Breaking
24 Feb 2025, Mon

හංස රෙජීමයේ දැක්ම (001)

2015 ජනවාරි මස 08 වන දින සිට ශ්‍රී ලංකාවේ මාහානර්ඝ වෙනසක් කළ බවට පාරම්බාන හංස රෙජීමය හෙවත් යහ පාලන පූට්ටුවේ ප්‍රතිපත්තිමය ක්‍රියා පටිපාටිය හෙවත් දැක්ම පිළිබඳව පැහැදිලි නිර්වචන ලබාදීමට හැකියාව ද පැහැදිලිවම අපට ඇත. ඒ සඳහා ප්‍රාෙයා්ගික උදාහරණයන්ද හංස රෙජීමයේ භාවිතාව විසින් සමාජගත කරමින් සිටී.

පසුගිය 29 වන දින, එනම් 2015 ඔක්තෝබර් 29 වන දින අධ්‍යාපනයේ මූලික අයිතින් ඉල්ලා වීදි බට සිසුන්ට යහ පාලන රෙජීමයේ පොලීසිය විසින් එල්ල කළ තිරිසන් ප්‍රහාරය කිසිඳු වාදයකින් තොරව හෙළා දැකීමට යහ පාලනය වෙනුවෙන් රෙදි නැතිව කඩේ ගිය උන්ටද සිදුව තිබීම එම ප්‍රහාරයේ ඇති තුච්ඡ බව ලොවට දෙන සරල පණිවුඩයයි.

එසේ වුවද, යහ පාලනයේ සුක්කානම දරන්නෝ විවිධ ප්‍රකාශ කරමින් මෙම ප්‍රහාරයේ බර හෑල්ලු කරමින් සිටී. හංස රෙජීමය විසින්, තම පාලනයේ මුල් අදියරේදීම 1970 දශකයේ අග භායේ වූ අභාග්‍යයට රට කැන්දා ගෙන යාම පිළිබඳව රට ඇතිවෙමින් පවත්නා කුකුස වසන් කිරීම උදෙසා අතුරු මාතෘකා කරළියට ගෙන ඒමට තැටමුවද ඒවාද පුස්සක් බවට පත්ව ඇත.
තම වැරදි වසා ගැනීමට දැන් දැන් අතුරු මාතෘකා නිර්මාණය කිරීමට ආයාචනා කිරීමට තරම් හංස රෙජීමය අසරණ වී සිටී.

කොළඹ දී හංස රෙජීමයේ පොලීසිය විසින් HNDA සිසුන්ට එල්ල කළ තිරිසන් ප්‍රහාරයේ මඩ සෝදා ගැනීමට දෝ, පොලීසිය බණ්ඩාරවෙල දී අපූරු සත්ත්ව කරුණාවෙන් කටයුතු කරනු දක්නට ලදී. මේ එහි රූප පෙළකි. මෙම රූප රාමු වැඩි වශයෙන් උළුප්පා දක්වන්නේ ද හංස රෙජීමයේ දේදුනු චණ්ඩියාගේ භූමිකාවට පන පොවන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ පුවත් පත වන ලංකාදීපය ප්‍රකාශනයි. අපි ඔවුන්ගෙන්ම උපුටා ගත් ඡායා මේ සටහනට එක් කරන්නේ අප විසින්ම ගත් සේයා රූවලට වඩා ඔවුන්ගේම සේයා රූ යොදා ගැනීම පහසු හා සුදුසු නිසාවෙනි.

අහමු – දකිමු – සිතමු – …!
හංස රෙජීමයේ දැක්ම තේරුම් ගනිමු…!!
– ජනිත් විපුලගුණ –
2015 නොවැම්බර් 02

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.