Breaking
22 Feb 2025, Sat

සුදර්ශනී හා මහින්දගෙ අනාගතය… විස්සට ඡන්දෙ ගන්න වෙලාවෙ මහින්ද පාර්ලිමේන්තුවෙ ඉඳියි ද?

දහසය දෙනා එනකොට දහඅට දෙනකු ගිහිල්ලා. නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්දය දෙන වෙලාවෙ ඒකාබද්ධ විපක්‍ෂෙ දහඅට දෙනකු ඉඳලා නැහැ. ඒ වගේ ම මෛත්‍රිපාල කණ්ඩායමේ, මෛත්‍රිපාලගෙ ආණ්ඩුවේ කිහිප දෙනකුත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දය දීල නැහැ. ඒ දෙගොල්ලම එකතු වෙලා රනිල්ගෙ අපේක්‍ෂකයා දිනවලා. කවුද මේවට වග කියන්න ඕනෙ.

ඒකාබද්ධ විපක්‍ෂෙ කණ්ඩායම තීරණය කරලා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට ඡන්දෙ දෙන්න. මහින්දත් කණ්ඩායමට එහෙම උපදෙස් දීලා. අන්තිමේ දි ඡන්දෙ ගන්න වෙලාවෙ මහින්දත් පාර්ලිමේන්තුවෙ නැහැ. මහින්ද විස්සට විරුද්ධයි කියනවා. ඒකාබද්ධ විපක්‍ෂෙත් විරුද්ධයි. ඒත් විස්සට ඡන්දෙ ගන්න වෙලාවෙ මහින්ද පාර්ලිමේන්තුවෙ ඉඳියි ද?

අද රනිල්ගෙ ආණ්ඩුවයි මෛත්‍රිපාලගෙ ආණ්ඩුවයි කියලා ආණ්ඩු දෙකක් තියෙනවා වගේ ඒකාබද්ධ විපක්‍ෂෙ/පොහොට්ටුවෙත් කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක නායකයා බැසිල්. අනෙකෙ නායකයො දිනේෂ්, විමල්, ගම්මන්පිළ හා වාසු. පස්සෙ කිව්ව නායකයො හතර දෙනා ඒකාබද්ධ විපක්‍ෂෙ පක්‍ෂ නායක රැස්වීම්වලට යන්නෙ නැද්ද? දැනගන්නයි අහන්නෙ.

මහින්ද ඉන්නෙ මොන කණ්ඩායමෙ ද? මහින්ද මේ සමස්ත කණ්ඩායමේ ම නායකයා හැටියටයි හිටියෙ. දැන් ඒක නැති වෙලා ද? එහෙමත් නැත්නම් ඔහු බැසිල්ගෙ කණ්ඩායමේ අදෘශ්‍යමාන නාකයකයා ද? මා දැන් අදෘශ්‍යාමාන බලවේග ගැන උනන්දුවක් දක්වන නිසා මේ කාරණයත් වැදගත් වෙනවා. මහින්ද සුදර්ශනීට ඡන්දෙ දෙන්න කියලා ඡන්දෙ දෙන වෙලාවෙ හිටියෙ නැත්තෙ ඇයි? ඒ විතරක් නම් මදැයි. චමල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ ඉඳලත් නැහැ.

මීළඟ ඡන්දවල දි තරග කරන්න වෙන්නෙ පොහොට්ටුවෙන් නිසා අද බැසිල් බලයක් දරනවා. ඒ පක්‍ෂයෙ ආසන සංවිධායකකම් මන්ත්‍රීධුරාපේක්‍ෂකකම් ආදිය සම්බන්ධයෙන් බැසිල්ගෙ තීරණය වැදගත් වෙනවා. ජී එල් පීරිස් පක්‍ෂයෙ සභාපති තමයි. පොහොට්ටුව හැදුවෙ ඡන්ද මෙවළමක් හැටියට මිසක් ප්‍රතිපත්ති සහගත පක්‍ෂයක් හැටියට නොවෙයි. ප්‍රතිපත්ති කොළයක් නැතිව නොවෙයි. ඒ වුණාට මහින්ද ලවා ඡන්ද ටික අද්දවා ගන්න එක ඇරෙන්න වෙන මහ ලොකු සංවිධානයක් නැහැ.

2015 අගෝස්තු මැතිවරණයට පෙර නව සංවිධානයක් ගොඩ නගන්න කියලා අප කිව්වට බැසිල්වත් ජී එල්වත් විමල්වත් ඩලස්වත් ගම්මන්පිලවත් ඒක සතපහකට ගණන් ගත්තෙ නැහැ. ඒ වෙලාවෙ ජාතිකත්වය මත වෙන ම සංවිධානයක් හැදුව නම් ජයගන්නත් තිබුණා. කොහෙද බැසිල්ට ජාතිකත්වයක් තියෙන එකක් යැ. රට ගිය බැසිල් පස්සෙ ඇවිල්ල කළ එක දෙයක් තමයි ඒ වෙලාවෙ සංවිධානයක් ගොඩ නොනැගීම. පඬියකු කියන්න පුළුවන් ඒ වෙලාව ඒ සඳහා අවස්ථාව නොවෙයි කියලා. පස්සෙ හැදුව මෙවළමක්. ඒකෙ අරමුණ ඡන්දවලට ඉදිරිපත්වීම. ඒත් පහුගිය පෙබරවාරියෙ බහුතරයක් ඡන්ද ලැබුැණ නැහැ. අන්තිමට සමහර ප්‍රාදේශීය සභාවල බලය ගත්තෙ ශ්‍රී ල නි ප හා සංධානය (බුලත් කොළය) සමග එකතු වෙලා.

