Breaking
25 Feb 2025, Tue

සිරිසේන ගොනෙක්ද?ගොන් හරකෙක්ද?

සිය අමන මරී තකතිරු උපදේශකයෙකු හදිසියේම නින්දෙන් ඇහැරි කී කතාවක් හේතුවෙන් නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කල ප්‍රකාශය හත්පොලේ ගා ගෙන තිබේන බව වාර්තා වේ.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගාල්ලේදී පැවසීය.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය.

භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.

ජනාධිපතිවරණයට පෙර දින මොන කාර්යාලද අමාත්‍යංශය ද වැඩ කළේ? මේ මුදල රුපියල් කෝටි 400 ට වැඩියි. කෝටි 442 යි. ජනාධිපතිවරණයට කලින් දවසේ රුපියල් මිලියන 3012 ක්‌ නිකුත් කරන්න නිලධාරීන්ට අයිතියක්‌ තියෙනවාද?

නිල්වලා ව්‍යාපෘතියට සැබවින්ම සිදුවූයේ කුමක්ද?.

ජනතාව නොමග නොයවමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍යය රටට හෙළි කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමන්ගේ වගකීමයි.

Maithripala Sirisena: What really happened to Nilwala project? Pls conduct impartial inquiry & tell the truth

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.