Breaking
23 Feb 2025, Sun

සිරිසේන විජේකලා වෙනුවෙන් ඉතිහාසය වෙනස් කරයි! ආක්‍රමිණික එළාර මැරයාගේ පිළිමයක් රුවන්වැලි මහසෑයේ සාදයි!

දශක තුනක කාලසීමාව තුල ශ්‍රීලංකාවේ ඇතිව තිබූ කුරිරු යුද්ධය ලංකාවේ ආර්ථිකමය හා දේශපාලනයම වශෙයන් අස්ථාවර වීමට බොහෝ සෙයින් බලපෑ අතර, ඉතිහාසයේ රට එක්සේසත් කල දුටුගැමුණු වැනි නිරිඳුන් නැවත පහල වෙතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. ඒ බලාපොරොත්තුව පිට විදෙස් කුමන්ත්‍රණකාරීන් රටට අතපොවමින් සිටියේ ලංකාව යුධමය හා ආර්ථිකමය වශයෙන් ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක් බව හොඳින්ම දන්නා නිසාය.

කෙසේ වෙතත් ඔවුන්ගේ බලාපොරොත්තු සනුවිසුනු කරමින් රට අරාජික කල යුද්ධය 2009 වසරේදී එවක සිටි නිර්භීත නායකත්වය හා මගපෙන්වීම යටතේ පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකියාව ලැබිණි.

ඉන් වසර කීපයක් ගතවීමට පෙර පත්වූ වත්මන් ආණ්ඩුව යටතේ සහජීවනය සහ විදෙස් සබඳතා මුවාවෙන් මේ වන විට නැවත රට අරාජික වෙමින් පවතින බව ජනතාවට පසක් වෙමින් පවතීයි.

සිංහල දෙමළ සහජීවනය එකල පටන් ශ්‍රීලංකාව තුල සරුවට තිබුනද එය අන්තවාදය දක්වා පත්වූයේ වත්මනේ පාලක පැලැන්තියේ මූල බීජ තුලය. එකල දේශපාලඥයන්ගේ ඕනෑ එපා කම් වෙනුවෙන් සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර ගැටුම් අති කරනු ලැබූ අතර, එය බටහිර ගැත්තන්ගේ අභාෂය මත සිදුවූවකි.

1948 දී රටට නිදහස ලැබුන දා පටන් රට භාරගත් වත්මන් පාලන පැලැන්තියේ මූල බීජයන් අනුගමනය කලේ රටේ සංකෘතිය පසෙක දමා සුද්දන්ගේ පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි. එකල ලංකාව යටත් විජිතයක් වශයෙන් තිබියදී ඔවුන්ගේ ප්‍රධාන පාලන ක්‍රමය වූයේ ඩිවයිඩ් ඇන්ඩ් රූල්ස් ක්‍රමයයි. එනම් බෙදා වෙන්කර පාලනය කිරීමයි. එය එක් විටෙක ජාතියෙන්, තවත් විටෙක දුප්පත් පොහොසත්කමින්, තවත් විටෙක ආගම් වශයෙන්, වෙන් කර බේද භින්න කර පාලනය කලහ. එදා රටේ මහජාතිය වූ සිංහලයන්ට එකල කුඩම්මාගේ සැලකිලි විය. එය රටේ මහජාතිය හා සුළු ජාතීන් අතර විරසකය ඇති කිරීමට ඔවුන් ගත් එක් ක්‍රියාමාර්ගයකි. එවිට රට තුල නිසි නායකත්වයකට ඉඩක් නොවෙයි. වහලුන් ලෙස තම වාසි වෙනුවෙන් පැති තෝරාගැනීමට ඔවුන් ජනතාවට හුරු කලහ.

වත්මනයේද බටහිර ගැති පාලක පැලැන්තිය ජනතාව යොමුකරමින් සිටින්නේ එවැනි පාලන ක්‍රමයකට යටත් කිරීමටය. රටේ ඇති සංකෘතියට පහර දීම තුල මේ වන විට මහජාතිය වූ සිංහල ජනතාව වත්මන් ආණ්ඩුව පිළිබඳ දැඩි අප්‍රසාදයෙන් පසුවෙයි. එසේම දෙමළ මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබා දීම තුල එය තව තවත් සමාජය තුල උත්සන්න වී ඇත.

එක් ජාතිකයකට රටේ ජාතික සම්පතක් වූ වන සංහාරය සිදු කර නිජ භූමි සකස් කිරීමට අවස්ථාව උදාකර දී ඇති අවස්ථාවක තවත් ජාතිකයකට ප්‍රදේශ වෙන්කර දී වෙනම පාලන කලාප ලබා දීමට ගිවිසුම් ඇති කර තිබීම තුල මහජාතියට සුද්දන්ගෙන් වත් නොවු විරූ කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් පවතී.

dsc_0049එකල රට ආක්‍රමණය කල එළාර ලංකාවට පැමිණියේ ලංකාවේ සංකෘතිය ඔප් නැංවීමට නොව රට තුල ඇති ඓතිහාසික සිද්ධස්ථාන හා රටේ සියළු සංකෘතිය මුලිනුපුටා දමා රජවීමටය. ජාතියේ පිනට එකල දුටුගැමුණු නිරිඳුන් රට එක්සේසත් කල නමුත් වත්මන් පර ගැත්තන් විසින් අනුරපුර රුවන්වැලි සෑය අසල එළාර රජුගේ පිළිරුවක් ඉදි කර ඇත්තේ පරගැත්තන්ට උපහාර පිදීමක් වශයෙන්ද එසේ නොමැති නම් රුවන්වැලි සෑය හා දුටුගැමුණු නම වන්දනීය ලෙස සැලකීම හෑල්ලුවට ලක්කිරීමටද යන්න ජනතාව රටේ පාලකයන්ගෙන් ප්‍රශ්ණ කර සිටියි.

මෙම කරුණු සියුම් ලෙස පිරික්සීමේදී පෙනී යන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව රට තුල ඇති කිරීමට යන විශාල විනාශයක මූලාරම්භයයි.

වසර 300 කට වැඩි කාලයක් විදෙස් පාලකයන්ගේ ගැත්තන් වී සිටි ශ්‍රී ලාංකිකයන් වැවතත් අරාජික රටක සංකෘතියක් නැති සදාචාරයක් නැති මොට නිවට ජාතියක් වීමට ඉඩ කඩ ලබා නොදීමට නම් වත්මන් යහපාලනය නමින් වපුරන මෙම පැරගැති මූලබීජ විනාශ කර දැමීමට සියළු රට වැසියන් එක්විය යුතුය.

යහපාලනය අපගේ ඉතිහාසය විකෘති කරමින් සිංහල සංස්කෘතිය මකා දමමින් සිටියි.

අද අපගේ නිහඩතාවය නිසා මතු පරපුරට භායානක අනාගතයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය.

සටහන – තිත්ත සූකිරී

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.