Anonymous Reporter

සුනාමියෙන් අසරණ වුණු මිනිසුන්ගේ ආධාර හොරා කෑ බලලෝබියා…! “හෙල්පින් කොරෝනා” ගේමත් ගහයිද? ‘හෙල්පින් හම්බන්තොට’ හරහා හමා ආ හොරකම් කිරිමේ කළාව…

Published on: Mar 23, 2020 – කොරෝනා වෛරසයෙන් ශ්‍රි ලංකා ජනතාව බැටකමින් සිටින අවස්ථාවක චීනය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය පහසුකමක් සරළව කිවහොත් සියයට 4ක පොළී මුදලක් යටතේ ණයක් ලබාදිම සම්බන්ධයෙන් ඇදිරි නීතිය විදවමින් නිවසේ සිටින ජනතාව කලබලයට පත්ව ඇති බව සමාජ ජාලා නිරික්ෂණයෙන් පැහැදිලිව පෙනෙන්නට තිබේ.සියල්ලටම වඩා එම මුදල මහින්දගේ අතට පත්විම ගැන ජනතාව තුල ඇත්තේ දැඩි භියක්!

අදාළ ණය මුදල ලබා ගැනිම වෙනුවෙන්ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සහ චීන සංවර්ධන බැංකුව (සීඩීබී) අතර කොළඹ අරලිය ගහ මන්දිරයේදී ගිවිසුමට අත්සන් තැබුන අතර පොලී සහ සේවාකරණ කාලයේ සහන කොන්දේසි සහිතව මෙම මූල්‍ය පහසුකම ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සහ COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජය මේ සඳහා හදිසි ඉල්ලීමක් කරන ලද අතර ඒ අනුව චීනය එම ණය ලබාදුන් බව මාධ්‍යයට පවසා තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි වෙයි

‘හෙල්පින් හම්බන්තොට’ හෙවත් සුනාමි හොරා….

සුනාමිය ආවේ 2004 දෙසැම්බර් මාසේ. සුනාමිය නිසා මිනිස් ජීවිත දේපළ වගේම අපේ දේශපාලන කරළියත් කණපිට පෙරළුනු බව නොරහසක්.

සුනාමියෙන් පස්සේ එයින් අසරණ තත්ත්වයට පත්වුණු ජනතාවට උදව් කිරීමේ වැඩපිළිවෙළවල් රාශියක් ක්‍රියාත්මක වු අතර ඒ සමගම විශාල වශයෙන් ලෝක ආධාර ලංකාවට ගලාගෙන එන්න පටන් ගත් අතර එම ආධාර එකතු කිරිම සදහා සුනාමි සහන මණ්ඩලය පත්කිරීම සිදු වු අතර එවකට අගමැති වි සිටි මහින්ද රාජපක්ෂ සුනාමියට ලැබුණු මුදල් වෙනත් පුද්ගලික අරමුදලක් වන ‘හෙල්පින් හම්බන්තොට’ ගිණුමේ තැන්පත් කිරිමත් සමග දේශපාලන කුණාටුවක් බවට පත්විය.

2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් ‘හෙල්පින් හම්බන්තොට’ ගිණුමට බැර කර තිබේන බව අනාවරනය වුවද එ සදහා නීතිය ක්‍රියාත්මක නොවු අතර එය තමන්ගේ වරදක් බවද පසුකාලීනව එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ජනතාවගෙන් සමාව ඉල්ලා කල ප්‍රකාශයයි.

ඒ 2005 වසරේදි එවකට ජනපතිවරණය සඳහා තරග කළ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ලබා දුන් තීන්දුවක් පිළිබඳවය.

“මේ ළගකදි මට හමුවූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මගෙන් ඇහුවා ඇයි ඔබ 2005 වසරේදී නිවැරදි තීන්දුව ලබා නුදුන්නේ කියා. මට ඔහුට උත්තර දෙන්න බැරිවුණා. නමුත් මම අද ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඒ ගැන මට සමාවෙන්න.” යනුවෙන් හෙතෙම පැවැසීය.

