Breaking
18 Apr 2025, Fri

සිරිසේන යලි ජෝකර් වෙයි -ලබන නොවැම්බර් වල ආණ්ඩුව වෙනස් කරනවාලු

2017 වර්ෂයේ ඉදිරිපත් වන අයවැයේදි වත්මන් ජාතික ආණ්ඩුව පරදවා ශ්‍රීලනිපයට ප්‍රමුඛතාව ලැබෙන ආණ්ඩුවක් සෑදිමට තමන් සුදානමින් සිටින බැවින් මේ අයවැයට විරුද්ධ නොවි සහය පලකරන ලෙස ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා සිය ශ්‍රීලනීප බත් බැලයන්ට පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඉදිරිපත් කර තිබේන අයවැය සම්පුර්ණයෙන්ම අගමැතිවරයාගේ බලපෑම් මත චරිත රත්වත්තේ සහ ආර්.පාස්කරලිංගම් විසින් සකස් කල එකක් බවත් අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා පවා සිටින්නේ කලකිරිමෙන් බව තමන් සමග පැවැසු බවද සිරිසේන ජනාධිපතිවරයා සිය කණ්ඩායම සමග පවසා තිබේ.

මේ හරහා සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සොදා පාලුව නතරකර ගැනිම සදහා සිරිසේන ජනාධිපතිවරයා උත්සහ කරමින් සිටින බව අමුතුවෙන් කිවයුතු නෑ.අවස්ථා ගණනාවකදි සිරිසේන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ බත් බැලයන් තමන් අතහැර යැම වලක්වා ගැනිම සදහා විවිධ කතා කිමට කටයුතු කල අතර පසුගියදා මෛත්‍රීගේ බිලිකොක්කට ගෑසු ඇම් 4 ක් වු මහින්ද අමරවීර,ඩිලාන් පෙරේරා,ලසන්ත අලගියවන්න,විජිතමුණි සොයිසා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් පිරිසක් හමුවි සිරිසේනට කෙලවෙන්නට යන බවට අඳෝනා නැගිමද එම ආරක්ෂක වැඩ පිළිවෙළම කොටසක් බවයි අප වාර්තාකරු පෙන්වා දුන්නේ.

මේ අතර නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමට නියමිතව ඇති අතර නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගැනිමට නොහැකි වබ බවත් ඒය ලබන වසර අවසන් වනතෙක් ඇදගෙන යා හැකි බවයි.

කෙසේවෙතත් අප පසුගියදා අනාවරණය කල පරිදිම නව ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර එකඟතාවයක් හේතුවෙන් එය ඉටු නොකර සිටිමට තමන්ට කිසිසේත්ම හැකියාවක් නොමැති බව සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම අගමැති වික්‍රමසිංහද තරයේ අවධාරණය කර තිබේ.

2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු පසුගියදා අනාවරණය කළා. අදාළ පුවත මෙතනින් කියවන්න- 2017 ජනවාරි 31 පෙර රට ෆෙඩරල් වේ…. උතුරේ කලබල පසුපස සිරිසේනගේ අදිසි හස්තය

මේ අතර විධායක බලය සියතට ගැනිම සදහා රහසිගත කුමන්ත්‍රණයක් දියත් කර තිබේන අගමැති වික්‍රමසිංහ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් කරා යොමුකර ඒ හරහා විධායකය ඇල්ලිම සදහා කටයුතු කරමින් සිටින බැවින් ජනමත විචාරණයක් සදහා ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවට ශ්‍රීලනිපයෙ මෛත්‍රී කල්ලියේ මතය වි ඇත්තේ.  මේ හේතුව නිසාම නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව සහ සිරිසේන නාඩගම 

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවකට මහින්ද රාජපක්ෂගේ සහාය නො ලැබෙන හෙයින් කළ යුතු එකම දෙය වන්නේ මහින්ද රාජපකෂ සතු ඡන්ද පදනම කොසේ හෝ පැහැර ගැනීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද පහසුවෙන් මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කඩා ගැනීම සිදු කළ නො හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට හෝ රනිල් වික්‍රමසිංහට මහින්ද සතු ශ්‍රී ලංකා ඡන්ද කෙසේවත් කඩා ගත නො හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපතක් නොවූ හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මෙහෙයවීම ඔහුටද පහසු නැත.

අදාළ පුවත මෙතනින් කියවන්න-Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.