Breaking
24 Feb 2025, Mon

සිරිසේන මැදමූලන ටොකුවලට වඩා කොළඹ පස්වැනි පටුමගේ රත්තරන් වළලු දාපු අතකින් ටොකු කන්න ආසයි

රනිල් අර සුපිරි ඇමති පනත වෙනත් නමකින් පොඩි පොඩි වෙනස්කම් ඇතිව නැවතත් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. පනත ගෙන ආ විගස යුද්ධ කරන්න ඕනෑම ගොනකුට පුළුවන් යැයි කිවු සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල ඒ පිළිබඳ විවාදය පසුව කරන්නේ යැයි කියා සභාව කල්දැමීමේ යෝජනාව ගෙනැල්ලා. කිසි කතාවක් නැතිව කතානායක කරු ජයසූරිය සභාව කල් දමා නැගිට ගොස්. මේ තමයි රනිල් ක්‍රමය. එනම් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඕනැම ගොනකුට සභානායක වෙන්නත් පුළුවන්, කතානායක වෙන්නත් පුළුවන්. කිරිඇල්ල හා කරු ජයසූරිය ගැන මා කිසිවක් කියන්නේ නැහැ.

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධීව. එහි ලක්‍ෂණය තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී වීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ම යොදා ගැනීම. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉංගිරිසින් ජනතාවගේ නාමයෙන් ජනතාව පාලනය කිරීමට යොදා ගත් ක්‍රමයක්. එයට බටහිර දේශපාලන විද්‍යාඥයන් විවිධ අර්ථකථන දෙනවා. මෙරට ඊනියා දේශපාලන විද්‍යාඥයන් ඒ කටපාඩම් කරගෙන වමාරනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ සෙළුව ඔවුන් දකින්නේ නැහැ. ඔවුන්ට දකින්නත් බැහැ. ඔවුනුත් ඉන්නේ සෙළුවෙන්, උපාධියෙන් සෙළුව වසා ගෙන!

මුල් සුපිරි ඇමති පනත පළාත් සභාවලට යොමු කළා. ඒ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 154G 2(b) වගන්තිය අනුව. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේි දී මේ වගන්තියත් 154G 3(b) වගන්තියත් පාරින්ද රණසිංහ විනිසුරුතුමා ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට තීන්දුවක් දුන්නා. ඒ අතර රාජා වනසුන්දර මහතා ඇතුළු විනිසුරුැවන් හතර දෙනකු මුළු ව්‍යවස්ථා සංශෝධනය ම ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි කියා සිටියා. විනිසුරු මඬුල්ලේ මුළු සංඛ්‍යාව නවයයි. ඒ කියන්නේ ඉහත සඳහන් වගන්ති දෙක ජනමත විචාරණයකට ලක් කළ යුතු බව විනිසුරු මඬුල්ලේ බහුතරයේ තීරණය වුනා. එවිට එක්කෝ ඒ වගන්ති දෙක සංශෝධනය කර නැවත ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කළ යුතුව තිබුණා. නැත්නම් ඒ වගන්ති දෙක ඉවත් කළ යුතුව තිබුණා. එසේත් නැත්නම් ඒ වගන්ති වෙන වෙන ම ජනමත විචාරණවලට යොමු කළ යුතුව තිබුණා. ඒත් ජේ ආර් ජයවර්ධන ඒ එකක්වත් කෙළේ නැහැ. ඔහු කෙළේ වගන්තිවල වචනයක් දෙකක් වෙනස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ මාමාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ වගන්ති දෙක නීත්‍යානුකුල ව සම්මත වී නැහැ. ඒත් ඒ වගන්ති දෙක බෑණාට තරමක පාරාවළල්ලක් වුනා.

