Breaking
24 Feb 2025, Mon

“සේයා” ඝාතනය පසුපස ඇති දේශපාලන හස්තය මෙන්න

රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමකට පැවරීම පසුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේන බව අප ඝාතනය සිදුවි දින කිහිපයක් තුල එනම් සැප්තැම්බර් 18 වැනිදා කල අනාවරණය මේ වනවිට යම් දුරකට සත්‍යක් බවට පත්වෙමින් තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.(පැරණී අනාවරණය – සේයා සඳෙව්මි ඝාතන පරික්ෂණයට දේශපාලන බළල් අතක්!)

සේයා දැරියගේ ඝාතකයා “කොන්ඩයා”ම බව මෛත්‍රී ආණ්ඩුවේ රහස් පොලිසිය බොරු අනාවරණයන් කිරිම සහ සේයා දැරිය දුෂණය කල ආකාරය ඇස්වලින් දැක්කා සේ රටේ ජනතාව ගොනාට අන්දමින් ප්‍රකාශයන් නිකුත් කල පිංපි රංජන් රාමනායක වැනි එවුන් හමුවේ සත්‍ය වැලලි යන්නට බොහෝ විට ඉඩ තිබේ.

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂ්‍ය කොට ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට අදාළව කොණ්ඩයා‍ නැමැත්තාගේ සොහොයුරා හෙවත් සමන් ජයලත්ගේ ඩී.එන්.ඒ සාම්පල් දැරියගෙන් ලබාගත් සාම්පල් සමග සැසැඳෙන බව අධිකරණයේදී තහවුරු වී ඇති බව අවසානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන්තම් මාධ්‍ය හමුවේ පවසා එම මාධ්‍ය සංදර්ශණය අවසන් කිරිමට සමත් වුනා.

නමුත් එම දැරියගේ ඝාතනය පසුපස ක්‍රියාත්මක දේශපාලන හස්තය ඔය කියනා කොණ්ඩයා‍ නැමැත්තාගේ සොහොයුරා හෙවත් සමන් ජයලත් මේ මොහොතේ කිසිවිටක අනාවරණය නොකරනු ඇත.මන්ද ඔහුට මේ වනවිට ලැබෙන සහ ලැබුනු පහසුකම් සද වරදාන කිසි විටකත් ඔහු එලියේ සිටියේනම් නොලැබෙන නිසාය.

කොණ්ඩයා‍ හෝ සමන් හෝ වෙන එකෙකු අදාළ දැරිය දුෂණය කර ඝාතනය කිරිම පසුපස ඇති දේශපාලන හස්තයේ පළමු හෙළිදරවුව මෙසේ සටහන් කර තබන්නේ එය අදට වඩා හෙටට වැදගත් වන නිසාය.

අදාළ දේශපාලනඥයාගේ පියාද වත්මන් යහපාලන දේශපාලන ක්‍රියාලිය තුල බලවත් අයෙකු වන අතර උපතින්ම ඔහුන්ගේ පවුලම වලත්ත ගතිගුණ සහිත පවුලක් බව ගමේ පමණක් නොව රටේම ජනතාව හොදින්ම දනි.අදාළ දේශපාලනඥයා විකෘති මානසිකත්වයකින් පෙලෙන අයෙකු වන අතර ඔහුන් සම්බන්ධයෙන් පසුගිය කාලසිමාව තුල වැඩිපුරම සාකච්ඡාවටද  ලක්වු පවුලක අයෙකි.

අදාළ දේශපාලන බලය භාවිතා කරමින් ඝාතකයා බේරාගැනීම සදහා සේයා සඳෙව්මිගේ පියා ඝාතනයට සම්බන්ධ බවට වෙබ් අඩවි භාවිතා කරමින් පුවත් පලකිරිමටද අදාල දේශපාලන බලය භාවිතා කර තිබේ.මේ වනවිටත් අදාළ පරික්ෂණ යට ගැසිම සදහාත් ඔහු කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවන් තොරතුරු අනාවරණය කර ගැනිමට කටයුතු කරමින් සිටි.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.