ලෝකයා

සේයා, දරුවන් පණ මෙන් සුරැකුම හා පිස්සෝ

මේ පින්තූරයට මාතලන් පට්ට ලයික්ය. මොකෝ අපේ රටේ පිස්සෝ සෙට් එකක් පහුගිය දොහක, නිදහස් චතුරස්‍රයේ අමු පිස්සුවක් කෙලියේය. මේ පින්තූරේ ඉන්නේ, ඒ උත්සවයට ආපු පිස්සන්ගෙන් හොඳම සැට් එකය. පිස්සුව කෙලියේ, “දරුවන් පණ මෙන් සුරකිමු” කියලාය. අපේ රටේ පොඩි උන් පවා, මේ වාගෙලාට හොඳටම පිස්සු කියා දන්නවාය. ඔය පිටිපස්සේ පින්තූරවල ඉන්නා පොඩි උන් මුන් දිහා බලාගෙන හිනා වෙන්නේ, මුන්ගේ මේ මඤ්ඤං දැකලාය.

සමහර විට උන් ටිකට වැඩියෙන්ම හිනා යන්න ඇත්තේ, සේයා කේස් එකෙන් හතර අතේ නාගත්තු පොලොස් දෙපාර්තමේන්තුවේ ළොකු සැරුත් ඔතන ඉන්නා නිසා වෙන්නටත් පුළුවන්ය. ඕක ඕගනයිස් කොරලා තිබුනේ ජාතික රූපවාහිනියයි, ජාතික හුලන් විදුලියයිය. මාතලන්ට ඔය පිස්සු විකාරේ ආතල් එක ගන්න හම්බ උනේ ජාතික හුලං විදුලියෙන්ය. සීන් එක ලමුන් ආරක්ෂා කොරන්න වෝක් එකක් යන එකය. දැන් එහෙම ගියාම, රටේ මේ වගේ සීන් ආයේ කවදාවත් වන්නේම නැතිය.

භාතිය ෂන්තුෂ්ලා, චන්න උපුලිලා, ජැකාලා කරපු පිස්සු විකාර හා ගහපු ගැහිලිවල සීන් කෝන් එලියට එන්නේ දැන්ය. මිනිස්සු නිහඬ විප්ලවයක් කොලේ මේ වගේ පිස්සු විකාර නවත්තන්නත් එක්කය. ඒත් මුන් කරන්නේද අර එකාධිපතියා කරපු ජාතියේම පිස්සු විකාරයන්මය. මේ සීයක් දෙසීයක් ඇවිදින වැඩේට හෙලිකොප්ටර් පවා යොදාගෙන තිබුනේය. හුලං විදුලියේ කතා කරපු බූරුවෙක් කිව්වේ, හෙලිකොප්ටර් එනකොට ඒවාට අත් ඔසවා ආචාර කොරන්නෙයි කියලාය. එහෙම අත් උස්සලා ආචාර කරාම ළමුන් සුරැකෙනවාය.

හුලන් විදුලියෙන් කතා කොරාපු සුසන්තිකා කිව්වේ, එයා සිල්වර් මෙඩල් එක ගත්තේ අම්මගෙන් අවුරුදු පහක් මව් කිරි බීපූ නිසාය, ඒ නිසා දරුවන්ට මව් කිරි දෙන්නය. සියළු දරුවන්ට තෙරුවන් සරණයි කියාය. මාතලන් හිතන්නේ ඒ උන්දෑ ඇවිත් උන්නේ මොන රෙද්දකටද කියාවත්, ඒ හාමිනේ දැනගෙන උන්නේ නැතෙයි කියාය. සුසන්තිකා 200 දිව්වාට වඩා වේගෙන් දිව්වේ ඇස් බීයාගෙන් බේරෙන්නය ඒ දුවපු දිවිල්ලට බිව් මව් කිරි ඔක්කෝම කටෙන් එලියට විසි වෙලා මඤ්ඤං කෙලිනවාදැයි කියලා හරියටම කියන්නත් බැරිය. එතකොට සුසන්තිකාට අනුව, අවුරුදු පහක් එක දිගට දරුවාට කිරි දුන්නාම සියළු දොස් දුරුවන අතර, ඊට අමතරව පොලොස් කෑමෙන් ඔලිම්පික් පදක්කමක උනත් ලබා ගන්නට පුළුවන්ය.

ක්‍රිකටර්ස්ලා, ගායකයෝ හා නළු බට්ටෝ ගැන කතා නොකරන්නේ, උන්ගෙන් ළමුන් ආරක්ෂා කොරගන්න කොයි තරම් කට්ටක් කන්නද ඕනා කියනා එක දන්නෝ දනිති නිසාය. උන් ගේම් දෙන්නේ හීන් නූලෙන් වන අතර ළොකු මිස්ටේක් එකක් උනත්, ඒවා දුර දිග යන්නේ නැතිව ජාමා බේරා ගන්න කළාවත් උන් හොඳින් දන්නවාය. ඉතින් මේ ළමුන් පණ මෙන් සුරකිමු කියනා එකට ආවයි කියන සම හරක් උන්ගේ නම් ගම් ඇසුවාම, මාතලන්ට පුකෙනුත් හිනා ගියේය.

