Breaking
5 Feb 2025, Wed

සෞඛ්‍ය සේවකයන් අනතුරේ! IDH රෝහලේ හෙද,හෙදියන් එක කාමරයට 4 දෙනයි… ප්‍රවාහන පහසුකම්න් නෑ .. ආරක්ෂිත ඇදුම් නෑ … ආණ්ඩුවේ පම්පෝරිය විතරයි.. වැඩ නෑ…

Published on: Apr 5, 2020- කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය සේවයේ නියුක්ත වි සිටින සේවකයන් අරක්ෂා කර ගැනිම සදහා විධිමත් වැඩපිළිවෙළක් මේ දක්ව ක්‍රියාත්ම කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු රාජපක්ෂ ආණ්ඩුව අසමත් වි සිටින බව අප විශේෂ වාර්තාකරු සමග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සමග කල සාකච්ඡාවේදි අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා දී කරන ලද ඉල්ලීම් පිළිබදව යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්, තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් කර තිබෙන නමුත් තවමත් ආණ්ඩුවට අවස්ථාව ලබා දෙන්නේ රටේ ජනතාව ගැන සිතා බවයි සමන් රත්නප්‍රිය සදහන් කලේ.

කොරෝනා වසංගතය මර්දණය කිරිම සදහා සිය ජිවිත පිළිබඳව පවා නොතකා සටන් කරන සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අවශ්‍යම දෑ ලබාදිමට වත්මන් ආණ්ඩුව ප්‍රමුඛ රජය අසමත් වි ඇති අතර මේ වනවිටත් සිය ජිවිත ආරක්ෂා කරගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරිම සදහා ඇතැම් හෙදියන් ආරක්ෂීත ඇදුම් මැසිම සිදුකරමින් සිටින අතර ඒ සදහා කුණු බහාලන බෑග් භාවිතා කරන බවයි වාර්තා වන්නේ.ඊට අමතරව ඔහුට අවශ්‍ය වන බුට් වැනි සපත්තු මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට මාස්ක් ලබාදිමටද සෞඛ්‍ය බලධාරීන් මේ දක්වා සමත්ව නෑ.

මේ දක්වා සෞඛ්‍ය සේවකයන්ට නිශ්චිත වැඩ මුරයක් සකස් කිරිමට පාලකයන් අසමත් වි ඇති අතර රෝහල් සදහා සේවයට වාර්තාකරන සේවකයින් තවමත් පොලිමෙ පොරකමින් සිටින අතර ඒ හේතුව නිසාම ඔහුන් රෝහලට ඇතුල් විමේදි නිශ්චිත දුරක් පවත්වා ගනිමින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනිමට අසමත් වි තිබේ.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් ප්‍රවාහන පහසුකමදට කොරෝනා සෑදි ඇති බවට හොදම උදාහරණය වන්නේ කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන්ට ලබාදි තිබු බස් රථ සදහා ටිකට් ලබාගනිමින් ගමන් කිරිමට සිදුවිමයි.ඒ සෑම රෝහලකම සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය තරමට ප්‍රවාහන පහසුමක් සපයන ලෙසත් ඒ සදහා වන සියලුම වියදම් අදාල රෝහල විසින් දැරිය යුතු බවට නිර්දේශයක් ලබාදි තිබියදියි.

කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරන IDH රෝහලේ හෙද,හෙදියන් සදහා ලබාදි තිබේන නේවාසික පහසුකම් අතිශය දුර්වල අතර ඉතා කුඩා ප්‍රමාණයේ කාමර අතර එක් කාමරයක හෙදියන් තිදෙනෙකු රැදි සිටිම මොනතරම් අනතුරුදායකද යන්න අමතුවෙන් කියා දියයුතු නැත.ඔහුට භාවිතා කිරිමට ඇත්තේ එක් වැසිකිලියක් විමද තත්ත්වය තවත් භයානක කර තිබේ.

