යහපාලන සංහිදියා ආණ්ඩුව විසින් පසුගිය අගෝස්තු 11වැනිදා බලහත්කාරයෙන් සම්මත කරගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත සම්මතකර ගනු ලැබීය.“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය”ප්රතිපාදනපාර්ලිමේන්තුව හරහා නීති ගත කරගත් ආකාරයඑහි අතුරුබලපෑම සහ දීර්ඝ කාලීන බලපෑමසේපාල ඒකනායක ගුවන් යානා පැහැර ගැනීමේදී පැවති ජාත්‍යන්තර සම්මුතිමෙම ලිපිය මගින් සාකච්ඡා කරයි.
සේපාල ඒකනායක විසින්1982 ජූනි 30 වැනි දින ටෝකියෝ සිට රෝමය දක්වා ගමන් කළ අලිතාලියා ගුවන් යානය පැහැරගත් සේපාල ඒකනායක වරදකරැ කිරීම සදහා 1982 අංක 24 දරන ගුවන් වානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත 1982 ජූලි මස 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගත් ආකාරය සහ 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීමේ නෛතික තත්ත්වය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.
1982 ජූනි 30 වැනි දින සේපාල ඒකනායක විසින් විසින් ගුවන් යානය පැහැර ගන්නා අවස්ථවේ දී එය ලංකාවේ නීතිය තුළ වරදක් නොවී ය. නමුත් ඒ ආකාරයට ගුවන් යානා පැහැර ගැනීම වරදක් වන ජාත්‍යන්තර සම්මුති 3කට ඒ වන විටත් ලංකාව අත්සන් තබා තිබුණි. එනම්
ඒ අනුව සේපාල ඒකනායක විසින් 1982 ජූනි 30 වැනි දින අලිතාලියා ගුවන් යානය පැහැර ගන්නා අවස්ථාවේ ලංකාවේ නීතිය තුළ එය අපරාධමය වරදක් නොවුවද 1963 සැප්තැම්බර්මස 14 දිනටෝකියෝහිදීලංකාවඅත්සන්කරනලදගුවන්යානාතුළකරනුලබනවැරදිසහඇතැම්වෙනත්ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය අනුව වරදක් ලෙස පිළිගෙන තිබුණි. ඒ අනුව ඉතාලි රජයේ බලපෑම මත එවකට පැවති රජය විසින් එකී ජාත්‍යන්තර සම්මුති අනුව ඇති වූ බැදීම අනුව 1982 ජූනි 30 දින සිදු කළ වරදකට 1982 ජූලි මස 26 දින දඩුවම් කිරීමට එනම් අතීතයට බලපාන පරිදි අපරාධ නීති පැනවීම සදහා 1982 අංක 24 දරන ගුවන් වානාවලට එරෙහි වූ වැරදි පිළිබද පනත පනවමින් අධිකරණයේ නඩු විභාග කළ අතර මහාධිකරණයේ නඩු විභාගයෙන් වරදකරැ වීමෙන් පසු අභියාචනාධිකරණයේද, ඉන් ශ්‍රේෂ්ඨාධිකරණයටදඅභියාචනා කළ අතර අවසානයේ සේපාල ඒකනායක ගුවන් යානය පැහැර ගැනීමේ වරදට වසර 05කට බන්ධනාගාර ගත කරන ලදී.
මේ අනුව සළකා බලන විට යම් ජාත්‍යන්තර සම්මුතියකට ලංකාව අත්සන් තබා ඇති විට එය පුරවැසියන්ට ආරෝපණය වන අකාරය පැහැදි කර ගැනීමට සේපාල ඒකනායක නඩුව මනා සහායක් ලබා දෙයි.
ඒ අනුව බලන විට “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances පිලිබද නිවැරදි කියවීමක් කළ යුත්තේ අලිතාලියා ගුවන් යානය පැහැර ගත් සේපාල ඒකනායක ඉතාලිව විසින් ඉල්ලා සිටියද ඔහුව නොදී සිටීමට එවකට පැවති ජේ.ආර්.ජයවර්ධන පාලනයට ශක්තිය තිබුණද වර්තමානයේ වෙනත් රටක් ලංකාවේ පුරවැසියෙකු ඉල්ලා සිටියහොත් ඔහුව නොදී සීටීමට තරම් ජාත්‍යන්තර නීති ආරන්ෂාවක් ලංකාවේ රජයයන්ට පවතින්නේ ද යන්නයි.
