Breaking
24 Feb 2025, Mon

සුදුසුකම් නැති අය පොලිමට එන්න…. රඡගෙදරින් පුහුණු තනතුරු…

කි‍්‍රකට් ගොඩ ගන්න කාලෙන් කාලෙට ආපු නිළධාරින් කලේ තමන්ගේ හෙන්චයියන්ව තනතුරුවලට පත්කර ගැනිම පමණි. මෑත කාලයේ කි‍්‍රකට් ගොඩගන්න ආපු තිලංග සුමතිපාලද කරන්නේ දේශපාලනට යටවී දේශපාලන ඔනෑ එපාකම් ඉටුකිරිම පමණි, ඔහූටද එසේ කිරිමට සිදුව ඇත්තේ ඔහුද පාර්ලිමෙන්තුවට යවා ඇත්තේ රජ ගෙදරින් නිසාය.

පළාත් පුහුණුකරුවන් බදවා ගැනිමට කි‍්‍රකට් ආයතනය පලකල දැන්විමේ තිබුණේ පලමු පෙළ ක‍්‍රිඩාකරපු අයට පමණක් බවය. එහෙත් ඔවුන් පත්කල වැඩි දෙනෙකුට එම සුදුසුකම නොමැත.ඒ අතරින් නිලන්ත විමලවිර මොහූ පොළොන්නරුවේ අයෙකි. ඡනාධිපතිවරයාගේ දුව වන චතුරිකා සිරිසේන දැන හදුනගෙන ඒ තුළින් රඡ පවුලට ඇතුලු වන මොහු චතුරිකා සිරිසේන මර්ගයෙන් ජනාධිපතිවරයාට මේ බව පවසා ඒ හරහා තිලංග සුමතිපාල මහතාට දන්වන ලදි. ඊට අමතරව ක‍්‍රිඩා ඇමතිවරයාගේ සහයද කුට ලෙස ලබාගෙන තිබේ.

නිලන්ත විමලවිර කි‍්‍රකට් ආයතනය සමග සම්බන්බන්ධ වි ඇත්තේ මිට වසර 5කට කළින්ය. පළමූව සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එහිද දිස්ත්‍රික් ලේකම්තුමා සමග සහ දිස්ත්‍රික්කයේ සිටින පාසැල් පුහුණුකරුවන් සමග ප‍්‍රශ්න ඇති කර දිස්ත්‍රික්කයෙන් ඉවත්කර මේවනවිට කුරුණැගල දිස්ත්‍රික්කයට අනුයුක්ත කර සිටින අයෙකී. මෙම දිස්ත්‍රික්කයේද සුපැරුදු ලෙස ප‍්‍රශ්න රාශියක් නිර්මානය කර ගිනි අවුලවා තිබේ.මොහු හට කුරුණැගල දිස්ත්‍රික්කයේ පාසැල් 20කට ආසන්න ප‍්‍රමානයක් පුහුණු කටයුතු කිරිමට ඇතත් සෑමදාම පුහුණු කටයුතු කරන්නේ හෙටිපොළ ප්‍රදේශයේ පාසැල්වල පමණි. ඊට හේතුව වි ඇත්තේ ක‍්‍රිඩා අමාත්‍යවරයාගෙන් ලකුණු ලබාගැනීම සදහායී.

සයිමන් විල්ස් මහතාගේ ඇගයිමට අනුව මොහු දිස්ත්‍රික් පුහුණුකරුවන් ශ්‍රේණිගත කිරිම්වල සිටින්නේ පහළ ස්ථානයකය, එසේ තිබියදි පළාත් පුහුණුකරුවෙකු ලෙස ඔහු බදවා ගැනිම හාස්‍යයට කරුණකී.මෙම පුද්ගලයා හට මෙම තනතුර ලබ දිමට යෑම පිලිබදව සියලුම පුහුණුකරුවන් අසතුටින් සිටී. අද ක‍්‍රිකට් ආයතනයේ තනතුරක් ලබාගන්න දේශපාලන සහයෝගය නැතිව බැරිබව දැන් ප‍්‍රසිද්ධ රහසකී. පුහුණුකරුවන්ගේ ප‍්‍රධානියාකර ලක්ෂ 18කට ආසන්න වැටුපක් ගෙවා විදෙස් පුහුණුකරුවෙක් සිටින්නේ කුමකටද බව සියලු දෙනා විමසයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.