Featured

සිරිසේන මහා නායක ස්වාමින්වහන්සේලාට කොචොක් කරයි…උත්සවයට පොල්ල තියා හොර පාරෙන් රජ ගෙදර

බෞද්ධයා ගොනාට අන්දවා බෞද්ධ ආගමත් රටත් දෙකඩ කිරිම සදහා මානබලමින් සිටින සිරිසේන ජනාධිපතිවරයා රටේ මහා නායක ස්වාමින්වහන්සේලාටද කොචොක් කරමින් සිටි.

අතිපුජ්‍ය නුවරඑළියේ චන්දජොති නායක හිමියන්ට ශ්‍රි සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ඊයේ සිදුකිරිමට නියමිතව තිබු අතර උත්සව සභාව රැස්ව පැය ගණනක් ජනාධිපති එනතුරු බලාසිටි නමුත් ජනාධිපතිවරයා නොපැමිණීම හේතුවෙන් මහා සංඝරත්නය සහ රැස්ව සිටි පිංවතුන් සිය අප්‍රසාදය ජනාධිපතිවරයාට පලකර තිබේ.

එම අවස්ථාවට පැමිණි සිටි නිකමුන්(ඇමතිවරුන්) වන ඩිලාන් පෙරේරා,ලක්ෂමන් යාපා සහ නිමල් සිරිපාල දැඩි අපහසුතාවට ලක්ව ඇති අතර පසුව ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියෙකු පැමිණ උත්සව සංවිධායකයින්ට පවසා ඇත්තේ ජනාධිපතිවරයා කොත්මලේ ප්‍රදේශයේ සිටින බවත් එම ප්‍රදේශයට දැඩි ලෙස වර්ෂාව ඇද වැටෙමින් තිබේන නිසා මෙම ස්ථානයට සහභාගි විමට අවස්ථාව නොමැති බවයි.

පසුව නිකමුන් සංවිධායකින්ටද එම බොරුව පවසමින් සිටින අවස්ථාවේම සංවිධායෙකු කොත්මලේ ප්‍රදේශයේ සිටින ස්වාමින් වහන්සේ නමකට අමතා වර්ෂාව ගැන විමසා ඇති අතර ස්වාමින් වහන්සේ පවසා ඇත්තේ ඊයේ දිනයේම වැසි බිදක් හෝ නොවැටුන බවයි.

ඒ සමග නිකමුන් තිදේනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි රැස්විමක් ජනපති නිල නිවසේ කැදවා ඇති බව දන්වමින් හෙලිකොප්ටරයේන් කොළබ බලා පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) පෙරවරුවේ ගලගෙදර නව අධිකරණ සංකීර්ණයජනතා අයිතියට පවරාදිමේ උත්වසයටද එක්ව සිටියා.ඒ අනුව ඔනෑ කමින්ම ජනාධිපතිවරයා සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මගහැර ගොස් තිබේ.

ජනපතිගේ පොල්ල කෑ මහා සංඝරත්නය 

නිකමුන් (ජනතා ඡන්දයෙන් පැරදි සිරිසේනගේ ගූ බට්ටන් වු  ඇමතිවරුන් ඇගිලි කකා ජනපති එනතුරු සිටි අයුරු )

දින ගණනාවකට පෙර ජනපති එන බවට සදහන්ව යවා තිබු ආරාධනා පත්‍ර 

නිකමුන්ට ශ්‍රීලනීප රැස්විමට යන්න ආ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර

Top