“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” සදහා මංගල සමරවීර ඇමතිවරයාගේ සංදේශයක් මගින් කැබිනට් මණ්ඩලය 2015.12.09 වැනි අවසර ලබා දෙනු ලැබීය. එකී කැබිනට් මණ්ඩල සංදේශය මෙසේ ය.
2015.12.09 වැනි දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉහත යෝජනාව ඉදිරිපත් කර අනුමත කරගන්නවාත් සමගම පැය 24ක් යාමට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එස්. කාන් මහතා විසින් නිව්යෝර්ක් නුවරදී ඉහත ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබන ලදී.
සාමාන්‍යයෙන් යම් ජාත්‍යන්තර සම්මුතියටකට යම් රටක් අත්සන් කළ පසු නැවත එය ස්ථිර කිරීම/අනුමත (අපරානුමත) කිරීමක් සිදු කරයි. ශ්‍රී ලංකාවේ රජය විසින් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය අපරානුමත කිරීමට වූ යෝජනාව 2016.03.02 දින කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කර අනුමත/අපරානුමත කරගෙන ඇත. එකී අපරානුමත යෝජනාව පහත දැක්වේ.
[පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම
– ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රටෙහි උතුරු සහ නැගෙනහිර පළාත් බිම්බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය අවශේෂ මඟින් බරපතළ ලෙස විවිධ බලපෑම්වලට ලක්ව ඇත. අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ පුද්ගලයන් ආරක්ෂිත ලෙස නැවත පදිංචි කිරීමේදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඉතා වැදගත් වන අතර, එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ දිවි පැවැත්මට සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලට බිම් බෝම්බ සහ යුද අවශේෂ මඟින් සිදු කරනු ලබන තර්ජනයන් වළක්වාගත යුතුව ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන, ඔටාවා සම්මුතිය නමින් හැඳින්වෙන පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය ශ්‍රී ලංකා රජය විසින් අපරානුමත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.]
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන තිබුණද 2015.10.10 දින අත්සන් කළ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances අපරානුමත කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර නැත.
“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” අපරානුමත කිරීමේ යෝජනාවක් වෙනම ඉදිරිපත් කිරීමක් හෝ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් සිදු නොකර, 2016.05.24 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින්‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්නා ලදී.
එකී යෝජනාව මෙසේය.
[පසුගිය සමය තුළ අතුරුදහන්ව (disappeared) ඇති බවට හෝ සොයාගත නොහැකි බවට (missing) වාර්තා වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීම මඟින් එවන් පුද්ගලයන්ගේ ඉරණම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අදාළ ඥාතීන් වෙත දැනගැනීමට සලස්වන ලෙසට දැඩිව ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. එමඟින් මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති අයගේ පවුල් යළි එක් කිරීමටද එකී අතුරුදහන්වීම සම්බන්ධයෙන් එම පවුල්වලට අවසන් නිගමනයකට එළඹීමටද එම පවුල් වෙත වන්දි හෝ වෙනත් සහනයන් සහ සහායන් ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව සොයාගත නොහැකි පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සඳහා වන යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම, සොයාගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධ සිදුවීම්වලට විසඳුම් ලබා දීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, සොයාගත නොහැකි පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාගැනීමට හිමිකම් ඇති මාර්ග හඳුනාගැනීම සහ ඒ පිළිබඳව ඔවුන්‍ට දැනුම් දීම, රජයේ ආයතන සහ වෙනත් ආයතන විසින් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට අදාළව එකතු කර ගෙන ඇති දත්ත එක්රැස් කර මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම ආදී කාර්යභාරයන් ඉටු කිරීම පිණිස ‘අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය’ (the Office on Missing Persons – OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.]
