Breaking
24 Feb 2025, Mon

සිරෝ.. තමුසෙනං මාර මිනිහෙක් ඕයි…!

අද මාතරට හරි වැස්ස. හවස මගේ ගෙදරට ආපු හාදයෙක්-මගේ යාළුවෙක් මමත් එක්කරං ගියා හීන් අඩියක් ගහන්න ඕයි…. කිසිම අවසරයක් නැතුව පොලෝසිය ඉස්සරහම – ඔව් ඕයි…. පොලෝසිය ඉස්සරහම ඕයි … හපන ජාතිත් එක්කම අරක්කු විකුණනවා ඕයි අපේ ගමේ… ඉතිං ඒකට නේ අපිත් ගියේ.. මොකද ආරස්සාවත් තීයෙනවා නේ… බයක් හැකක් නැතුවම අඩියක් ගහන්න බැරුව යැ…

ෂොට් දෙකක් විතර දානකොට එකේ දාලා තිබුණු රූප පෙට්ටියෙ තමුන්නාන්සෙ කතා කොරනවා.. අපිත් ඉතින් පේන හින්දා බලනවා… නැත්නම් ඉතින් පියවි සිහියෙන් තොපේ එව්වා බලනවා නොවෙයි නේ ආයි බොවං…

ඉතින් මෙන්න බොලේ තමුන්නැහේ අපි ගැන කතා කොරනවා…. තමුන්නැහේ කිව්වා නොවැ අපිට ආණ්ඩු පෙරළන්න පුළුවන් කියලා…

අනේ අම්මපා මට උන්හිටි තැන් අමතක වුණා.. මම හිටි තැනින් නැගිට්ට පාරට අරක්කු බාගෙත් ඉහිරුණා කියමුකෝ…. මගෙත් එක්ක ආපු හාදයා බෝතලේ වැටෙන්න නොදී අල්ල ගත්තා. ඊට හපං – මං පැනපු ගමන් බයිට් පීරිසියේ තිබ්බ අමු මිරිස් කරල අල්ල ගත්තා. දැන් අරක්කුවලට වැඩිය අමු මිරිස් ගණන් නොවැ.

කොහොමිං කොහොමහරි තමුන්නැහේගෙ කතාව ඇහැව්වයි කියමුකෝ… අපි වගේ උන් ගැන කියන හිංදමද කොහේද අහල පහළ හිටි එවුනුත් මූණු විරිත්තගෙන, කට ඇඹුල් කරන ගමන් රූප පෙට්ටිය දිහාවට හැරෙනවත් දැක්කා.

ඔළුව සාක්කුවෙ දාගෙන හිටපු එකෙකුත් තමුන්නැහේගේ කතාව ඉවර වුණාට පස්සේ කාරල කෙළ තැම්බක් ගැහැව්වා… මගෙ අම්මෝ ඒ තැම්බේ ලොකූ……. මං හිතුවෙ ඌට සෙං අමාරුව කියලා…. ඒත් ඌ දනි පනි ගාලා නැගිටලා යනකොට එතන හිටි එකෙකුට කියනවා ඇහුණා “අර මයිනගෙ කතාවට මට වමනෙ යන්න ආවා P_කෝ…“ කියලා….

මොනව වුණත් මට එකක් විශ්වාසයි. තමුන්නැහේ අපිට මෙව්වා ඩිංගක් බොන්න ඉඩ අරිනවා-මයි. පොලෝසිය ඉස්සරහ නෙවෙයි. පොලෝසිය ඇතුළෙ වුණත් ලයිසොං නැතුව හරි ඕක කොරන්න ඉඩ දෙනවා මයි.

අර යසට හිටිය මහින්ද මහත්තයා ගෙ ආණ්ඩුව පෙරළුවෙ අපි වගේ මිනිස්සු නේ නේද ? ඉස්සරහටත් ඒ අයගේ සහයෝගය, ඒ කියන්නේ අපේ හැල්ප් එක, තමුන්නැහේලට ඕනි නේ ..නේද ?

එහෙම නැතුව අර කියපු දේ තමුන්නැහේ කොරොත් එහෙම, තමුන්නැහේලට හෙණ හතම ගහනවා…. ගහනවා නොවෙයි.. හෙණ හතම වදිනවා…..
ඕං මං නොකිව්වයි කියන්නෙපා…..

මේ . ඒක නෙවෙයි… සිරෝ…..
අපි බාර් එකෙන් එළියට බැහැලා, එන ගමන් කිය කියා ආවේ මොකක්ද දන්නවද ?
“–කබර අලියට ජය වේවා… හංස පූට්ටුව දිගුකල් දිනේවා….!!“ අන්න එහෙමයි….
රතු අලි පැටියට ජයවේවා කියන්න අමතක වුණා..
පොඩ්ඩක් වැඩියි අප්පා…..
ෂමාවෙන්ඩ… වැරදි දෙයක් කියවුණේ නැහැනේ….
එහෙම දෙයක් කියවුණා නම්….
පෂ් වාන් දහසකට මෛත්‍රී කොරන්න උතුමාණනි…
මම,
අකී-කරු පුරවැසියා,
-ජනිත් විපුලගුණ-
2015 නොවැම්බර් 17 පාන්දර ජාමේ..
මාතර දී ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.