බෑණාත් එවැනි ම ප්‍රජාතන්ත්‍රවාදයක් අනුගමනය කරනවා. ඔහු පාර්ලිමේන්තුව විහිළුවකට ගෙන. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. ඒ ඉතාම සියුම් ව. එහි දී ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගන්නවා. තමා සුදු වෑන් එවන්නේ නැතැයි ඔහු කියනවා. ඒත් නීතිය නවනවා. ඒ සඳහා පොලිෂ්පති කෙනකුත් නීතිපති කෙනකුත් ඔහුට සිටිනවා. පොලිෂ්පති හාමුදූරුවරුන්ගේ සිවුරු ගලවා ගහන ලෙස නියෝග කර තිබෙනවා. ඇමතිවරුන් යවන ගැහැණු පොලිස් ආරක්‍ෂාව යටතේ හාමුදූැවරුන්ට ගල් මුල් එල්ල කරනවා. මේ ගැහැණුන් බෞද්ධ ද කියලා රතන හිමි සොයා බලනවා ද? රතන හිමි ගැන යුග පෙරළිකාරයන් හොයා බලනවා ද? උන්වහන්සේ ගැන ආරංචියක් නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සාක්‍ෂි හා වෙනත් කරුණු මතයි අධිකරණයට තීන්දු දෙන්න වෙන්නෙ. අද නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව, විශේෂයෙන් ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ක්‍රියාත්මක වන්නේ එක්කෝ අධිකරණයෙන් කරුණු වසන් කිරීමට, එහෙමත් නැත්නම් නැති කරුණු ඉදිිරිපත් කිරීමට. අධිකරණය අපක්‍ෂපාති වුවත් පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව අපක්‍ෂපාති නැහැ. මේ රට දැන් පොලිස් රාජ්‍යයක් කරා ඉක්මණින් ඇදෙනවා.

රනිල් කිසිම පනතක් අකුල ගන්නේ නැහැ. පනතකට විරුද්ධතාව මතු වුනා ම ඔහු අඩියක් පස්සට ගන්නවා. ඉන්පසු පනතේ වචන කිහිපයක් වෙනස් කර ඒ සම්මත කර ගැනීම සඳහා අඩි දෙකක් ම ඉදිරියට තබනවා. සුපිරි ඇමති පනතේ දී ඔහු කර ඇත්තේ එයයි. නව ව්‍යවස්ථාවටත් ඔහු කරනු ඇත්තේ එයයි. ඒකාබද්ධ විපක්‍ෂය තවමත් නව ව්‍යවස්ථාව පරාජය කිරීමේ කටයුත්ත අතට අරගෙන නැහැ. මෛත්‍රිපාල මේ කිසිවක් නැති ගණනට ඉන්නවා. සුපිරි ඇමති පනතෙන් තම බලතල ඉක්මවා යන ඇමතියකු බිහිවීමට යෑමේදීත් ඔහු බකන් නිලා ගෙන සිටිිනවා. රත්තරන් වළලු දාපු අතකින් ටොකු කෑම ගැන ඔහු විශ්වාස කරන බවක් පේන්න තියෙනවා. මැදමූලන ටොකුවලට වඩා කොළඹ පස්වැනි පටුමගේ රත්තරන් වළලු දාපු අතකින් අනින ටොකු ඔහු අගය කරනවා. ඔහු තවමත් මැසිවිලි කියන්නේ රාජපක්‍ෂලාට විරුද්ධ ව.

ඊයේ කුරුණෑගල ශාන්ත බණ්ඩාර යම් අවස්ථාවක කියා තිබුණා ජනාධිපති කෙනෙක් ඉන්නවා කියා. අප නම් මෙච්චර කලක් හිතන් හිටියෙ මහින්ද රාජපක්‍ෂගෙන් පසුව මෙරට ජනාධිපති කෙනකු නැහැ කියා. තම බලතල කපා දමන, සිංහල බෞද්ධ සංස්කෘතියට වින කරන, පනත් ගෙන එන විට, රට විකුණන විට මෛත්‍රිපාල මුඛය විවෘත වන්නේ නැහැ. උතුරට සංහිඳියාවත් දකුණට මර්දනයත් රනිල්ගේ ක්‍රමයේ අංග. උතුරේ හා නැගෙනහිර බුද්ධ ප්‍රතිමා වහන්සේ කඩන විට සංහිඳියාව නාමයෙන් පොලීසිය දෙමළ හා මුස්ලිම් ජාතිවාදීන් රකිනවා. ඒත් හම්බන්තොට දී හාමුදුරුවන්ට පහර දෙනවා. මෛත්‍රිපාල වචනයක් කියන්නේ නැහැ. ඔබාමා එක්සත් රාජ්‍යවල දුර්වල ම ජනාධිපති කෙනකු යැයි මා කී විට එක් අයකු කීවේ තවමත් ඒ රටේ කළු වහලුන් ඇති බවයි. අපේ රටේ සුද්දන් බිහි කළ කළු සුද්දන් කල්ලන් ව තවමත් යටත් කරගෙන.
නලින් ද සිල්වා
2017 ජනවාරි 11

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.