Featured

සෝභිත හිමියන් හදිසියේම අපවත් විම ගැන ප්‍රධාන දායකයාට සැකයක්!

යහපාලනය උදාකිරිම සදහා කැපවි දිවා රෑ නොබලා කටයුතු කල සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම අපවත් විම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ සැකයක් බව සෝභිත හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා වන (නම සදහන් නොකරන) උපාසක මහතා අප විශේෂ වාර්තාකරු සමග අද අනාවරණය කළා.

ඔහු පවසා ඇත්තේ සැප්තැම්බර් 25 වෙනිදා හදවත් සැත්කමකට ලක් වූ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සැත්කම සාර්ථක වී අවසන් වු බවට වෛද්‍යවරුන් සහතික කල අතර ඊට පසුව සාමාන්‍ය රෝගී සත්කාර යටතේ සිටින උන්වහන්සේ දිගින් දිගටම රටේ සිදුවන දේවල් සම්බන්ධයෙන් තොරතුරු විමසමින් සිටි බවත් යහපාලනය රජය ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් නිරන්තරයෙන් කම්පාවට පත්වු බවයි.

තමන්ගේ සැකය තීව්‍ර කිරිමට ප්‍රභලම හේතුව වන්නේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා විසින් සෝභිත හිමියන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රථිකාර ගනිමින් සිටියදි උන්වහන්සෙ කෝමා තත්ත්වයකය පසුවන අවස්ථාවේ සියලුම මාධ්‍ය ආයතන අමතා සෝභිත හිමියන් අපවත්ව ඇති බව පැවසිම නිසා බවද ඔහු අනාවරණය කර තිබේ.

ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කිරිමට කටයුතු නොකිරිම.තමන් විසින් කරන බලපෑම් යහපාලන ආණ්‌ඩුව ගණන් ගන්නා බවක්‌ පෙනෙන්නට නැති බවද,පරාජය වුනු හා දුෂිතයන්ට යලි තනතුරු දැරිමට ජනපති හා අගමැති ඉඩ දිම පිළිබඳව උන්වහන්සේ නිරන්තර කනස්සල්ලෙන් පසුවු බවද ඔහු සදහන් කර තිබේ.

මම අගමැතිතුමාගෙන් ඇයි මෙහෙම යහපාලනයට වෙන්නේ කියා විමසු විට “තමන්ට කරන්න දෙයක් නෑ ජනාධිපතිවරයා තමන් කියන දෙවල නොව වෙනත් දෙවල් කරනා ඒ නිසා මට කරන්න දෙයක් නෑ ” යනුවෙන් පැවසු බවද සෝභිත හිමියන් තමන්ට රෝහලේදී පැවසු බව හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා අනාවරණය කර තිබේ.

කතෘ සටහන 

තමන් වෙනුවෙන් උත්සව නොපවත්වන ලෙසත් තමන් අක්ෂිදාන සංගමයේ ප්‍රධාන අනුශාසක ඒ නිසා තමන්ගේ දේහය එතනට බාර දෙන්න ලෙසත් එක දවසකින් තමන්ගේ අවමංගල්‍යය කටයුතු අවසන් අක්‍රන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියද එම ඉල්ලිම් සියල්ලම යහපාලන බලයට යටවු බව අමෞතුවෙන් කිවයුතු නෑ.

“හාමුදුරු කෙනෙක් අපවත් වුණාම, වැලි කොමිටිය, පොලී කොමිටිය, සැරසිලි කොමිටිය, දාන කොමිටිය, කියලා ලක්ෂ ගාණක් හාමුදුරු කෙනෙක් වෙනුවෙන් වියදම් කරනවා. මට ඒකෙන් ඇති වැඩක් නෑ. මම හරිම ප්‍රියකරන නායක හාමුදුරු කෙනෙක් තමයි රේණුකාලේ නායක හාමුදුරුවෝ. රේණුකානේ හාමුදුරුවන්ගේ ආදාහනයෙන් ඒ හාමුදුරුවන්ට අඩුවක් වුණාද? නායක හාමුදුරුවේ කිව්වේ මම කුණුගොඩක් මැරුණ ගමන් වහාම ඉවත්කරන්න කියලා. මේ මන් නිදාගත්ත ලෑල්ල උඩ තියාගෙන ගිහින් සොහොන උඩින් තියන්න එච්චරයි. මගේ ආදාහනය. ඒවගේ කරන්න ඕන. සතයක්වත් තේරුමක් නැතිව නාස්ති කරන්න හොඳ නෑ. මම උත්සවවලට විරුද්ධයි”-සෝභිත හිමි

Top