Featured

සිසුන්ට පහරදුන්නේ ආරක්ෂක ඇමතිගේ නියෝගයෙන්

ඊයේ උසස් තාක්ෂණ (එච්එන්ඩීඒ) උපාධි පාඨමාලාවට හිමි වටිනාකම නැවත බලාත්මක කිරීම, උසස් තාක්ෂණ සිසුන්ටද මහපොළ වාරිකාය වැඩි කිරීම, මුදලට උපාධි විකිණීම නතර කිරීම හා ශිෂ්‍ය මර්දනය නැවතීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතවූ සිසුන්ට සියලුම නීති කඩකරමින් එලවා එලවා පහරදුන්නේ ආරක්ෂක අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිළ නිවේදනය ලැබිමෙන් පසුව බව පොලිස්පතිවරයා අනාවරණය කර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

කොළඹ ප්‍රදේශයේ අධික වාහන තදබදයක් පවතින බවට තොරතුරු ලැබි ඇති බවත් වහාම එයට හේතුව සොයා වාර්තාකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටි බවත් පසුව උද්ඝෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසුව සුලු වේලාවකට පසුව ආරක්ෂක අමාත්‍යංශයේන් ලැබුනු නිර්දේශ මත කැරලි මර්දණ එකක යොදවා සිසුන්ට පහරදුන් බව පොලිස්පතිවරයා සදහන් කර තිබේ. 

මේ අතර ඊයේ පහරදිමට නියෝග නිකුත් කිරිම සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශය තුල අර්බුදකාරිත්වයක් හටගෙන තිබේන බවද වාර්තා වේ.

මේ අතර ආයුධ ගත් කැරැල්ලක් මර්දණය කරන ආකාරයට යහපාලන ආණ්ඩුව මේ දගලන්නේ …..සිය අවසන් කාලය සනිටුහන් කිරිමටද?

හිතක් පපුවක් නැතිව ගැහැණු දරුවෙක්ව මහ පාරේ දණ ගස්සවලා ඔළුව පලනවා. මේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන දරුවෙක්, ඇගේ මහපොළ වාරිකය ඉල්ල ගන්නයි මේ කෑ ගහන්නේ කියල මේ මුරුගයන්ට තේරෙන්නේ නැති හැටි.

Top