“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” 2016.05.25 දින ලාකාව විසින් අපරානුමත කර ඇත.මෙමගින් පෙනී යන්නේ යම් අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වෙමින් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” අපරානුමත කිරීම සදහා කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර නමුත් එකී සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන පනතක් ගෙන ඒමේ සිදු වී ඇති බවයි.
මෙයින් පැහැදිලි වන්නේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය” අපරානුමත කිරීම සදහා පාර්ලිමේන්තුවේ අවසරය නොගෙන 2016.05.25 දින එකී සම්මුතිය අපරානුමත කිරීමත් 2016.06.27වන දින පළ කල ගැසට්පත්‍රයේ ii වනකොටසේ අතිරේකයක් ලෙස පළ කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.(iii)වගන්තියේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) ‘අතුරැදහන් තැනැත්තාට’ අදාල ප්‍රතිපාදන ලංකාව තුළ වලංගුවන බව සදහන් කරතිබීමත් ය.
මෙහි වඩා වැදගත්නක නීතිමය අපගමනය වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 2016 ජූනි මස 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ පවා ඉහත බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදන ඇතුළත්වී තිබියදී එකී ජාත්‍යන්තර සම්මුතිය රාජ්‍යභාෂාවෙන් වන පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නො කිරීමය.
එනම් එකී ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමය. ඒ අනුව 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත්තේ එකී පනත් කෙටුම්පතේ 27.(iii) වගන්තියේමූලාශ්‍රය වන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) පිළිබද රාජ්‍යභාෂාවෙන් හෝ නීතිපැනවීමේ භාෂාවෙන් වන පිටපතක් හෝ පාර්ලිමේන්තුව හමුවේ නැති වට පිටාවකදී ය. එවන් පාර්ලිමේන්තුයක් යම් රටක පවතින විට ඒ රටට අත්වන ශෝචනීය ඉරණම ගැන කවර කථාවක්ද?
ලංකාවේ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඕනෑම ජාත්ය0න්තර සම්මුතියක් ලංකාව තුළ නීතිගතකරවීමට සමත් කණ්ඩායමක් ලංකාවේ සිටින බව මේ අනුව පැහැදිලිය.
මෙහි ඇති සමාජමය සහ නීතිමට අනතුර හදුනාගැනීම සිදුකළ යුත්තේ 1984 දී සේපාල ඒකනායක සම්බන්ධව ජාත්යනන්තර නීතිය දේශියව ක්‍රියාත්මක වු යාන්ත්‍රනය පිළිබද අවබෝධ කිරීමෙනි.සේපාල ඒකනායක 1984 කරන ලද වරදකට වරදකරැ කරන ලද්දේ 1963 සැප්තැම්බර්මස 14 දින ටෝකියෝ හිදී අත්සන් කරන ලද ගුවන්යානා තුළ කරනු ලැබූ වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය අනුවය.
ඒ අනුව 2015.12.10 දින ලංකාව විසින් අත්සන් කර තිබූ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්යනන්තර සම්මුතිය”(International Convention for the Protection of All Persons from Enforced Disappearances) අනුව ලංකාව තුළ අපරාධ වැරදි හදුන්වා දීම අද දිනයේ වුවද සිදු කළ හැකි වුවද එය 2015.12.10 දිනයෙන් පසු පසට බලාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නැත.
එනම් 2009 මැයි මස 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී පරාජයට පත් කළ එය ජයගත් යුධවිරැවන් සම්බන්ධව නඩු විභාග කිරීමට අවස්ථාවක් පාදා ගැනීමට මේ තිබූ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” පිහිට පැතීමට කිසිවකුට හැකියාවක් නැත.යුධවිරැවන් ජාත්‍යන්තර අධිකරණ වෙත ගෙනයාමට එකී සම්මුතිය මගින් අවස්ථාව නොමැති විට මේ අකාරයේ නෛතික යටි සැළස්මක් ක්‍රියාත්මක කරමින් අතුරැදහන් පනතේ 27.(iii) වගන්තියට මේ ජාත්‍යන්තර සම්මුතියේ ප්‍රතිපාදනපාර්ලිමේන්තුවට ලබා නොදී ඇතුළත් කර ගන්නා ලද්දේ ඇයි? යන්න විමසා බැලිය යුතුය.
