Featured

“සීපා” ගිවිසුමට රනිල්-මෝදි අද අත්සන් තබයි-මන්න පොන්ගලගේ තටු කපයි,මලික්,සුජිව විදේශ කටයුතු අමාත්‍යංශ බලතල

මහත් ආන්දෝලනයකට තුඩුදි තිබෙන “සීපා” ගිවිසුමට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබිමට නියමිත බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කළා.එය පුර්ණ රහසිගතව සිදුවන අතර මාස 6ක් යනතුරු  “සීපා” ගිවිසුමට අදාළ නිර්ක්ෂණයන් පමණක් සිදුකිරිමට පමණක් නායකයන් දෙදෙනාම එකග වි තිබේ.

ඉන්දීය සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ අද (15 දා) නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වන අතර එම සාකච්ඡා සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිම නිලධාරියකු සහභාගි විම රනිල් තහනම් කර තිබේ.රනිල් විදේශ කටයුතු අමාත්‍ය මන්න පොන්ගල්ට දන්වා ඇත්තේ අමාත්‍යාංශයේ කිසිම රාජ්‍ය නිලධාරියකු එම සාකච්ඡා සඳහා සහභාගි නොකරන ලෙසයි.

මිට අමතරව ඉන්දු -ලංකා ගිවිසුම් අත්සන් කිරිමෙන් පසුව වහාම් ක්‍රියාත්මක අන් පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලතල සියල්ලම වෙනස් කිරිමට මන්න පොන්ගල්ට රනිල් නියෝග කර තිබේ.

මේ අතර විදේශ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී සිදු කෙරෙන වෙළෙඳ සහ විදේශ උපායමාර්ග කටයුතු පිළිබඳ තීරණ ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික්‌ සමරවික්‍රම සහ එම රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ නිර්දේශ අනුව සිදු කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

සංචාරය ආරම්භ කිරිමත් සමගම මෙම රහස පසුගියදා අනාවරණය වුයේ ඉන්දිය සංචාරයේදි සීපා සම්බන්ධයෙන් අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදුනොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය හෙවත් රනිල්ගේ ලගම කොලුවා වන මලික් සමරවික්‍රම කල පච ප්‍රකාශයෙනි.

ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කරන බවට ඇතැම් පාර්ශව විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බවත් පසුගිය මැතිවරණය හමුවේ කඩා වැටුණු තම දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින දේශද්‍රෝහී පුද්ගල කණ්ඩායම් කිහිපයක් විසින් ගෙනයන මෙම අසත්‍ය ප්‍රචාරයක් බවද පුරසාරම් දොඩවනු ලැබුවා.

නමුත් පොඩ්ඩක් ඇතින් රනිල්ගේ කොලුවා හැටියට සිටින නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය(සල්ලි දිලා ගත්ත) හර්ෂ ද සිල්වා සදහන් කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර  සෘජුවම සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාවක් නැති බවය.

 

Top