Featured

සිරිසේන මේ කවුද? මොනවාද කරන්නේ….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තායිලන්තයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ ඔහු සමඟ ගිය ජී.එල්. පීරිස් මහතා අවි ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන ගැන චෝදනා ලබා සිටින රාජපක්‍ෂ මහතාගේ ඥාතියකු මෙන්ම රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමඟ ඡායාරූපයකට මුහුණදීම ආන්දෝලනාත්මක සිදුවීමක් බවත්, මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් මෙන්ම ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගෙන්ද ප්‍රකාශ ලබාගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර නැමත්තා කටමැත දොඩවා තිබුනු අයුරු මාධ්‍ය හරහා දැක ගැනිමට හැකිවිය.

නොයෙල් රණවීර සමඟ බද්ධ ගිණුමක් පවත්වාගෙන ගිය උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනා බවත් නොයෙල් රණවීරගේ ඝාතනය සඳහා ඔහුගේ පවුලේ අයගෙන් උදයංග වීරතුංග මහතාට ඇඟිල්ල දිගුවී ඇතැයිද පෙන්වා දෙන නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා ඔහු නිර්දෝෂි පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවට පැමිණ තම නිර්දෝෂිභාවය තහවුරු කළ යුතු විනා සමාජ වෙබ් අඩවි ඔස්සේ නිර්දෝෂි පුද්ගලයකු වීමට යත්න දැරීම හාස්‍යජනක කරුණක් බවත් කීවේය.

ඒ පමණක් නොව පසුගියදා කැබිනට් රැස්විම අතරතුරදිද අමාත්‍යවරුන් හමුවේ සිරිසේන ජනාධිපතිවරයා මහින්දගේ සංචාරය අතරතුර උදයාංග විරතුංග හමුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මම උදයංග ගැන දන්නවා …අපි බලමු කෝ ” යනුවෙන්ද ප්‍රකාශයක් කර තිබු අතර පසුව රාජිත සේනාරත්න කැබිනට මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස්ද පලකර සිටියා….සිරිසේනට මතක් වන්නට ඇත්තේ තමන් සෞඛ්‍ය අමාත්‍යවරයව සිටි කාලයේ 2011 අප්‍රියෙල් මාසයේ 25-29 කාලසිමාව තුල රුසියාවේ රැදි සිටිමින් ගත්තු ආතල් ටික වන්නටද පුලුවන.ඇත්තටම රුසියාවේ ගතකරපු ඒ දවස් 5 සිරිසේනගේ ජිවිතයේ ලස්සනම දවස් 5කියලා රට ඉදලා ආපු ගමන් කියපු කතාව දන්නෝ දනිති…

“රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තායිලන්තයට පැමිණ සිටි බවක් තමන්ද දැනගත් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යුක්රේනයේ ත්‍රස්තවාදී සංවිධානයකට අවි ලබාදීමේ ජාවාරමකට චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග නැමැත්තා තායිලන්තයට පැමිණ ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගන්නේදැයි ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා කියා සිටියේ FCIDය පවා යුක්රේනයට ගොස් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කළ බවයි.

ඔහු ෆේස්බුක් අඩවියේද ක්‍රියාකාරිව සිටින බවත්, විදෙස් සංචාරවල යෙදෙන්නේ පෞද්ගලික ගුවන් ගුමන් බලපත්‍රයෙන් බවත්, ඔහු ගැන සිදුකරන විමර්ශන නතර කර නැතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවද එහිදී විදේශ කටයුතු අමාත්‍යංශයට ද වගකීමක් පැවරෙන බවද රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පැවසී ය.””

පසුගිය කාලෙයේ රාජපක්ෂලා දඩයමේ ගිය වෙබ් කාරයන්ගේ පුවත් 

යුක්‍රේනයේ ත්‍රස්තවාදී සංවිධනයක සමඟ අවි ජාවාරමක නිරතව සිටිය බවට චෝදනා ලැබ සිටින රුපියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ වන විට අතුරුදහන්ව ඇති බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ.

උදයංග වීරතුංග අඛන්ඩව වසර 9 ක කාලයක් රුසියාවේ පදිංචිව සිටින අතර වැඩිම කාලයක් තානාපති සේවයේ එකම රටක කටයුතු කළ පුද්ගලයා වන්නේද ඔහුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකු වන ඔහුගේ තනාපති සේවය අත් හි‍ටුව මෙරටට යළි කැඳවීම සිදු කිරීම පසු ගියදා රජය මඟින් සිදු කරනු ලැබුවද ඔහු පැමිණියේද නැත.

කෙසේ නමුත් ඔහු සිදු කර ඇත්තේ රටේ කීර්ති නාමය බරපතල ලෙස අනතුරේ හෙලන ලැබු කටයුත්තක් වන අතරම එය ලෝක සාමය නතුරට පත් කරනු ලැබු බරපතල වරදක්ද වේ.

Uadayanga_MS01 Uadayanga_MS02 Uadayanga_MS03 Uadayanga_MS04 Uadayanga_MS05 Uadayanga_MS06

 

Top