Breaking
23 Feb 2025, Sun

සුනිල්,රජිව් ට පසු මුසල ඝාතන යුගය බිලිගත් අලහප්පෙරුම! රෝහලේ කොල්ලය ඇල්ලු SIS කොස්තාපල් මරුට! රිය අනතුර කල ඩිෆෙන්ඩර්ය කාගේද?

Published on: Jun 14, 2020 – ඩිෆෙන්ඩර් රථයකින් අනතුරකට ලක්කල කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ(SIS) කොස්තාපල්වරයද අද අද (14)අලුයම මියගොස් තිබේ.

පසුගිය 11 වන දින රාත්‍රියේ රාජකාරිය නිම කර යතුරු පැදියකින් බැරැක්කය බලා යන අතර තුර බම්බලපිටිය සම්බුද්ධ ජයන්ති මන්දිරය ආසන්නයේ දී ඩිෆෙන්ඩර් රථයකින් අනතුරකට ලක්කර තිබු අදාළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන අලහප්පෙරුම නැමැත්තා අනතුරෙන් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීයා. අදාළ අනතුර සිදුක ඩිෆෙන්ඩර් රථය මේ වන විට බ ම්බලපිටිය පොලිසිය විසින්  අත් අඩංගුවට ගත්තද එය කාගේද යන්න අනාවරණය කර නෑ.එම අවස්ථාවේ එය පදවන ලද කියන අයෙකුද අත් අඩංගුවට ගෙන තිබේ.ඔහු නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන අයෙක්.පොලිසිය පවසන්නේ අනතුර සිදුකල නීති ශිෂ්‍යයා එම අවස්ථාවේ දැඩි ලෙස බිමත්ව සිටි බවයි. ඔහු කාගේ දරුවෙක්ද? ඩිෆෙන්ඩර් රථයකින් යටකර මේ රටේ ඝාතනයට ලක්වුවන්ට මේ දක්වා සාධාරණයක් ඉටු නොවු බව් නොරහසකි.

දීර්ඝ කාලයක සිට සැළසුම් කර කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගත් වෛද්‍යවරයා ත්‍රිරෝද රථයකින් පලාගිය අතර තවත් ත්‍රිරෝද රථයකින්, සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු විසින් වන අතර ඒ අතර අනතුරකට ලක්කර අද මියගිය ආධුනික පොලිස් කොස්තාපල් අලහප්පෙරුමද සිටියා.එම අවස්ථාවේදී කිසියම් කටයුත්තක් සඳහා මෝටර් රථයෙන් කොළඹට පැමිණ සිටි මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තද කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා බුද්ධි නිලධාරීන්ට සහය වී තිබුණා.

සැකකාර වෛද්‍යවරයා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර, සොරකම සැලසුම්ජ් කිරිමට අදාළ ලිපි ලේඛනද මේ වනවිට සොයාගෙන තිබේ.සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා සැකකරු මෙම මුදල් කොල්ලය සිදු කළේ පසුගිය 10 වැනිදා දහවල් කාලයේදි වන අතර කොල්ලය සඳහා මොහු බොරු කොණ්ඩයක් ද පැළඳ පැමිණ ඇති බවටද මේ වනවිට අනාවරණ වී වුනා.රෝහලේ කාර්ය මණ්ඩලයට ලබාදීමට නියමිතව තිබූ අතිකාල දීමනා, වැටුප් මෙන්ම අතිරේක රාජකාරි සඳහා ගෙවීමට තිබූ මුදල් මෙලෙස කොල්ලකා තිබූ අතර, පසුව ඔහු ත්‍රිරෝද රථයකින් පලාගොස් තිබුනේ.

අදාළ සොරකම සිදුකල වෛද්‍යවරයා වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයන් කිහිප දෙනෙකු සමග සමීප සබඳතාවයන් පවත් වා ඇති බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.අදාළ සොරකම සිදුකල වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුව ලබමින් සිට ඇති අතර ඊට පෙර වෙනත් රෝහලක සේවය කර ඇති මෙම වෛද්‍යවරයා පසුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් පුහුණුවට අනියුක්ත කර ඇත්තේද නියමිත ක්‍රියාවලියට පිටින් බවද අනාවරණය වි තිබේ.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කල සුනිල් ජයවර්ධනලාට මහින්දලාගේ මහරගම බඩ තඩි උපාලි කොඩිකාරලාගේ අමනුස්ස සීසර්ලා පොලු පහරදි ඝාතනය කිරිමත්,මිහින් ලංකා අන්ත දුෂිත හෙලිකල රජිව්ලාව ඝාතනය කර එය සියදිවි හානිකර ගත් බවට වසල පොලිසිය සහ මාධ්‍ය යොදා ගනිමින් පෙන්විමත් ජාතික රෝහලේ ජනතා මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා පසුපස සිටින සැබෑ දේශපාලන අමනයා කවුරුන්ද යන්න රටට හෙලිවිමට පෙර ඔහු අල්ලාගත් කොස්තාපල්වරයද ඝාතනයට ලක්විම එකි නේක අපට පෙන්වා දෙන්නේ මුසල ඝාතන යුගය යලි ඇරඹි බවයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.