවරගත යුතු යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද කෙකර ගාමින් මාධ්‍ය ඉදිරියේම හිට්ලර් පන්නයේ ප්‍රකාශයක් කළේ ඒ සදහා වු සියලුම ක්‍රියාමාර්ග රැගෙන අවසන් කර බව රටේ සමහරක් ජනතාව තවමත් දන්නේ නැත.

මෙම වෙබ් අඩවි හරහා ශ්‍රී ලංකාවේ දැනට වැඩිපුරම අපහාසයට ලක්‌වන පුද්ගලයා තමා බවත් එම වාර්තාව කඩන්නට වෙන කාටවත් නොහැකි බවත් මහා උජරුවෙන් කී සිරිසේන තමන් බලයට ගෙන ඒම සදහා ඒජාපයේ කුළී වෙබ් කාරයන් යොදවා රාජපක්ෂලාට මඩ ගැසු හැටි අමතක විම අමුතු දෙයක්ද නොවේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස්‌ පළ කළේ ඊයේ (19) හැඳල පැවැති අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික සම්මේලනයේදී අමුතුම කතා ටිකක් කී අතර එම කතාව පහත දැක්වේ.

මෙහිදී සාකච්ඡාවට ලක්වුණා අධිකරණ ඇමතිතුමාගේ කතාවේදි ඒවගේම මාධ්‍ය තුළ අපි දකිනවා පාර්ලිමේන්තුවේ විවාද තුළ අහගෙන හිටියා. අධිකරණ ක්ෂේත‍්‍රයේ කටයුතු කරන විනිශ්චයකාරවරුන්ට අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් වෙලාවට කරන නොයෙකුත් අසාධාරණ, අවිනීත වූ විවේචනයන් සහ අසත්‍ය ප‍්‍රචාරයන් පිළිබඳව. මම හිතන්නේ මේ රටේ සෑම කෙනෙක්ම දන්නවා අන්තර්ජාලය තුළින්, වෙබ් අඩවි තුළින්, දවසේ වැඩිපුරම මේ රටේ නින්දා අපහාස විඳින කෙනා මමයි. ඒ වාර්තාව වෙන කාටවත් කඩන්න පුළුවන්කමක් නැහැ. මට තමයි වැඩිපුරම ඒවා හම්බ වෙන්නේ. මම නම් කරන්නේ ඒවා බලන්නේ නැහැ. මම මගේ නෝනාටත් දරුවන්ටත් කියලා තියෙන්නේ වෙබ්සයිට් බලන්න එපා. ඒකට යන්න එපා. හොඳම දේ දවසේ තිබෙන වැඩ ටික කරනවා මිසක් අපි මොනවටද ඕවා පස්සේ යන්නේ කියලා.

ඒ කෙසේ වෙතත් මේ අන්තර්ජාලය, වෙබ් අඩවි අද ඒ තිබෙන නිදහස ඉතාමත් වැරදි විදියට පාවිච්චි කරනවා. අපිට දේශපාලනඥයෝ විදියට නම් මේ නින්දා, අපහාස, චරිත ඝාතන හොඳට හුරුයි. නමුත් අපි දන්නවා තමුන්නාන්සේලා වැනි මේ ක්ෂේත‍්‍රවල ඉන්න අයට ඒවගේම අනිකුත් වෛද්‍ය, ඉංජිනේරු වැනි අනිකුත් ක්ෂේත‍්‍රවල වෘත්තීකයන්ට එවැනි සිද්ධීන් ඇති වුණාම ඒවා විඳ දරා ගැනීමට ටිකක් අමාරුයි. මොකද දේශපාලනඥයෝ නම් හැමවෙලේම නින්දා, අපහාස මඩ වදින පිරිසක් ඒවාට ඔරොත්තු දෙනවා නම් තමයි මේක කරන්න පු`ථවන්. ඒවාට ඔරොත්තු දෙන්නේ නැත්නම් ඒ වැඬේ කරන්න බැහැ. නමුත් තමුන්නාන්සේලාගේ එහෙම නෙවෙයි තමුන්නාන්සේලා ජීවත් වන පරිසරයත් ඒවගේම සමාජ පසුබිමත් මේ අදාළ විෂය ක්ෂේත‍්‍රයන් ගත් විට එවැනි දේවල් තමුන්නාන්සේලාට එක් පැත්තකින් අලුත් දේවල් නව අභියෝග. අපි රජයක් විදියට ඉතා පැහැදිලිව එවැනි තත්ත්වයන් පිළිබඳව කනගාටු වෙනවා වගේම අධිකරණ ඇමතිතුමත් අපි සාකච්ඡුා කරලා රජය විදියටත් තීරණයක් අරගෙන තිබෙන්නේ.

මේවා වැළැක්වීම සඳහා නීතිමය වශයෙනුත් ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගත යුතුයි කියන එකයි. නිදහස කියන එක සැමවිටම දෙන්නේ යහපත් මිනිසුන් සඳහායි. නමුත් වගකීමක් සහිත මිනිසුන් වැඩි පිරිසක් අතරේ අයහපත් මිනිසුන් සුළු කොටසක් විසින් කරන්නා වූ ඉතාමත්ම අවිනීත සහ අසීලාචාර ක‍්‍රියාවන් අපි සැමවිටම හෙළා දකිනවා. ඒවා ප‍්‍රතික්ෂේප කරනවා. ඒවා වැළැක්වීම සඳහා අපි සැමවිටම කටයුතු කරනවා. ඒ නිසා අපිට අධිකරණ ක්ෂේත‍්‍රය පිළිබඳව මේ තිබෙන සියලු පසුබිම් එක්ක අපි තමුන්නාන්සේලා කෙරෙහි විශාල විශ්වාසයක් තබලා තිබෙනවා. පසුගිය කාලසීමාව ගත්විට රටේ පොදු ජනතාවගේ පැත්තෙන් අධිකරණ ක්ෂේත‍්‍රයට එල්ල කරන ලද විවේචන සහ චෝදනා කියන එකත් අපි යම් ප‍්‍රමාණයකට සිතා බැලීම අවශ්‍ය වෙනවා. සියයට සියයක් ඒවා පසු පස නොගියත් යම් ප‍්‍රමාණයකට එවැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සුදුසුයි කියන එකයි මා විශ්වාස කරන්නේ.

Top