මෛත්‍රිපාලගෙ ආණ්ඩුවෙ නිල වශයෙන් ඉන්න සමහරු ඇත්තට ම ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. ඔවුන් නිල නොවන හැටියට ඉන්නෙ රනිල්ගෙ ආණ්ඩුවෙ. ඔවුන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙට විරුද්ධ ව ඡන්දෙ දෙන්න ඇති. අද පාර්ලිමේන්තුවෙ එ ජා ප හා ඒකාබද්ධ විපක්‍ෂ, ශ්‍රී ල නි ප කණ්ඩායම් හතක් තියෙනවා. ඒ රනිල්ගෙ කණ්ඩායම, රනිල් විරෝධී එ ජා ප (1), රනිල් විරෝධී එ ජා ප(2), බැසිල්ගෙ (මහින්ද) කණ්ඩායම, විමල් ගම්මන්පිළ කණ්ඩායම, මෛත්‍රිපාල කණ්ඩායම, 16 කණ්ඩායම. රනිල් විරෝධී එ ජා ප (1) කණ්ඩායමේ ඉන්නෙ සජිත් වැනි අය. එහි (2) කණ්ඩායමේ ඉන්නෙ 16 කණ්ඩායම හා මෛත්‍රිපාල කණ්ඩායම එක්ක එකතුවෙලා විමල් ගම්මන්පිල කණ්ඩායමත් එක්ක ආණ්ඩුවක් හදන්න සූදානම් අය. ඒ අය 2019 වෙනකම් ඉන්න ඕන කියලා කතාවක් නැහැ.

අද රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කරන්න පුළුවන් වාතාවරණයක් සැකසී තියෙනවා. ඒ බැසිල්ගෙ කණ්ඩායම සහාය දෙනව නම්. ඒත් බැසිල් ඒකට කැමති නැති බව පැහැදිලියි. මට එය පුදුමයක් නො වෙයි. මට අවශ්‍ය මහින්ද මේ විධියට වැඩ කරන්නෙ මොකද කියන එක තේරුම් ගන්න. මහින්ද සුදර්ශනීට ඡන්දෙ දෙන්න කියලා ඡන්දෙ දෙන වෙලාවට එන්නෙ නැහැ. විස්ස ගැන අපට තියෙන බලාපොරොත්තු මොනවා ද? විධායක බලතල අගමැති අතට ගන්න එකට මහින්ද පක්‍ෂ ද?

1815 ගත්ත වැරදි තීරණය අපට 1818 දි නිවැරදි කරගන්න බැරි වුණා. 2015 ගත්ත වැරදි තීරණය නිවැරදි කර ගන්න තවමත් පුළුවන්. ඒත් මා කියන දේ පිළිගන්න අය රටේ ඉන්නෙ දෙතුන් සියක් පමණයි. අපත් සමග සිටි අනෙක් අය බොහෝ දෙනෙකු මට කියන්නෙ සිරිජාතිකවාදියා කියලා. ඔවුන් තවමත් හිතන්නෙ මෛත්‍රිපාල රනිල් නාට්‍යයක් රඟ දක්වනවා කියලා. මට දේශපාලනඥයන් බොහෝ දෙනකු ගැන තියෙන්නෙ කළකිරීමක්. ඔවුන් කියන්න පුළුවන් මට දේශපාලනය තේරෙන්නෙ නැහැ කියලා. ඒකට කමක් නැහැ. මුහුණු පොතේ පඬියන් හා පඬි පෝතකයන් කියන්නෙ මා කිසිම දෙයක් තේරෙන්නෙ නැති බණින්න විතරක් පුළුවන් කෙනකු කියා.

මෛත්‍රිපාලට ශක්තිය දෙන්න කිව්ව ම මා අන්ත මෝඩයකු පිස්සකු විහිළු කාරයකු ලෙස බොහෝ දෙනා සැලකුවා. මෛත්‍රිපාල තදබල වරදක් කරපු එක ඇත්ත. ඒත් මේ වෙලාවෙ රට ජාතිය වෙනුවෙන් ඔහුට ශක්තිය දෙන්න තිබුණා. කොහොම හරි එය වැළකුණා. මහින්ද බැසිල්ට යටවෙලා කියලා මා හිතන්නෙ නැහැ. මේ අවසාන දින කිහිපයේවත් මහින්ද නිවැරදි දේ නොකළොත් කොටි පරාජය කිරීම පිළිබඳ ගෞරවය ඔහුට අවසානයේ දී ලැබෙනු ඇත්තේ අගෞරවත් එක්ක.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.