ඊට අමතරව එවකටද අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ තවත් මූල්‍යාධාර තොගයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනමට බැර කළ බවටද චෝදනා එල්ල විය. එම වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 830 ඉක්මවයි. එහෙත් එම වංචාව ගැන සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට සිදුවුණේ පැමිණිල්ල මෙහෙයවූ අයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමය.

වංචාවට එරෙහිව යුක්තිය පසිදලීම පසෙක තබා හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන පරීක්ෂණ කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට මහින්ද රාජපක්ෂ ගොනුකළ නඩුවේ තීන්දුව නම් නොපමාව ලැබිමයි.කැකිල්ලේ තීන්දුව අනුව හෙල්පින් හම්බන්තොට වංචාව ගැන විමර්ශන සිදුකළ රහස් පොලිස් නිලධාරියා ඇතුළු තිදෙනකුට සිය පෞද්ගලික මුදලින් මහින්ද රාජපක්ෂට වන්දි ගෙවීමට නියම කෙරිණ.

මහත් මතභේදයක්ට තුඩුදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාද 2015 වසරේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර එයින්ද ඉල්ලා සිටියේ 2004 සුනාමි අරමුදල්වලින් රුපියල් අටකෝටි විසි ලක්ෂයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කිරිම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙසයි.

නමුත් කිසිවකින් වැඩක් වුයේ නැත.තමන්ට බලය ලබා ගැනිම වෙනුවෙන් ජාතිවාදය, දේශ්‍රප්‍රේමය සිට විදුලි පුටුව දක්ව අලෙවි කිරිමට දක්ෂ රාජපක්ෂලා මේ දක්වා බලයේ සිටියද නැති වුවද නීතිය නවන්නට තරම් දක්ෂ අය විය.ඒ නිසාම 2015 දි පිහිටුවනු ලැබු යහපාලන ආණ්ඩු කාලසීමාව තුලදි වත් රාජපක්ෂලාගේ හොරකම්, මැරකම්, ජඩකම් වලට නීතිය ක්‍රියාත්මක කිරිමට නොහැකි විය. ඒ නිසාම අවුරුදු 4 යනවිට ආණ්ඩුව ජතාවට එපා විය.

එදා “හෙල්පින් හම්බන්තොට ” වෙනුවට අද “හෙල්පින් කොරෝනා” චාන්ස් එක රාජපක්ෂලාට වැදි තිබේ.රටේ ජනතාවගේ අවධානය වෙනතක යොමුකරමින් ,රණවිරු ගාය ජනතාවට සෑදිම හරහා බඩේ තියේන දේ හෝ හොරකම් කිරිමට රාජපක්ෂලා දක්ෂ බව දන්නෝ දනිති.

චීනයෙන් මෙම ණය ගැනිල්ල ගැන රටේ ජනතාවට සැකයක් ඇතිවිමට තවත් ආසන්නතම හේතු තිබේ.ඒ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් මට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදිම සම්බන්ධයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කල අනාවරණයයි.නමුත් අද දක්වා ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම එවකට තිබු පොලිස් මුල්‍ය අපරාධ එකකයට (FCID)යට කල කිසිම පැමිණිල්ලක් මේ දක්වා පරික්ෂණ සිදුකර නැතිවිමයි.

ලෝකයම අනාවරණය කරන පරිදි ලෝකයේ චීන ආර්ථික හා දේශපාලනික ආක්‍රමණයට යටව සිටින ශ්‍රි ලංකාවේ කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල ඉඩම් සියල්ලම චීනයටම විකුණ දමා චීනයට රට උගස් තියා ඇති චීනයෙන් ගන්නා ණය ගැන විපක්ෂ මෙන්ම රටේ ජනතාවද අවදියෙන් සිටිය යුතුය.

Top