Featured

හම්බන්තොට චිනයට දිමෙන් ඉන්දියාව ගිනී ගනී -රනිල් රහසේම මෝදි හමුවෙන්න යයි

හම්බන්තොට වාරාය චින සමාගමකට පවරා දිමත් සංවර්ධන ව්‍යාපෘති සඳහා හම්බන්තොට ඉඩම් අක්කර 15,000 ක පමණ ඉඩම් චින රජයට පවරාදිම හේතුවෙන් ඉන්දීය රජය සහ යහපාලන ආණ්ඩුව අතර හටගෙන තිබේන සීතල යුද්ධය සමනය කිරිම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ රහස් සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැත්විමට නියමිත බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් අනාවරණය කළා.

ඉන්දියාවේ සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද (21) දහවල් 1.55 ට පමණ චෙන්නායි බලා පිටව ගිය අතර රටේ ජනතාව ගොනාට අන්දවමින් අගමැතිවරයාගේ මාධ්‍ය එකකය සදහන් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විශේෂ ආගමික වැඩසටහන් කිහිපයකට සම්බන්ධ විම සදහා ඉන්දියාව බලාගිය බවයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් සමග ඉන්දීය ආණ්ඩුව ඇතිකරගෙන තිබේන එකඟතාවයන් චිනය සමග ආණ්ඩුව ඇතිකරගත් හදිසී එකඟතාවයන් හේතුවෙන් බිඳවැටීමට ලක්ව ඇති බව ඉන්දිය රජයේ අදහස වි ඇති බව පසුගිය සඳුදා ඉන්දිය අගමැතිවරයා ඉන්දිය මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් විමසිමට තමන් කටයුතු කර ඇති බවද එහිදි අනාවරණය කර තිබේ.

කෙසේවෙතත් මෙම හමුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරිමට දෙපාර්ශවයම කැමැත්ත පලකර තිබේන බවද අප වාර්තාකරිණිය අනාවරණය කල අතර දෙදෙනා අතර හමුව කිසිදු පාර්ශවයකට විවෘත කර නොමැති බවද අනාවරණය කළා.

Top