මේ වනවිට කොරෝන මර්දණය සදහා ලෝකයේ දස දෙසින් මෙන්ම දේශීය ප්‍රජාවද ශ්‍රි ලංකා රජයට බිලියන ගණනින් මුදල් පරිත්‍යාග කර අවසන් කර තිබියදි අවම වශයෙන් සෞඛ්‍ය සේවාව සදහ සහන දිමට ආණ්ඩුව අසමත් වි ඇති අතර එම් අසමත්කම් සදහා පිළිතුරු සේවිමට හැකියාව ඇති පාර්ලිමේන්තුවද මේ වනතෙක්ම් වසා දමා තිබේ.එසේනම් කොරෝනා පැරදවිම් සදහා දිවිහිමියෙන් සටන් කරන සෞඛ්‍ය සේවාවේ හෙට දවස කුමක් සිදුවේද?

මේ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියගේ අත්සනින් සෞඛ්‍ය ලේකම්ට ඊයේ ලිපියක් යවමින් මේ බව දන්වා ඇත.

එහි මෙසේ දැක්වේ

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය හා ප්‍රතිකාර සේවා වලින් සියළු හෙදියන් ඉවත් වීමට සිදුවන බව දැනුම් දීමයි.

දිවයින පුරා සියළු සෞඛ්‍ය ආයතන වල සේවය කරන සියළුම හෙද නිලධාරීන් තම ජීවිත අවදානම නොසලකා මහත් පරිත්‍යාගශීලීව තම පවුල් වලට ඇති අවදානමද නොසලකමින් උපරිමයෙන් සේවාව ලබා දෙමින් කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය මර්දනයට හා ප්‍රතිකාර ලබා දීමට ඉමහත් සේවයක් කරන බව ප්‍රකාශ කරමු. එසේ කැපවීමෙන් සේවය කළ ද ඔවුන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී සේවය අවතක්සේරුවට ලක් කර දීමනාද කප්පාදු කිරීම තුල හෙද සේවාව නොසලකා හැර ඔවුන්ගේ ජීවිත අනතුරට ලක් කර ඇති බව මනාව පැහැදිලිය.

එසේම පසුගිය අප්‍රේල් දෙවන දා ප්‍රජා සෞඛ්‍ය සේවා කණ්ඩායම් කීපයකට පමණක් දීමනා ලබා දීම සහ එම චක්‍රලේඛනයෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාව තුල කටයුතු කරන මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් හා මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් කපා හැරීම බරපතල වරදකි. එසේම රෝහල් වල සේවක කරන හෙද නිලධාරීන් ද මෙහි දී සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇත.

1 අප සංගමය මාර්තු 29 දින සෞඛ්‍ය ඇමැතිතුමිය සමග පැවැත්වූ සාකච්ඡාවේ දී ගත් තීරණ ක්‍රියාත්මක කළ යුතුය

2 හෙද නිලධාරීන්ට අවම ජීවිතාරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා දිය යුතුය.

3 ආයතන මගින් ලබා දෙන විශේෂ නිවාඩු රාජකාරී කළා සේ සලකා නිවාඩු අනුමත කළ යුතුය.

4 නවාැතැන් පහසුකම් හා ආහාර පාන සෞඛ්‍යාරක්ෂිතව ලබා දිය යුතුය.

5 අඛණ්ඩව මාසිකව ගෙවූ නමුත් දැන් කප්පාදු කළ දීමනා ලබා දිය යුතුය.

6 සති විවේක දින, රාජකාරි නිවාඩු දින සේවාවන් කප්පාදු නොකොට රාජකාරි සැකසිය යුතුය.

7 ක්ෂේත්‍ර රාජකාරි කරන සේවකයින් සඳහා ලබා දුන් පහසුකම් හෙද සේවාවට ඉතා කඩිනමින් ලබා දිය යුතුය.

ඉහත අතිශය සාධනීය අවශ්‍යතාවයන් ලබන අප්‍රේල් 05 පෙර ලබා නොදෙන්නේ නම් අප්‍රේල් 06 වෙනි සඳුදා සිට දිවයින පුරා රෝහල් හා සියළුම සෞඛ්‍ය ආයතන තුළ හෙද නිලධාරීන් සේවයෙන් ඉවත් වීමට අප සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව කාරුණිකව දැනුම් දෙමු.

Loading…


By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.