Featured

සිරිසේන ශ්‍රීලනිපය රනිල්ට විකුණයි-ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරමින් විනය සහ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කළ සියලු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කල බව ජනාධිපති නිල නිවසේ සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ශ්‍රීලනිප සභාපති ධුරය බලෙන් අල්ලාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී ඊයේ(4) රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභාවේ දී මෙම තීන්දුව ගනු ලැබු අතර පක්ෂයේ නීතිගරුක බවට හානි කරමින් පාදයාත්‍රාවට එක්වූ පළාත් සභා ඇමැතිවරු, සභාපතිවරු, උප සභාපතිවරු ආදී සියලු තනතුරු දරන මන්ත්‍රීවරු එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ද මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පවසා තිබේ.

කෙසේවෙතත් අදාළ තින්දුව ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තවදුරට කලපනා කිරිමට තමන්ට කාලය අවශ්‍ය බව් ජනාධිපතිවරයා දැනුම් දි ඇති අතර එතෙක් ඒ සම්බන්ධයෙන් ලිපි යොමු නොකරන ලෙසටද උපදෙස් ලබාදි තිබේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂයට ලියාදුන් ශ්‍රිලනිපයේ 65 වැනි මලගම අභිමානවත් අයුරින් කුරුණෑගල දී සැප්තැම්බර් මස 4 වෙනි දින පැවත්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ජන සටන පාද යාත‍්‍රාවට සම්බන්ධ වූ තමන් ඇතුළු පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර හොත් ඊට එරෙහිව අධිකරණය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පැවසීය.

විස්තරාත්මක වාර්තාව බලාපොරොත්තු වන්න

Top