Featured

සිරිසේන-රනිල් මැතිවරණ සිතියම හකුලයි…2017 මැතිවරණ නෑ

2017 වසරේ කිසිදු මැතිවරණයක් නොපැවැත්විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවක් ඇතිකරගත් බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පසුගියදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැති අතර එහිදි මෙම එකඟතාව ඇතිකර ගත් බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.

පවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැතිම අනතුරු දායක බවත් එම හේතුවෙන් මැතිවරණ පැවැත්විම 2017 වසරේ සම්පුර්ණයෙන්ම හකුලා දැමිම සදහා දෙදෙනාම එකඟතාව පලකර තිබේ.මීට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණය නොපැවැත්විමට දෙදෙනා අතර එකගත්වයක් ඇතිකරගෙන තිබේන අතර ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කිරිමට තිරණය කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

පැය දෙකකට අධික කාලයක් දෙදෙනා අතර සාකච්ඡාව පැවැති අතර එම සාකච්ඡා වලදි කැබිනට් මණ්ඩල සංශෝධනය මෙන්ම සංවර්ධන විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් රනිල් පිළේ ප්‍රභලයා හෙලිකර නෑ.

Top