Featured

සුපිරි ඇමතිකමින් ජනතාව සුපිරියට අන්දලා….බලු පොරයට ගිය එවුන්ට ලොකු ඇමතිකම්!

සුපිරි ඇමතිකම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ පාර්ශ්වය ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව තමන් මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද දැඩි ලෙස සතුටට පත්ව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් ඔහුගේ නිළ නිවසට කැදවා ස්තූතිය පලකරමින් පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ගෙවුනු සතියක පමණ කාලය තුල ආණ්ඩුවේ සහ විපක්ෂයේ කාර්යයන් දෙකම ආණ්ඩුවම කිරිමට සමත් වු බවත් මාධ්‍ය හරහාද විපක්ෂයේ අනිකුත් කණ්ඩායම් සදහා වැඩි ඉඩක් නොලැබුනු බවට තමන්ද නිරික්ෂණය කලබවයි සිරිසේන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

හම්බන්තොට චිනයට පැවැරිම සම්බන්ධයෙන් සහ කඩාවැටීමෙන් තිබේන ආර්ථිකය හමුවේ මහින්ද පිළ ගෙනයන මාධ්‍ය ප්‍රචාරය ගෙවුනු සතියේදි සුපිරි ඇමතිකම වෙනුවෙන් ආණ්ඩුවේම කණ්ඩායම් දෙකට බෙදි ගෙනගිය ප්‍රචාරයන් අබිබවා ගිය බවයි සිරිසේන ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දි ඇත්තේ.

හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් ලබාදිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හෝ ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය හමුවේ විරෝධතා දැක්විම හැර ඊට වඩා යමක් කල නොහැකි බවත් ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඉදිරි මැතිවරණයකදි ඒකාබද්ධ විපක්ෂට චිනයෙන් උදවු ගැනිමට සිදුවන නිසා බව මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමට කටයුතු කරන ලෙසද සිය බත් බැලයන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර ලබන මස මුලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගියදා සාකච්ඡා පවත්වා තිබේ.ඒ අනුව මේ දිනකිහිපය තුල අමාත්‍යාංශ කිහිපයක ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් අතර පවතින බල අරගල අවසන් කෙරෙන අයුරින් මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව තිබේ.

මහජනතාවගෙන්, මෙන්ම පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන්ද රාජ්‍ය ඇමැතිවරුන්ගෙන්ද, ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව ලැබී ඇති පැමිණිලි පිළිබඳ රාජ්‍ය නායකයන් දෙදෙනා එහිදී දැඩි අවධානය යොමුකර ඇති අතර අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විවේචනය කරන කිහිප දෙනෙකුගේ බලතල කප්පාදුවටද මේ හරහා සුදානම් වන බවයි අනාවරණය වි ඇත්තේ.

එය කැබිනට් මණ්ඩලය ඇතුළු රජයේ පැවැත්මට බරපතළ බාධාවක් ඇති බව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිගමනය වී තිබේ.

Top