ඇත්තටම මේවා මළ විකාරය. මේ පා ගමන් උද්ඝෝෂණ, පෙලපාලි, රථ පෙරහරවල් කියනා ඒවාම ජාතික අපරාදයන්ය. විසේසොයෙන් මේ වාගේ කේස් වලට යන්නේ සිරිසේන ලොක්කාගේ සල්ලිවත්, ගයන්තගේ සල්ලිවත් නොව, අපේම සල්ලි නිසාය. කළ යුත්තේ මේ ආටක නාටක වේපට සුංගම් නොව, මේවන් දෑ මතුවටත් සිඳු නොවනාකරයට නීතී රීති ගෙන ඒම සහ දරුවන්ට දරුවන් ලෙස ජීවත් වන්නට ජාතික ප්‍රතිපත්තීන් සකස් කොරනා එකය.

හුලන් විදුලියේ කතා කරපු උන්ගෙන වැදගත් දෙයක් කීවේ එකම එකෙක් පමණක්මය. ඒ ජෙහාන් මුබාරක්ය. ඌ කිව්වේ දරුවන්ට දරුවන් මෙන් ජීවත් වෙන්න දෙන්න කියලාය. ක්‍රිකට් ප්‍රැක්ටිස් ගෙනත් දරුවන්ට දෙතිස් වද දෙන දෙමාපියන් පිළිබඳව ඌ අපූරු විග්‍රහයක් කලේය.

ලංකාවේ ක්‍රිකට් සංස්කෘතිය කුමක්ද කියාත් දන්නෝ දන්නවාය. ඒ නිසා ඒ ගැන මාතලන් මේ මොහොතේ කතා කොරන්නට යන්නේ නැතිය. නමුදු පෙනෙනා විනාශයක් ගැන නම්, පේලියක් හෝ ලිවිය යුතුමය. එනම් මේ පාලනය යටතේ ලංකාවේ “ක්‍රිකට්” නම් ක්‍රීඩවේ නාමය “රණතුංග” ලෙස වෙනස් වීමට ඇති ඉඩ කඩ නම් නම් බොහෝමැයි කියනා එකය.

සේයා මේ රටේ සියල්ලන්ගේම රෙදි ගැලෙව්වේය. මුලින්ම පොලීසියෙන් පටන් ගෙන, ජඩමාද්දිය, ගොන් රන්ජා, හිරුනිකා හරහා රනිල්ගේ කලිසමද, සිරිසේන ලොක්කාගේ සරමද ඔළුවෙන්ම ගලවලා දැම්මේය. ඒ අයගේ පමණක් නොව සමස්ත ලංකාවෙම උන්ගේ රෙදි ගලවා දැමුවේය. මිනිමරුවෝ සියල්ලම පාරට බැස්සුවේය. මේ රට කොතරම් මිලේඡ්ච ගෝත්‍රික රටක්ද යන බව අපූරුවට ළෝකයාට පෙන්නුවේය.

අද ළමුන් අපචාරයට ලක්කොරන්නේ, වෙනින් කවුරුවත් නොව දෙමව්පියන්මය. අවුරුදු තුනේ එකා මොන්ටිසෝරියට දක්කන්නේය. උන් මේ දවල් වෙනකන් නිදා ගන්නා වයසේ කිරි කැටියෝය. ළොකු ඉස්කෝලයකට දා ගැනීම සඳහා බොරුව, වංචාව සියල්ලම උන්ට උගන්වන්නේ දෙමව්පියන්මය. නිවාඩු දිනයක හෝ නිවාඩු කාළයේ හෝ උන්ට නිවාඩුවක් නැතිය.

එකේ පන්තියේ සිට පහේ සිස්සත්තයට එකම රේස් එකකි. දරුවන්ට මිතුරන් නැත. ඉන්නේ සතුරන් පමණි. අරූට වඩා උඹ ඉස්සරහට එන්න ඕනා කියා පොඩි එකාද බලු රේස් එකකට දමලාය. උන් දරුවෝ නොව, වැඩිහිටියෝය. උන් දෙමව්පියන් සමඟ සිටින්නේ වෛරයකිනි. උන් දෙමව්පියන් වූ විට ඒ වාඩුව ගන්නේ උන්ගේ දරුවන්ගෙනි.

එවන් සමාජයක, දෙමව්පියන්ට නොසැලකීම, බලු කූඩුවල දැමීම, පුදුම උපදවන කාරනා නොවේ. දරුවන්ට වෛර කිරීම, දරුවන්ගෙන් පලි ගැනිම, මහා දේවල් නොවේ. මේවා මග හරවා ගත හැක්කේ ආගම් වලින් යයි සිතාන්නේ නම් එය ඊටත් එහා මුලාවක්මය.

මන්ද, බුද්ධාගම යනු දරුවන් ගැන සිතනා ආගමක් නොවනා නිසාය. එසේ සිතනවානම් අත දරුවන් පැවිදි කිරීමක් සාසනයේ තිබීමට නොහැකිය. තම ලමා කාළය අහිමි වූ මුඩු මහණෙකුගෙන්, සමාජයට යහපතක් කිසිදා බලා පොරොත්තු විය නොහැක. දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත නොකරන්නේ උන් සමාජයට වෛර කරන නිසාමය.

ඉදින් දැන්වත් මේ පිස්සු විකාර නවතා, ළොව මානව අයිතීන් සුරකිනා දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රම අනුව අඩුම තරමේ හත් වන පන්තිය දක්වාවත් තරඟ විභාග නොපවත්වන, ගුණ ධර්ම, සිරිත් විරිත් කියාදෙන අජ්ජාපන් ක්‍රමයකට යා යුතු කාළය පැමිණ ඇත. අප දැනටමත් බොහෝ පරමාදය.

මාතලන්ගේ කතාවකි 

Top