Breaking
25 Feb 2025, Tue

සිරිසේන යනු ගොනෙක්ද? බුරුවෙක්ද?මන්ද බුද්ධිකයෙක්ද?

තමා රටේ පොදු මහජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (18දා) පොලොන්නරුවේදී පම්පොරියක් ගසා තිබේ.එම පුවත් ඇසු සැනින් මම කල්පනා කලේ සිරිසේන යනු ගොනෙක්ද? එසේ නැත්නම් බුරුවෙක්ද? එසේත් නැත්නම් හදුනා නොගත් කිසියම් සත්ව වර්ගයකට අයත් අයකු දැයි සොයා බැලිය යුතු බවයි.මන්ද රටක ආර්ථික විශේෂඥයකු (අර්ජුන්,රවි,රනිල්…මෛත්‍රී හැර පොර 8 වසරෙත් ගණිතයට ලකුණු 6 අරන් තියෙන්නේ ….) කිසියම් බද්දක් පනවනු ලබන්නේ රටේ බහුතර ජනතාව එනම් උපයන ජනතාවගෙන් සියයට අවම වශයෙන් 99ක ටවත් බලපාන අකාරයටය.

තමා රටේ පොදු මහජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පැනවිමට කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොතබන බවත් නැති බැරි දුප්පත් ජනතාවට පීඩාවන අන්දමේ ආර්ථික යෝජනා ගෙන එන ආර්ථික විශේෂඥයින්ට ගෙදර යන්නට කියන බවත් ජනාධිපතිවරයා කියන්නේ නම් ඉස්සෙල්ලාම සිරිසේනට ඔය පුටුවෙන් නැගිට යාමට සිදුවනු ඇති සමහර ඉට ඒ නිසාම සිරිසේන මෙහෙම කැල්ලද තමන්ගේ කතාවට එකතු කර තිබේ එනම්…..වැට් බදු සංශෝධනයකට රජය සූදානම්වන බවට පසුගියදා ඇතැම් මාධ්‍ය ඔස්සේ විවිධ වාර්ථා පළ වී තිබූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ දුප්පත්, පොදු මහජනතාව පීඩාවට ලක් කරන කිසිදු ආකාරයේ බදු වැඩි කිරීමකට තමා ඉඩ නොදෙන බවයි.

“මම හැම විටම බලන්නේ රටේ දුප්පත් පොදු මහජනතාවගේ, මේ රටේ නැති බැරි මිනිහාගේ, දුප්පත් මිනිහාගේ ආර්ථික තත්ත්වය සමඟ ආර්ථික වාසි සැලසීමත් රටේ පොදු මහජනතාවට සහන සැලසීමත් රාජ්‍ය ප්‍රතිපත්තිය විදියට ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා පොදු මහජනතාවට බරක්‌ වන විදියේ ආර්ථික යෝජනා ගෙන එන ආර්ථික විශේෂඥයින් ඉන්නවා නම් ඒ අයට ගෙදර යන්න කියනවා මිසක්‌ වෙන කියන්න දෙයක්‌ නෑ. මේ රටේ ආර්ථිකයට උපදෙස්‌ දෙන්න ඒ අයට ඉඩ දෙන්නේ නැති බවත් මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා.”

ඒ අනුව වත්මන් යහපාලන රජයේ ගත් තින්දු තීරණ රැසක් ජනාධිපතිවරයා දැක තිබුනේ ඇතැම් මාධ්‍ය ඔස්සේය.එසේනම් සිරිසේන උන්නැහේ මේ ආණ්ඩුවේ වගකිවයුතු කිසිදු තනතුරක් දරන්නේද? යන්න ඔහු විසින්ම ඉක්මනින්ම රටේ ජනතාවට පිළිතුරක් දිය යුතුය.

අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේ රජය මෙම වසර සඳහා අදාල යම් යම් අය වැය යෝජනා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.

නව සංශෝධන අනුව, ව්යවස්ථාපිත ආදායම් බදු සියයට 15 සිට සියයට 17.5 කින් වැඩි කර ඇත.

සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු සංශෝධනයන් පිළිබඳව 2016 අයවැය යෝජනා වසරකින් අත්හිටුවීමට රජය තීරණය කර ඇත. දැනට පවතින 2015 අනුපාත මෙම බදු සඳහා අදාල වෙනු ඇත.

එමෙන්ම 1987 සිට ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වී නැති වී ඇති ප්රාග්ධන ලාභ බද්ද නැවත හඳුන්වා දී තිබේ.

එකතු කළ අගය මත බද්ද දැනට අය කරන සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කර ඇත.

2016 අයවැයෙන් සියයට 8 කින් සහ සියයට 12.5 ක් ලෙස නව එකතු කළ අගය මත බදු ක්රමයක් යෝජනා කළේය.

2016 අයවැයෙන් යෝජනා කළ විදුලි සංෙද්ශ, පෞද්ගලික අධ්යාපනය සහ පෞද්ගලික සෞඛ්ය එකතු කළ අගය මත බදු සහන ද ඉවත් කර ඇත.

ගොඩනැගීමේ බද්ද වත්මන් සියයට 2 සිට යෝජිත සියයට 4 ක දක්වා වැඩි නොවනු ඇත.

එසේනම් ඉහත වැඩිවන බදු මේ රටේ පොදු මහජනතාවට බල නොපායි යනුවෙන් කාටනම් සහතික විය හැකිද? එවන් කතා කියන්නට ගොනෙක්,බුරුවෙක්,මන්ද බුද්ධිකයෙකු හැර වෙනත් අයෙකුට හැකියාවක්ද නැත.

මතුගම -ඒ.ආර් දිසානායක 

මේ Facebookසමාජ ජාලාවේ තිබු පොස්ට් එකකි…සමහර ඉට ඇත්තටම වෙන්නේ මෙක වෙන්නත් පුලුවන්…මොක්ද සිරිසේන මහත්තයාගේ ඉංග්‍රිසි දැනුම අපි ජනාධිපතිවරණ කාලයේ දැක්කා…..

MS_RW

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.