LNN SPY

හම්බන්තොට ඡන්ද වැඩට සජිත්ගේ අධිකාරියේ සේවකයන්?.. නිවාස අධිකාරිය තුළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍යත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අලුතෙන් සේවකයන් බඳවා ගනිමින් සිටින බවට ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය චෝදනා කරයි.මෙම බඳවා ගැනීම් සිදුකරන්නේ පුහුණුව ලබාදෙන මුවාවෙන් වන අතර, පුහුණු කාලය මාස 06කි. පෙර දාතමින් මෙම පත්වීම් නිකුත් කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන) ලලිත් එදිරිසිංහ මහතාගේ අත්සනෙනි.

මෙම පිරිසට දිනකට රුපියල් 500/-කක දීමනාවක් ගෙවනු ලබන අතර, ඔවුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගන්නා බව වාර්තාවී ඇති බව එහි ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මේ අතර නිවාස සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවකයන්ට වඩා තුන් ගුණයක් පුහුණු සේවකයන් සිටින අතර නිවාස අධිකාරිය මේ නිසා දැඩි මුළ්‍ය අර්බුදයකටද ලක්ව ඇත.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තම පුද්ගලික දේපලක් සේ සලකා තම දේශපාලන බලය භාවිතා කරමින් පුහුණු සේවකයන් 3500කට වැඩි පිරිසක් බලහත්කාරයෙන් නිවාස අධිකාරිය වෙත යොමුකර ඇති අතර උපාධි පුහුණු ලාභීන්ට රු 1000ක්ද උපාධි නොවන අයට රුපියල් 500ක් ද ගෙවනු ලබයි.

නිවාස අධිකාරියේ ස්ථිර සේවකයන් පවසන්නේ සංවර්ධනය සදහා යොදා ගත හැකි විශාල මුදලක් රජයට මෙමගින් පාඩු කර ඇති බවයි. පසුගිය රජයේ හොරකම් දූෂණ වංචා ගැන කතාකරමින් සජිත් ප්‍රේමදාස මහතාද කරන්නේ රජයේ මුදල් අවභාවිතා කිරීම භවයි නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසන්නේ.

එමෙන්ම නිවාස ඇමති සජිත් නිවාස අධිකාරියේ පුහුණුව සදහා යොමුකර හම්බන්තොට තරුණ පිරිස් පසුගිය දිනක නිවාස සංවර්ධන අධිකාරිය භූමිය තුළ 20කට වැඩි පිරිසක් ගංජා සහ මත්ද්‍රව්‍ය භාවිතා කරද්දී අධිකාරියේ සභාපතිතුමාගේ අතටම අසුවී අති අතර ඔවුන්ට දඩුවම් නොදී සභාපතිවරයා අවවාද කර මුදා හැර ඇත. අදාළ සභාපතිවරයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හිතවතෙකු වන අතර අධිකාරියේ සිදුවන දූෂණ වංචා සහ මත්ද්‍රව්‍ය භාවිතය ගැන ඔහු තොරතුරු වසංකරමින් සිටී.

තවද මෙසේ පුහුණුව සදහා යොමු කර ඇති සමහර පිරිස් නිවාස අධිකාරියේ ස්ථිර සේවකයන් පවරන කිසිදු වැඩක් නොකරන අතර උදේ 8ට පැමිණ සවස 04 වන තුරුත් කරන්නේ කල්ලි ගැසී ඕප දූප කතාබස් කිරීම පමණී. අධිකාරියේ ස්ථිර සේවකයෙක් වැඩක් පැවරුවොත් කර දෙන ලෙස කියා ඔවුන් එම වැඩ පැහැර හරින අතර පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කරොත් සජිත් ඇමතිවරයාට SMS මාර්ගයෙන් තමන්ට බැණ වැදුණු බව ප්‍රකාශ කරයි. ඉන් පසුව ඇමති අදාළ නිළධාරිය සම්බන්ධකරගෙන බැණ වැදී ඇති අවස්ථා අපමණ බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පවසන්නේ.

එමෙන්ම පුහුණුව සදහා භදවා ගත් පිරිසගෙන් සියයට 99ක්ම සිටින්නේ හම්බන්තොට පිරිස් වන අතර. නිවාස අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කාර්යාලයේ සේවකයින් පිරී පැවතීම නිසා රාජකාරි කටයුතු කිරීමද අපහසු වී ඇත. සේවකයන් ප්‍රමාණයට සරිලන ලෙස මේස පුටු නොමැති කමින් සංගීත පුටු තරගය මෙන් එක්කෙනෙක් නැගිට ගිය පසු තවත් කෙනෙකුට වාඩි වීමට බලා සිටිය යුතුයි. හම්බන්තොට නිවාස අධිකාරිය තුළ ඇති වී ඇති මෙම තදබදය අඩු කිරීම සදහා රජයේ විශාල මුදලක් වැය කරමින් නිවාස අධිකාරිය පිහිටි භූමියට අල්ලපු ඉඩමේ ඇති ගොඩ නැගිල්ලක්ද බදු පදනම මත පසුගිය දිනක අරගෙන එහි පුහුණු ලාභින් රදවා ඇති බවත් වාර්තා වේ.

මේ අතර පසුගිය දවස සජිත් ප්‍රේමදාස මහතාගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඉංජිනේරු සස්ථාවේ වාහනයක්ද මැතිවරණ වැඩ කටයුතු සදහා යොදවා තිබියදී පසුගියදා මැතිවරණ කාර්යාලයක් අසල තිබියදී හමුවිය. මේ පිළිබදවද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති නමුත් නීතිය තවමත් ක්‍රියාත්මකව නැත.

Top