Featured

හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය තහනම්

පුරා වසර 77 ක් ආයු වළඳා අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරන්‍ධර නාඋයනේ අරියධම්ම නාහිමිපාණන්ගේ වියෝව ලාංකීය සංඝ ශාසනය සහ සමස්ත බෞද්ධ ජනතාව කම්පාවට පත්ව සිටියදි සංඝ පිතෘවහන්සේගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිම යහපාලනආණ්ඩුව ප්‍රතිකේෂ්ප කර තිබේ.

ලබන 12 වැනිදා නා උයනේ අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රයේ සිදු කිරිමට අදාලව විහාරස්ථ දායක සභාව සියලුම කටයුතු යොදවා තිබියදි හජ්ජි උත්සවයට බාධාවක් යැයි පවසමින් ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිය නොහැකි බව යහපාලන ආණ්ඩුව දැනුම් දි තිබේ.

පසුව මේම තින්දුව සම්බන්ධයෙන් සංවිධායක කමිටුව කල විමසිමකදි බලධාරීන් පවසා ඇත්තේ ලබන 12 වැනිදා හජ්ජි උත්සවය පැවැත්වෙන බැවින් කොළඹ නගරය තුල මුස්ලිම් ජනතාවට අවහිරයකින් තොරව සිය උත්සව අවස්ථා සැමරිම් සදහා ඉඩ ලබාදිය යුතු බැවින් ආදාහන පූජෝත්සවයට නිදහස් චතුරශ්‍රය ලබාදිය නොහැකි බවයි.

බෙදුම්වාදී ජනපති අගමැති ඇතුළු යස පාලකයිනි සිංහල බෞද්ධයන් සුළු ජනවර්ග ඉදිරියේ මේ තරම් නිවට කිරිම් තවදුරටත් ඉවසිය යුතුද?

Top