1815 යටත්විජිතයක් වීමෙන් පසු විවිධ ආකාරයෙන් ඇරඹි බෙදුම්වාදය 2009 දී මතුපිටින් පරාජය කළ හැකි වූයේ ද, එහිදී බටහිර රටවල් සිදුකරන බලපෑම් පාලනය කිරීමට හැකි වූ හෙයිනි. ඒ අවස්ථාවේ මේ අකාරයේ ජාත්‍යන්තර සම්මුති සදහා ලංකාව එළඹී සිටියේ නම් කිසිවිට ප්‍රභාකරන් පරාජය කිරීමට හැකි නොවේ. 2009 වන විට මේ ජාත්‍යන්තර සම්මුතිය”යට ලංකාව අත්සන් තබා තිබුණේ නම් 2009 මැයි 18 වන විට විදේශීය හමුදා පවා ලංකාවට ගොඩ බැසීමට අයිතිය එහි අන්තර්ගතය.මේ වන විට ලංකාවේ පාර්ලිමේන්තුව විසින් එදා බෙදුම්වාදයට නොතිබී නීතිමය ආරක්ෂාව සළසන නීති කිහිපයක් සම්මත කරමින් ඉදිරියේදී බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් මතු වුවහොත් එය ජයග්‍රහණය කිරීමට සහායවන සහ විදේශීය හමුදා වලට ලංකාවට ගොඩ බැසීමට අවශ්‍ය නෛතික මූලිකාංග සපයමින් සිටී.
මෙයින් මිදීමේ දී ලාංකිකයන් විසින් අනුගමනය කළ යුතු පළමු පියවර වන්නේ මව් බසිනි අධිකරණයේ කටයුතු සිදු කිරීමට පෙළඹීමයි. දෙවන ලෝක යුද්ධයේ නියමුවන් ලෙස සළකනු ලැබූ ජර්මනිය, ජපානය සහ ඉතාලිය තමන්ගේ ආරක්ෂාව සළසා ගත්තේ මව් බසෙන් සිය අධිකරණ කටයුතු සිදු කිරීම හේතුවෙනි. වෙනත් රටවල් විසින් එල්ලකරන නෛතික බලපෑම්වලින් ආරක්ෂා වීමේදී මව් භාෂාව පළිහක් ලෙස එම රටවල් යොදා ගනිති.
බෙදුම්වාදය පෝෂණය කරන ලංකාවේ විවිධ කණ්ඩායම් මව් බසෙන් අධිකරණ කටයුතු සිදුකිරීමට දැඩිව විරැදධ වෙති. මෙය තේරුම්ගන්නාතෙක් බටහිර රටවල් කියන පරිදි තම පාලනය හැඩගස්සවාගෙන අනන්‍යතාවය සහ ආරක්ෂාව අහිමිකරගත් විදේශිය රටවල නිෂ්පාදන මත යැපෙන ජනතාවක් ලෙස සැමදා කටයුතු කිරීමට ලාංකිකයන්ට සිදුවනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ නඩු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1 ව්‍යවස්ථාව අනුව නියමිත භාෂාවෙන් සිදු කිරීමත් වෙනත් රටවල මව් භාෂාවන්ට ලංකාව තුළදී අධිකරණ මගින් විශේෂ පහසුකම් ලබා නොදීමත් බෙදුම්වාදය පරාජය කිරීමේ මූලික පියවරයි. බෙදුම්වාදයට විරැද්ධව මත දක්වන නීතීඥවරැන් මේ සදහා පෙළ ගැසෙන්නේ ද යන්න විවිදිත ය. එනම් බෙදුම්වාදය පරාජය කිරීම සදහා මව් බස යොදා ගැනීමට බෙදුම්වාදයට විරැද්ධවන්නන් එඩිතරවේද? උත්තරය පැහැදිලිය.සියලු නීතීඥවරැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.1ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම බෙදුම්වාදය පරාජය කිරීමේ එකම සහ ප්‍රත්‍යක්ෂ මාර්ගයයි.
නීතීඥ උණවටුන කේ. අරැණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)